ගිය රජය කාලයේදී මරා දැමුණු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් වෙනුවෙන් යුක්තිය ඉටුකර දෙන ලෙසත් හිටපු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලමින් වාසීන් තාජුඩීන්ගේ ඥාතීහූ පිරිසක් කොළඹ මහාධිකරණය ඉදිරිපිටදී අද (07) නිහඬ විරෝධතාවයක නිරත වූහ.
මෙම ඝාතන නඩුව මහාධිකරණයේ අංක 05 අධිකරණය විභාගයට ගැනිණි.
වසීම්ගේ සොහොයුරිය, ඥාතීන් ඇතුළු හිතවතුන් 50කට අධික පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඉන්න ඊළඟ ඡන්දය එනතුරු. (නි)
රටේම ධනස්කන්දය ගසාකාපු හොරු ඔක්කොම නිදහස් වෙනවා. එදා වේල කන්න නැතුව පාර අයිනේ හිටවපු බතල අල ගලවාගෙන කාපු, අල්ලපු වත්තේ කොස් ගෙඩිය කඩාගෙන කාපු අය බරපතල වැඩ ඇතුව හිරේ වැටෙනවා. රාජපක්ෂලා ගසාකාපුවා පියවාගන්න අසරණ මිනිසුන්ටම බදු/දඩ ගහනවා. (නි)
රටේ දුෂිතයන්ට, මිනීමරුවන්ට කිසිම දෙයක් වෙන්නේ නැහැ. කිසිම දෙයක් කරන්නත් බැහැ. මේ යන විදිහට මොනවට පැහැදිලි කරනවද? (නි)
මෙම මිනීමරුවන්ට අච්චු කරන තෙක් මහජනයා බලාගෙන ඉන්නවා. (අ)
ඩීල් ගහන තාක්කල්, ඔය වගේ අසාධාරණ වලට සාධාරණයක් වෙන්නේ නැහැ. මොකද මේකට සම්බන්ධවෙලා තියෙන්නේ ප්‍රභූන් කියලයි මාධ්‍ය වාර්තා කළේ. කවුරු හෝ වේවා, මේ වගේ අපරාධ කරපු අයට මැරෙන්න කලින් විඳින්න වෙන එක කාටවත් නවත්තන්න බැහැ. (නි)
අනේ මමත් ළඟක හිටියනම් එනවා. ලක් මෑණියගේ දරුවන්ට සාධාරණය ඉෂ්ට කරන්න. (ම)
මගේ අම්මෝ මෙච්චර ඥාතීන් ඉන්නවද වැඩිකල් නොගොස් සිංහල ජාතිය පරදිනවා. (ම)
ලංකා ශ්‍රී, ඔබ හරි. (නි)
ඉවසලා ඉන්න. ඊළඟ ඡන්දෙටත් ඕක තියාගන්න එපායැ වේදිකා වල මොර දෙන්න (නි)
මමත් සහභාගි වෙනවා ළඟක හිටියා නම්. මේ අසාධාරණ රජය පිළිබඳ අපගේ විශ්වාසය පලුදුවෙලා (නි)
ඡන්දයක් කිට්ටු වෙලා උද්ඝෝෂණය කරන්න. එතකොට තව මාධ්‍ය සංදර්ශනයක් බලාගත හැක. යමපාලනය සහ යහපාලනය අතර වැඩි වෙනසක් නැත. රඟපාන නළුවෝ වෙනස් වුණාට පිටපත එකය (නි)
පිට ජාතිකයෙක් වුණත් මේ අපේ රටේ හිටපු අහිංසක දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ මනුස්සයට සාධාරණයක් ඉටුවිය යුතුයි. මෙවැනි සාහසික ක්‍රියාවක් සිදුවුණා නම් කාගේ පිහිටක්ද අපිට? (නි)