අම්පාරේ දැයට කිරුළ කොන්ත්‍රාත් දිමේදී රුපියල් තුන්කෝටි අනු ලක්ෂයක් වංචා කර ඇතැයි සන්නිවේදන හා තොරතුරු අමාත්‍යාංශ ලේකමි එචි එම් ගුණසේකර මහතා කළ පැමිණිල්ලක් අනුව දැයට කිරැළෙහි ප්‍රධාන විධායක නිලධාරිනිය වු කාන්ති ගුණවර්ධනට රටින් බැහැරවීම තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා අද නියෝග කළේය.
ලේකම් රහස් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වනුයේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කාන්ති ගුණවර්ධන තාවකාලික වැසිකළි දෙසිය තිහක්, කියවීම් ශාලාවක් හා කැන්ටිමක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රදානය කිරීමෙන් දණ්ඩ නීතී සංග්‍රහයේ 389 හා 400 වගන්ති යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුභ අනාගතයකට හිමිකම් කීමට පෙරළකුණූ ඇත. (නි)
දැන් අපිට වෙලා තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නයි. (නි)
දැයට කිරුළ තිබ්බ හැමතැනකම වුනේ ඔය දේම තමයි. අපිට කටුකම්බි කිරුළ, සමහරුන් රත්තරන් කිරුළු පලදින්න හම්බකරගන්නවා.(නදී)
අවුලක් නැහැනේ. මේක තමයි අර චින්තනය. (නදී)
ඔහොම සල්ලි හම්ඹ කරලා මොනවා කරන්නද (දී)
අපේ කට්ටියගේ වැඩ ඔහොමතමයි (දී)
පින, පව තීරණය කරනු ලබන්නේ තම හෘදසාක්ෂියයි. ස්වභාව ධර්ම නීතිය එයයි. (නි)
දැයට කිරැළෙහි ප්‍රධාන විධායක නිලධාරිනිය වු කාන්ති ගුණවර්ධනට රටින් බැහැරවීම තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා අද නියෝග කළේය.(නු)
අපේ ගැණියෙක්නේ. ඔන්න ඔහේ අතඇරලා දාන්න.(නදී)
කෝටි හතරක් මහජන මුදල් කියන්නේ කජු ඇටද, කොස් ඇටද? මේවා කරන අයට නම් හොදක් සිද්ද වෙන්න එපා.(නදී)
මේ වෙන්න ගිය වංචාව එළිකළ ඔබට ස්තුති (දී)
මේ කතාව කටක් ඇරලා කියන්න ඇත්තමයි මටනම් බැහැ (දී)
පහළ නිළධාරීන් ඔහොම නම් ඉහළ අය කොහොම ඇද්ද? (නි)
මට කියන්න වචන නැහැ (දී)
එයාවත් ඉක්මණින් නිදහස් වෙයිද දන්නෙ නැහැ. (නි)
මේකත් අර කටුගෙයි හොරකම වගේ තමයි. (නි)
පොඩි අය මෙහෙම නම් මීට ලොකු අය කොහොම ඇද්ද? (නි)
අපේ ජනාධිපතිතුමාගෙත් නම කැත වෙනවා මේ දේවල් වලින්. උපරිම දඩුවම් දෙන්න. (නි)
වංචා නොකර කොහොමද අනේ කිරුළු පළදින්නේ? (නි)
මට හිනා යනවා (දී)
තව රටත් යන්නද හදලා තියෙන්නේ (දී)
වැසිකිලි 100ක් හදන්නවත් ඒ තර්න්ම් යන්නේ නැහැ (දී)
වැසිකිලියක් හදන්න එච්චර යනවද (දී)
කෝ අපේ සේනාව? (නි)
ප්‍රායෝගික නැති වැඩ කරන්න හදන්න එපා (දී)
දෙයියෝ සාක්කි (දී)
මේ හොරකම සොයාගත් අයට මල් මිටක්. මේ සොරකම කරපු නෝනට හෙට අනිද්දා වෙනකොට ශරීර අවශ්‍යතාවය බැහැර කරගන්නකොටවත් මතක් කරන්න මේ බැහැර කරන්නේ රටේ මහජනයාගේ බදු මුදල් වලින් කාපු අපද්‍රව්‍ය කියලා.නැත්නම් පසුවට අර්ශස් රෝගයට විශාල මුදලක් වැය කරන්න වේවි. (නි)
මේ ප්‍රදර්ශන වලට වියදම් කරන සල්ලි වලින් ඛනිජ තෙල් පිරිපහදුවක් හැදුවා නම් කොච්චර හොදද? (නි)
ජනතා මුදල් හොරකම් කරන්න එපා (නි)
ප්‍රවේශමෙන්... (නි)
හොඳ වැඩක්. චියර්ස්! (නි)
ගොඩක් ව්‍යාපෘති ඔහොම තමයි, හොයලා බලනවා නම්. (නි)
දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! කාන්තාවන්? (නි)
අභීතව සටන්කොට යුද්ධය ජයගත් ජනාධිපතිතුමාගේ නම කැත කරන්න එපා. (නි)
මේ ජනතාවගේ බදු මුදල් (දී)
හේවාවිතාරණ, හෙණයක් දැකලද නැගිටිටේ.(නදී)
අපරාදේ මහජන මුදල්... (නි)
හොරකම් හොයාගන්නවා, පත්තර වල යනවා පරීක්ෂණ කරනවා අන්තිමට එතන මුරට හිටපු මිනිහෙක් හර තව කොහේ හරි කන්ගැට්ටෙක් තමයි ඔවට දඩුවම් ලබන්නේ. අහුවෙන හොරකම් ඔය තව කොපමණ නම් ඇත්ද. ලංකාවේ රාජ්‍ය අංශයේ සිදුවන ඉදිකිරීම් මිලදී ගැනීම් ආදිය දුෂණ ගුහාවල්.කැමැත්තේන් හරි අකමැත්තෙන් හරි බොහෝ දෙනෙක් දූෂණ වලට හවුල්වෙනවා අහුවෙන්නේ හාල්මැස්සෝ තමයි.(නදී)