මධ්‍යම අධිවේගී මාර්ගය සැදීමේදී ඇති ගැටළු සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ අද පැවති සාකච්ඡාවේදී ප්‍රමාණවත් විසඳුම් නොලැබුණු බව කියමින් පිරිසක් ඇමැති ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ මෝටර් රථයට යෑමට නොහැනි වන සේ විරෝධතාවයක් පැවැත්වූහ.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී කඩවත සිට මීරිගම දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට අයත් ප්‍රදේශයන්හි දේපොළ අහිමිවන ජනතාවට මෙතෙක් ප්‍රමාණවත් වන්දි නොලැබුණු බව උද්ඝෝෂකයෝ කීහ.
පොලිස් නිලධාරීන් මැදිහත්වී උද්ඝෝෂකයන් මාර්ගයෙන් ඉවත් කිරීමෙන් පසු ඇමැතිවරයා පිටවී ගියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේශපාලකයන් සමඟ කේන්ති ගන්න මේ මිනිසුන්ට පිස්සුද? (නි)
මට නම් හිතෙන්නේ “ඕනෑම කෙනෙකුට විරෝධතා කළහැකියි" (නි)
එක්කෙනෙක් එක් කලෙක කිව්වා දැන් විනිසුරුවරුන්ගේ ගෙවල්වලට ගල් ගැසීමට තරම් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණුයි කියලා. දැන් මෙතුමා කියාවි දැන් ගරු ඇමතිවරයාගේ ගමන්මග අහුරන්නට තරම් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණුයි කියලා. (නි)
මිනිස්සු හිතන්න ඕනෑ තමන් ගැන විතරක් නොවෙයි. හැමෝම මෙහෙම හිතුවොත් අලුතෙන් පාරක් හදන්නේ කොහොමද? (නි)
රෝහණ, ඔය ඉන්න බොහෝ මිනිස්සු පොඩි ඉඩම් කෑලි තියන අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු ඉල්ලන්නේ තමන්ගෙන් ලබාගන්න ඉඩමට සාධාරණයක් කරන්න කියලා. නිකන් දෙන්න මේ මිනිස්සු වෙස්සන්තරලා නොවේනේ. ඔච්චර දුක නම් ඔයාට පුළුවන්නේ ඔයාගේ ඉඩමේ නිවාස නැති පවුල් 7-8ක් පදිංචි කරගන්න (නි)
මේවාගේ දේවල් වලට උධ්ඝෝෂණ කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි (ම)