(සිතුම් චතුරංග)
මේ ආණ්ඩුව යටතේ ද ජනතාවගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා දෙවියන්ට කන්නලව් කිරීමට සිදුව ඇතැයි විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා පවසයි.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළත් අතුරුදන්වූවන් වෙනුවෙන් සාධාරණ විසඳුමක් ලබාගැනීමට හැකිවි නැතැයි ද ඒ මහතා පවසයි.
අතුරුදන්වූවන්ගේ ගැටලුව ඇතුඵ උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබාගැනීමේදී රජයට අවශ්‍ය කාලය ලබාදිය යුතු බවත් එසේ නොකළහොත් රජය ජනතාවගේ ගැටලු නොසලකා හැරීමේ තත්ත්වයකට පත්වනු ඇති බවත් ඒ මහතා කියයි.
“මේ පිළිබඳ ඉදිරියේදී දැඩිව කතාකර විසඳුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා.අතුරුදන්වූන්ගේ ප්රශ්නයේදී ස්ථීර විසදුම් ලබාගැනීම ගැටලුකාරී ක්‍රියාවලියක් වුවත් සාධාරණ පරීක්ෂණයක් පවත්වා අතුරුදන්වූවන්ට සිදුවූයේ කුමක්ද කියා අනිවාර්යයෙන් සොයාබැලිය යුතුයි. එය ඉටුකරන තෙක් අපි දැඩි තීරණයක ඉන්නවා.මේ රජය යටතේ ඇතැම් ගැටලු විසඳීමට උත්සහ කරන බව පෙනීයනවා. සමහර ගැටලු විසඳී ඇති අයුරු ගැන සැහීමකට පත්විය හැකියි.“යැයි ද විපක්ෂනායකවරයා ප්‍රකාශ කරයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසූයේ අතුරුදන්වූන් සොයාදෙන ලෙස ඉල්ලමින් කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහයක් කරන අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.එම සත්‍යග්‍රහය දින 143 ක් තිස්සේ පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුරුදහන් වූ අය ගැන අහන්න ඕන ප්‍රභාකරන්ගෙන්... එයා තමයි ද්‍රවිඩ තරුණයන්ව බලහත් කාරයෙන් අරන්ගියේ කොටි සංවිධානයට බඳවාගන්න. දැන් රජයට වගකියන්න කියනවා. රජය ඇයි මේවට පිළිතුරු දෙන්නේ නැත්තේ?
මේ සිද්ධිය ගැන හරියට දැනගෙන කමෙන්ට් දාන්න. මේ කප්පම් ගන්න පැහර ගත්ත අය ගැනත් දැනගන්න ඕනේ...
මේ ඔක්කොම ඡන්ද බලාපොරොත්තුවෙන් කරන වැඩ , දැන්ම පටන් ගත්තා වගේ මාර්කටින් එක . කොළඹ තවම පටන් ගත්තේ නැහැ , තව ඉස්සරහට තියෙනවා හොඳ හොඳ නිර්මාණ .
මෙයාල හිතන් ඉන්නේ උන්ම පටන් ගත්ත යුද්ධයෙන් මැරුනෙ හා අතුරුදන් උනේ දෙමලු විතරයි කියල. තමන්ගේ දේශපාලනේ බෙිර ගන්න යාපනේ ගිහින් මිනිස්සු බදාගෙන ඉන්නවා. තුක් නොදකින්
තිස් වසරක යුද්ධය තිබුණ කාලෙ ඒ ප්‍රදේශවල යුද්ධ කරපු හමුදාදුවන්, ත්රස්තවාදීන්, අතරමැදියන් වූ නිරායුධ වැසියන් අතුරුදහන් වෙන්න ඇති. ඒක නොවැළැක්විය හැකි දෙයක්. දැන් කළ හැක්කේ අතුරුදහන් වූවන් නිසා පීඩාවට පත් යැපෙන්නන් සිටී නම් ඒ අයට සාධාරණ වන්දියක් හා අහිමි වූ ඉඳුම් හිටුම් ලබා දීමයි. ඒකට ඔවුන් ඉදිරිපත් විය යුතුයි. නමුත් මෙයාලා ඒ ප්රශ්නය කරේ තියාගෙන යන්න හදන්නෙ වෙන ගමනක්. කොහොම වුණත් මේ ප්රශ්නය සමථ වෙනකම් රටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වැළැක්විය යුතුයි. තවද විධායක ජනපති ක්‍රමය ද මෙයාකාරයටම පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි.