IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘විස්ඩන්’ දැන් ශී‍්‍ර ලංකාවේ

කි‍්‍රකට් කි‍්‍රඩාවටම වෙන්වූ ලෝකයේ පළමු වැනි වාර්ෂිකය වන ‘විස්ඩන්’ සඟරාවේ ඇතුළත් විශේෂාංග කියැවීමේ අවස්ථාව අද සිට ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් ලෝලීන්ටත් තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලෝලීන්ට එම අවස්ථාව උදාවන්නේ සිංහල, දමිළ සහ ඉංගී‍්‍රසි පාඨකයන් වෙනුවෙන්ම සැකසෙන වෙබ් අඩවි ලෙසිනි.

ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය දැවැන්තයා වන විජය පුවත් පත් සමාගම සහ ඉන්දියාවේ එෆ්. ඩබ්ලිව්. ස්පෝට්ස් සහ මීඩියා ආයතනය ඒකාබද්ධව සැකසෙන මෙම වෙබ් අඩවි ති‍්‍රත්වය අද (10 වැනිදා) ප‍්‍රකාශයට පත්කෙරේ.
‘කි‍්‍රකට් කී‍්‍රඩාවේ බයිබලය‘ ලෙසින් හැඳින්වුණු විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය එංගලන්තයේ කි‍්‍රකට් කී‍්‍රඩකයකුව සිටි ජෝන් විස්ඩන් විසින් 1864 දී ආරම්භ කරන ලදි. එහි ප‍්‍රකාශකයා වූයේද ජෝන් විස්ඩන් සමාගමයි. මේ එහි 150 වැනි වර්ෂයයි.
සියලූම කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වතගොත මෙන්ම වාර්ෂිකය මුද්‍රණයට යන අවස්ථාව දක්වා ඒ ඒ කී‍්‍රඩකයා විසින් ලබාගන්නා ලද ලකුණු, කඩුලූ මෙන්ම උඩපන්දු පිළිබඳ සම්පූර්ණ වාර්තා සටහන් වූ විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය සෑම වසරකදීම එංගලන්ත ගිම්හානය ආරම්භ වීමට පෙර මුද්‍රණය කෙරිණ.
විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය ලෙසින් ‘කි‍්‍රකට් කී‍්‍රඩාවේ බයිබලය’ මුලින්ම හඳුන්වන ලද්දේ 1930 වසරේදී ලන්ඩන් මර්කරි සඟරා මාලාවට ‘විස්ඩන් වාර්ෂිකය’ ඒ පිළිබඳව විචාරයක් ලියූ ඇලෙක් වෝ විසිනි.
මිනිසාගේ එදිනෙදා ජීවිතය පරිගණකය විසින් ආක‍්‍රමණය කිරීමත් සමගම ‘විස්ඩන් වාර්ෂිකය’ වෙබ් අඩවියක් ලෙසින් ප‍්‍රකාශයට පත්කෙරිණ. එහි ඉන්දීය වෙබ් අඩවිය 2012 දී ආරම්භ කරන ලද අතර ( www.wisdensrilanka.com ) ඔස්සේ විස්ඩන් ශී‍්‍ර ලංකා වෙබ් අඩවි ති‍්‍රත්වයට පිවිසිය හැකිය. එසේ පිවිසීමෙන් පසුව තමන්ට කැමති භාෂාවකින් විස්ඩන් කි‍්‍රකට් වාර්ෂිකය කියැවීමේ අවස්ථාව පාඨකයා සතුය.
පොදුවේ ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් මෙන්ම විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් තොරතුරුද මෙම වෙබ් අඩවිය ඔස්සේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලෝලීන්ට දැනගත හැකිවනු ඇත.
ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවේ කලින් කලට ඇතිවන පෙරළි පිළිබඳ අභ්‍යන්තර තොරතුරු සහ විශේෂාංග ලිපි වලින් මෙන්ම ලෝක ප‍්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩකයන්, පුහුණුකරුවන්, විනිසුරුවරුන් මෙන්ම කි‍්‍රකට් පරිපාලන නිලධාරීන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡුා සහ ඡුායාරූප මෙන්ම තොරතුරු චිත‍්‍රක (Info-graphics) වලින් සමන්විත විස්ඩන් ශී‍්‍ර ලංකා වෙබ් අඩවි ති‍්‍රත්වය මුද්‍රණයෙන් පළවන පුවත්පතක ඇතුළත් තොරතුරු වලට වඩා බොහෝ යාවත්කාලීීන මෙන්ම නවතම තොරතුරු රාශියකින් සමන්විත වනු ඇත.
රංගන ශිල්පියකුට දිනාගත හැකි ලොව ඉහළම සම්මානය ‘ඔස්කාර්’ සම්මානය වන අතර කි‍්‍රකට් කී‍්‍රඩකයකුට දිනාගත හැකි ලොව ඉහළම සම්මානය වන්නේ ‘විස්ඩන්’ වාර්ෂික කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයයි. ‘විස්ඩන්’ නාමයේ ගෞරවනීය තත්ත්වය එතරම්ම ඉහළ මට්ටමක පවතින අතර ඊට ආදේශක නැත.



අදහස් (0)

‘විස්ඩන්’ දැන් ශී‍්‍ර ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site