IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වසර 24කට පසු මුස්ලිම් මිනී වළක් ගොඩ ගනී?

1990 දී කාත්තන්කුඩියේ මුස්ලිම් වැසියන් සිය දෙනකු පමණ කොටි ත්‍රස්තවාදීන් විසින් මරා දැමුණු බවට පසුගිය අප්‍රේල් මාසයේ ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මරා දැමුණු මුස්ලිම් වැසියන් සිය දෙනාගේ සිරුරු කුරුක්කල්මඩම් මුහුදු වෙරළ ආසන්නයේ වළ දමා ඇතැයි ද කාත්තන්කුඩියේ අබ්දුල් මජිඩ් මොහොමඩ් මහතාගේ පැමිණිල්ලේ සඳහන්ය.

කලවංචිකුඩි අධිකරණ නියෝගයකට අනුව ජූලි පළමු වැනි දා සමූහ මිනීවලේ කැනීම් ඇරැඹීමට නියමිතය.



අදහස් (0)

වසර 24කට පසු මුස්ලිම් මිනී වළක් ගොඩ ගනී?

සුපුන් Wednesday, 25 June 2014 08:23 AM

මේ රට සිංහල මුස්ලිම් දෙමළ සියළු ජාතීන්ට පොදුයි හමුදාවේ මුස්ලිම් අම්මලාගේ දරුවොත් හිටියා. ඕවත් මතක තියාගන්න.(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 25 June 2014 08:48 AM

සුපුන්, ඔබ හරි, මට හිතාගන්ට බැරි ඇයි තවමත් සමහර උදවිය ජාති, ආගම්, වශයෙන් බෙදිලා කුලල් කා ගන්නේ කියලා. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. මේ රට හැරෙන්ට අපිට වෙන රටක් නැහැ. අපි ඔක්කොම සමගියෙන් ඉමු කියල හිතන්ට බැරි ඇයි කියන එකයි. (නදී)

:       0       0

ෂෙරින් Wednesday, 25 June 2014 09:22 AM

නිශාර්ඩ් ඔයා හරි .. මේ හැමදේටම පිටිපස්සෙන් ඉන්නේ පටු දේශපාලන වාසි...(ස)

:       0       0

රිකාස් Wednesday, 25 June 2014 09:22 AM

තවම අපි අතර තියෙන්නේ බොළඳ මානසිකත්වයක්. එ්කයි අපි තවම තුන්වන ලෝකයේ රටක් වෙලා ඉන්නේ. (ස)

:       0       0

අනුර ලියනගේ Tuesday, 24 June 2014 12:56 PM

දැන් කළු කොඩි දායිද ? (නදී)

:       0       0

චානක. Tuesday, 24 June 2014 09:25 PM

මෙහි ප්‍රතිපලය මානව හිමිකම් කඩකරනවා කියන පැත්ත තවත් බර වෙන එකයි. (ස)

:       0       0

නිසාම්දීන් Wednesday, 25 June 2014 11:20 AM

මුස්ලිම් අය කතා කරන්නේ දෙමල භාෂාව. හැබැයි ඒ මිනිස්සු කවදාවත් කොටිත් එක්ක එකතු උනේ නැහැ. කොටින්ට රට පාවා දුන්නේ නැති නිසා තමයි නැගෙනහිර පල්ලියක සියගණන් මුස්ලිම් අය මරල දැම්මේ. තව, උතුරේ හිටපු සියලු මුස්ලිම් අය පැය 24ක් ඇතුලත යන්න කියලා එලව ගත්ත. ඔබට මතකද මන්දා හමුදාවේ මුස්ලිම් අම්මලාගේ දරුවොත් හිටියා. මෙහි ප්‍රතිපලය අලූත්ගම මුස්ලිම් අයට දිලා. (ස)

:       0       0

මලිංක Tuesday, 24 June 2014 01:15 PM

දැන් මරල වලලපුවා ගොඩ ගන්නේ රටේ කරන්න වැඩ නැතුවද ? අමුතු නාඩ ගමක් නටන්නේ. ඕවට වග කියන්නේ කරුණාද, කේ.පී ද, ආණ්ඩුවද? මිනිස්සු රවට්ටන්න එපා. දැන්වත් පොලවේ පය ගහල ඇත්තට මුණ දෙන්න (නදී)

