වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ අගමැති ඇමතීමට යොදාගත් ‘ප‘යනු ප්‍රකාශයෙන් ආදර්ශයක් ලැබූ ත්‍රී රෝද රියදුරෙක් මහරගමදී ඉරිදා සන්ධ්‍යාවේ තවත් ත්‍රී රෝද රියදුරකුට සංග්‍රහ කළේය.
තම වැයික්කියට අනවසරයෙන් පැමිණ සෙනග පටවාගෙන යාම ඊට හේතුව බව ඔහුගේ අමු තිත්ත කථාවේ සාරාංශය විය.
දෙනෝදාහක් මැද ඔහු කිසිම ලජ්ජාවක් නැතිව කුණුහරුප ඇද බෑවේ මහරගම නගර සභාවේ කුණුගොඩ ඉසව්වේය. හරි වැරදි කියා දෙන්නට කිසිවෙක් ඉදිරිපත් නොවුණි. අධීවේගී බස්වලින් එන මගීන් පාරේ යන ත්‍රී රෝද රියවලට අත වනා ඉක්මනින් ගෙදර යාමට යුහුසුළු වෙති.
වාසුගෙන් ණයට ගත් ‘ප‘යන්න වීරයකු මෙන් කිහිපවරක් කිසිම ලජ්ජාවකින් තොරව ඇද බෑ එම පුද්ගලයාට පාරේ ගිය සෙසු ත්‍රී රෝද රථ රියදුරන්ද බියවූ බවක් පෙනිණි. එක් රියදුරකු කීවේ බල්ලන් සිය හතර මායිම ලකුණු කරගෙන වෙනත් කිසිම බල්ලකුට එහි ඇතුළුවීමට ඉඩ නොදෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිරෝද රථ රියදුරන් හුඟක් දෙනා හොඳ වැදගත් විදිහට ඉන්න මිනිස්සු. ඔය ලොම් හැලිච්චි නාකි දේශපාලුවෝ වගේ නෙවේ. ඒ මිනිසුන්ට නිකන් අපහාස කරන්න එපා. තමාගේ බඩ වඩාගන්න දේශපාලනේ කරන අයට වඩා තිරෝද රියද්‍රුරෝ හොඳා බොලව් (බ)
සීමාවෙන් පිටට එලවපු තව රැලක් ආයේ සීමාව ඇතුලට රිංගන්න බලනවා!!!(ම)
ඔය කියන වචනය වාසු මහතාගේ මිමුතා ඉපදෙන්නත් ඉස්සෙල්ලා ඉඳන් ලංකාවේ එදිනෙදා පාවිච්චි වෙන වචනයක්නේ.(හේ)
ඡන්දදායකිනි,කරුණාකර පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය පාසල් සිසුන්ට යෝග්‍ය තැනක කරන්න. කුණුහරුපකාරයන්ට ඔබගේ මනපය නොදෙන්න (නි)
ත්‍රීවිල් රියදුරෝ නම් කමක් නැහැ කියමුකෝ ...ඔය වාසුදේව වගේම විලිසංගයක් නැති තව බොහෝමයක් දේසපාලකයන්ගේ කුණු කතා ගැලරියේ ඉන්න පාසල් ළමුන් කියන්න ගත්තහම කොහොමට හිටීද නේද.(අපි නොකීවට ළමයි ඕව දන්නවා කියලනම් කියන්න එපා ) (බ)
මේකට කියන්නේ කුඩැල්ල මෙට්ටේ තියන්න බැහැ කියලද...? නැතිනම් උණ පුරුකේ දැම්මත් බලු වලිගෙ කතාවද ... මෝඩයන්ට මේ කෝකත් එකයි (බ)
වාසුගේ ගානට ත්‍රිරෝද රථ මහත්තයෙක් වැටීම ගැන දුකයි. (ම)
මේ පළවෙනි වතාව වෙන්න ඇති ත්‍රි රෝද රථ රියදුරෙක් ඔහොම කල නේද (අ)
ඔන්න වාසුට තවත් ඡන්ද මනාපයක්...(බ)
උත්තරීතර මැති සබයේ ගැලරියේ පාසල් දරුවොත් ඉද්දි තමා අහවලා 'ප'යන්න ගැහුවේ මේක මේ ත්‍රීවීල් මල්ලි කෙනෙක් නිසා ගණන් ගන්නම එපා... (ර)
රෝහණ ඔයාට පිස්සුද, ඔය වාසු කියන කෙනා කිසිම ආගම් ධර්මයක් අදහන කෙනෙක් නෙවෙයි (බ)
ලුම්බිණි ඔබ හරියටම හරි. වාසුට දැන් තියෙන්නේ මහින්දගේ කරේ එල්ලිලා එන්න නෙවෙයි බණක් භාවනාවක් කරගෙන ගෙදරට වෙලා ඉන්න. විමල්ට වගේම වාසුටත් තනියම අවොත් ඡන්ද 1000 වත් ගන්න බැහැ. එ් නිසා තමයි දිනේෂ් එක්ක එකතුවෙලා මහින්දව ගන්න හදන්නේ පෙරේත රැල. (බ)
වාසු "ප" යොදලා වාග් ප්‍රහාරකයක් දුන්නත් පාර්ලිමේන්තුවේ ඉන්න අනෙක් බොහොමයක් "ප" යොදලා කරන්නෙම දහජරා වැඩ. (නි)
වාසුදේවත් මෙම රියදුරත් අතර වෙනස මෙම රියදුරා තමන් මහන්සිවෙලා ජීවත් වෙන්න කීයක් හරි හම්බුකර ගන්න මහන්සි වෙනවා මහජන මුදල් නාස්ති කරන්නේ නැතුව. (බ)
පාර්ලිමේන්තුව වගේ උත්තරීතර තැනක, උසස් යයි සම්මත මහජන නියෝජිතයෙක් ඔය වගේ , පහත් වචනයක් කිවුවා නම් දවසෙම පාරේ ගත කරන ත්‍රි රෝද රියදුරාගේ කටින් එවැනි දෙයක් අසන්න ලැබීම පුදුමයට කරුණක් නොවෙයි. හැබැයි හැම ත්‍රි රෝද රියදුරෙක්ම, "වාසුගෙන් ණයට ගත් ‘ප‘යන්න වීරයකු මෙන් වමාරන" අය නොවෙන බවත් අමතක නොකළ යුතුය !!! (ම)
වාසු ගැන මට සතුටුයි. (නදී)