IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වසන්තයේ හිමවරුසා

පෙර කිසි කාලයක නොසිදුවූ අන්දමට මේ වසරේ වසන්ත සමය එංගලන්තයට උදාවුයේ දැවැන්ත හිම වරුසාවක් සමඟය. 

සතියක් තිස්සේ මුළු එංගලන්තයම අසාමාන්‍ය සීතල දේශගුණයකින් ඇලලී ගියේය.

මේ නිසා හිම පතනයෙන් සහ ජලගැල්මෙන් මුළුරටම වෙලී ගොස් ඇත. රට පුරාම ධෛනික වැඩකටයුතු මුළුමනින්ම අඩාළ වී ඇත. 

පාසල් බොහොමයක් දින නියමයක් නොමැතිව වසා දමා ඇත. දුම්රිය සහ බස්රථ ප්‍රවාහන සේවා බොහෝදුරට අඩපනවී ඇත. 

ගුවන් තොටුපළවල් බොහොමයක ගුවන් ගමන් බිඳවැටී ඇත.

මේ දින දෙක තුන ඇතුලත කාලගුණ කාර්යාංශය ජලගැලීමේ තර්ජන100ක් පිළිබඳව මහජනයා දැනුවත් කර ඇත.

අධික සීතල සමඟ හමායන චණ්ඩ මාරුතයන්ගෙන් සහ ධාරානිපාත වර්ෂාවෙන්ද බොහෝ පලාත්වල සාමාන්‍ය ජන ජීවිත අඩාලවී ඇත.

මේ සතිය ඇතුලත සීතල දේශගුණයේ වර්ධනයක් ඇතිවිය හැකිනිසා ප්‍රවාහන සේවාවන්ගේ සහ බලශක්ති සේවා සැපයුම්වල දැඩි අවහිරතා සිදුවිය හැකිබවට දැනටමත් අනතුරු හඟවා ඇත.

එංගලන්තයේ ගෘහස්ථ බලශක්තිය වන ගෑස් වායුවේ සැපයුම් තොග ප්‍රමාණය දින දෙකතුනකට අවශ්‍ය ප්‍රමාණය දක්වා පහතවැටී ඇති බවද වාර්තා වී ඇත.

අවුරුදු පනහකට මාර්තු මාසයේ මෙතරම් සීතල දේශගුණයක් පැවතුනේ නැති බවටද වාර්තාවී ඇත.

ඊයේ කොන්වෝල් ප්‍රදේශයට ඇදහැළුන අධික වර්ෂාව නිසා නායයෑමකට අසුවූ නිවසක සිටි කාන්තාවක් මියගිය අතර විදුලි කම්බි කඩාවැටීම නිසා අයර්ලන්තයේ නිවාස 44,000කද ස්කොට්ලන්තයේ නිවාස 30,000 ක විදුලිය විසන්ධිවී තිබුණි. රටපුරාමවිහිදී ඇති අධිවේගී මහා මාර්ග පද්ධතිය මුළුමනින්ම හිමෙන් වැසී ඇති අතර වාහනපදවන්නන් හට පරෙස්සම් වනලෙසට අනතුරු හැඟවීම් නිකුත් කර ඇත.

සීතල දේශගුණය හේතුවෙන් මෙවැනි අකරතැබ්බයක් දන්නා කාලයක සිදුනොවුන බව බොහෝදෙනා කියති.



අදහස් (0)

වසන්තයේ හිමවරුසා

ශාන්ත Sunday, 24 March 2013 09:56 PM

ලස්සනයි බලන්න (දී)

:       0       0

ලහිරු Monday, 25 March 2013 04:59 PM

මට යන්න හිතෙනවා මේක දක්කාම් (දී)

:       0       0

බණ්ඩා Sunday, 24 March 2013 10:34 PM

නිශාන්ත, කලබල වෙන්න එපා. මේකත් අර ලංකාවේ වැස්ස වගේමයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 25 March 2013 08:05 AM

ලංකාවෙන් එංගලන්තෙට ගිය අපේ සහෝදරයොත් එහේ ඉන්නවා කියලා ඔය හැම දෙනෙක්ම හිතාගන්න ඕනේ. එයාලට කරදරයක් වෙන්න හොද නැහැ.(නදී)

:       0       0

කේ. හේමසර හිමි Sunday, 24 March 2013 05:46 PM

ඔහොම තමයි ලෝකෙට ඇතිවෙන ස්වභාවික විපත් වල හැටි. මතකද 2004 අවුරුද්ද.(නදී)

:       0       0

නෙත් Sunday, 24 March 2013 06:24 PM

හැබැයි ලංඩන්වලට එච්චර නැහැ.(නදී)

:       0       0

නිශාන්ත Sunday, 24 March 2013 08:28 PM

අපිට කරන කෙනෙහිලි කම් වල ප්‍රතිපල කමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site