:       0       0

ඩයස් වික්‍රමසිංහ Tuesday, 24 June 2014 01:17 PM

දැන් අවුස්සන්නේ පන දෙන්නද? (නදී)

:       0       0

කරු කන්ඩම්බි Tuesday, 24 June 2014 01:18 PM

දැන් තියෙන කැක්කුම ඒ දවස්වල නොතිබුනේ ඇයි? (නදී)

:       0       0

රනා Tuesday, 24 June 2014 01:20 PM

දැන් මේකටත් කොමිසමක් පත්කරන්නේ නැද්ද? 100 දෙනාත් ඉවරයි කොටිත් ඉවරයි මොකටද දැන් මේක හාරන්නේ? මල මිනිසුන් ගැන පරීක්ෂණ නොකර මේ ලඟදි මිනිසුන් මරපු අය ගැන විදිමත් පරීක්ෂණයක් පැවැත්වීම කාලෝචිත වනු ඇත (නදී)

:       0       0

සමීර ගමගේ Tuesday, 24 June 2014 01:23 PM

මුස්ලිම් අය කතා කරන්නේ දෙමල භාෂාව හැබැයි ඒ මිනිස්සු කවදාවත් කොටිත් එක්ක එකතු උනේ නැහැ. කොටින්ට රට පාවා දුන්නේ නැති නිසා තමයි නැගෙනහිර පල්ලියක සියගණන් මුස්ලිම් අය මරල දැම්මේ (නදී) තව, උතරේ හිටපු සියලු මුස්ලිම් අය පැය 24ක් ඇතුලත යන්න කියලා එලව ගත්ත

:       0       0

නිසාර් Tuesday, 24 June 2014 01:44 PM

ඔක්කොම අපිට තමා ගහන්නේ. (ස)

:       0       0

වසුන්දරා Tuesday, 24 June 2014 02:39 PM

මීට අවරුදු කීපයකට කලින් ඔය වගේම සුරියකන්දේ මිනිවලවල් ගොඩගත්තා. විසඳුම් නැහැ. තාවකාලික ආන්දෝලනයක් ඇති කළ එක විතරයි (නදී)

:       0       0

අනුර Wednesday, 25 June 2014 12:51 AM

ඉවසීමෙන් බලා සිටිමුකෝ, වෙන්නේ මොනවාද කියලා (නි)

:       0       0

සංදීපා Wednesday, 25 June 2014 01:17 AM

මෙයින් ඉදිරියට මොන වගේ ප්‍රශ්න ඇති වුණත් අපි සැමදා සමගියෙන් සිටිමු. පෙර දිනවල ඇතිවුණ දේවල් මතක් කරනකොටත් බය හිතෙනවා (නි)

:       0       0

යසිරු Wednesday, 25 June 2014 02:19 AM

ආන්දෝලනාත්මක ආරංචියක් (නි)

:       0       0

සරෝජා Wednesday, 25 June 2014 03:46 AM

මේ විදියට හදිසියේම මෙහෙම දෙයක් සොයන්නේ ඇයි? (නි)

:       0       0

මාරසිංහ Tuesday, 24 June 2014 03:35 PM

දැන් බලමුකො අපි හකීම්ල බදුරදීන්ල මොනවද ජත්‍යන්තරයට කියන්නෙ කියලා.(නදී)

:       0       0

චම්පික Wednesday, 25 June 2014 05:17 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

රාජා - ලන්ඩන් Tuesday, 24 June 2014 04:14 PM

එහෙම කාලයක් එහෙම දෙයක් සිදුවුණා කියල මුස්ලිම් මිනිස්සුන්ට මතකද මන්දා? සිංහල අම්මලාගේ දරුවෝ කොටින්ගෙන් මේ අයව බේරගත්ත කියලා, (ස)

:       0       0

බන්දුල Tuesday, 24 June 2014 04:23 PM

මොකද අවුරුදු විසි හතරකට පස්සේ වුනේ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site