අරණ එස් කුමාර
ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද (8) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය .
මිය යන විට ඔහු අසූවැනි වියේ පසු විය. විශිෂ්ඨ චිත්‍රපට නිර්මාණකරනයේ සුවිශේෂී සිනමාකරුවෙකු වන වසන්ත ඔබේසේකර මහතා ලංකා චිත්‍රපට නිෂ්පාදනයේ සුප්‍රසිද්ධ පුද්ගලයෙකි.
1958 ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළු වු වසන්ත ඔබේසේකර 1962 දී විශ්ව විද්‍යාලයෙන් පිටවුයේ ඉතිහාසයට ගෞරව උපාධියක්ද ලබාගනිමින්ය. ගුරුවරයකු ලෙස සිය රැකියා ජීවිතය අරඹන ඔහු 1964 දිනමිණ පුවත්පතේ පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළේය. 1971 ‘‘වෙස් ගත්තෝ’’ චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් කලා ජීවිතයට එක් වූ වසන්ත ඔබේ සේකරයන් සිනමා කෘති රසකට නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක විය.
වෙස් ගත්තෝ, වල්මත්වුවෝ, දියමන්ති, පළඟැටියෝ, දඩයම, කඩපතක, ඡායා මාරුතය, දොරක මාරාව, තීර්ත්‍ර යාත්‍රා, සළෙළු වරම, අසනීවර්ෂා, සෙව්වන්දි, ආගන්තුකයා ඔහු විසින් අධ්‍යක්ෂණය කළ සිනමා කෘතිය. අධ්යක්ෂණයට සහ තිර රචනයට ජනධිපති සම්මාන හතක් පමණ හිමි වු අතර නිර්මාණ හතරක සරසවි සම්මාන හිමි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කොට ජීවන රඟමඬලෙන් නික්ම යන ප්‍රවීන සිනමාවේදී වසන්ත ඔබේසේකර මැතිදුනි.... ඔබට අමා මහ නිවන් සුව අත්වේවා.....!!!
අපේ සිනමා අම්බරය බැබලවූ අතිශය දුර්ලභ තරුවක් නිවී යාම හද පාරවයි.. එතුමාට නිවන් සුවය ලැබේවා..
කලාකරුවාණෙනි ඔබට නිවන්සුව !!!
ඉතා උසස් නිර්මාණ සිංහල සිනමාවට දායාද කළ, කලාකරුවාණෙනි ඔබට නිවන්සුව !
අසාමාන්‍ය කලාකරුවාණෙනී ඔබට නිවන්සුව.!