(ඉන්දිකා රාමනායක)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිසිය දින 90 ක රැඳවුම් නියෝග ලබා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම, හෂාන් ගුණතිලක යන ක්‍රියාකාරීන් තිදෙනා ත්‍රස්තවාදී මර්දන හා විමර්ශන කොට්ඨාසය බාරේ තංගල්ල රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සතියේ දින පහ තුළ සතියට එක් වරක් පෙරවරු 9.00 සිය පස්වරු 5.00 දක්වා කාලය තුළ එම පිරිස බැලීමට ඔවුන්ගේ ළඟ ඥාතීන්ට අවස්ථාව හිමි වන බවත්, එම ඥාතීන් ඔවුන්ගේ ළගම ඥාතීන් බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් සහතික කළ ලිපියක් එම මධ්‍යස්ථානය වෙත රැගෙන ආ යුතු බවට ත්‍රස්තවාදී මර්දන හා විමර්ශන කොට්ඨාසය අධ්‍යක්ෂවරයා ලිඛිතව දැනුම් දීමක් කර ඇත.