
(ඩී. එම්. විතානගේ )
අධිකරණයේ පෙනි නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ එම වරෙන්තුව ආපසු කැඳවු මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය සැකකාර වසන්ත මුදලිගේ පෙර ඇප මත මුදා හැරීමට නියෝග කළාය.
මේ සිද්ධියට අදාළව නීතීඥ නුවන් බෝපගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් මගින් සැකකාර වසන්ත මුදලිගේ අධිකරණයට භාරවීමෙන් පසු මේ නියෝගය නිකුත් විණි.
රක්ෂිත බන්ධනාගාරයේ සිටි කැලණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්රීයාකාරිහු දෙදෙනකු නිදහස් කරන ලෙසට ඉල්ලා 2023 වසරේ රාත්‍රීයක එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම , කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය අවහිර කිරීම , අයුතු ජනරාශියක සාමාජිකයින්වීම , රජයට එරෙහිව කැරලි ගැසීම හා පොලිස් රාජකාරීයට බාධා කිරීම යන චෝදනා මත වසන්ත මුදලිගේ ඇතුළු සිසුන් නව දෙනකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත මුදා හැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd