පෙර කිසි කාලයක නොසිදුවූ අන්දමට මේ වසරේ වසන්ත සමය එංගලන්තයට උදාවුයේ දැවැන්ත හිම වරුසාවක් සමඟය.
සතියක් තිස්සේ මුළු එංගලන්තයම අසාමාන්‍ය සීතල දේශගුණයකින් ඇලලී ගියේය.
මේ නිසා හිම පතනයෙන් සහ ජලගැල්මෙන් මුළුරටම වෙලී ගොස් ඇත. රට පුරාම ධෛනික වැඩකටයුතු මුළුමනින්ම අඩාළ වී ඇත.
පාසල් බොහොමයක් දින නියමයක් නොමැතිව වසා දමා ඇත. දුම්රිය සහ බස්රථ ප්‍රවාහන සේවා බොහෝදුරට අඩපනවී ඇත.
ගුවන් තොටුපළවල් බොහොමයක ගුවන් ගමන් බිඳවැටී ඇත.
මේ දින දෙක තුන ඇතුලත කාලගුණ කාර්යාංශය ජලගැලීමේ තර්ජන100ක් පිළිබඳව මහජනයා දැනුවත් කර ඇත.
අධික සීතල සමඟ හමායන චණ්ඩ මාරුතයන්ගෙන් සහ ධාරානිපාත වර්ෂාවෙන්ද බොහෝ පලාත්වල සාමාන්‍ය ජන ජීවිත අඩාලවී ඇත.
මේ සතිය ඇතුලත සීතල දේශගුණයේ වර්ධනයක් ඇතිවිය හැකිනිසා ප්‍රවාහන සේවාවන්ගේ සහ බලශක්ති සේවා සැපයුම්වල දැඩි අවහිරතා සිදුවිය හැකිබවට දැනටමත් අනතුරු හඟවා ඇත.
එංගලන්තයේ ගෘහස්ථ බලශක්තිය වන ගෑස් වායුවේ සැපයුම් තොග ප්‍රමාණය දින දෙකතුනකට අවශ්‍ය ප්‍රමාණය දක්වා පහතවැටී ඇති බවද වාර්තා වී ඇත.
අවුරුදු පනහකට මාර්තු මාසයේ මෙතරම් සීතල දේශගුණයක් පැවතුනේ නැති බවටද වාර්තාවී ඇත.
ඊයේ කොන්වෝල් ප්‍රදේශයට ඇදහැළුන අධික වර්ෂාව නිසා නායයෑමකට අසුවූ නිවසක සිටි කාන්තාවක් මියගිය අතර විදුලි කම්බි කඩාවැටීම නිසා අයර්ලන්තයේ නිවාස 44,000කද ස්කොට්ලන්තයේ නිවාස 30,000 ක විදුලිය විසන්ධිවී තිබුණි. රටපුරාමවිහිදී ඇති අධිවේගී මහා මාර්ග පද්ධතිය මුළුමනින්ම හිමෙන් වැසී ඇති අතර වාහනපදවන්නන් හට පරෙස්සම් වනලෙසට අනතුරු හැඟවීම් නිකුත් කර ඇත.
සීතල දේශගුණය හේතුවෙන් මෙවැනි අකරතැබ්බයක් දන්නා කාලයක සිදුනොවුන බව බොහෝදෙනා කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි බලන්න (දී)
මට යන්න හිතෙනවා මේක දක්කාම් (දී)
නිශාන්ත, කලබල වෙන්න එපා. මේකත් අර ලංකාවේ වැස්ස වගේමයි. (නි)
ලංකාවෙන් එංගලන්තෙට ගිය අපේ සහෝදරයොත් එහේ ඉන්නවා කියලා ඔය හැම දෙනෙක්ම හිතාගන්න ඕනේ. එයාලට කරදරයක් වෙන්න හොද නැහැ.(නදී)
ඔහොම තමයි ලෝකෙට ඇතිවෙන ස්වභාවික විපත් වල හැටි. මතකද 2004 අවුරුද්ද.(නදී)
හැබැයි ලංඩන්වලට එච්චර නැහැ.(නදී)
අපිට කරන කෙනෙහිලි කම් වල ප්‍රතිපල කමයි.(නදී)