IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැසිකිළියෙනුත් කෝටි 4ක් ගහන්න හදලා

අම්පාරේ දැයට කිරුළ කොන්ත්‍රාත් දිමේදී රුපියල් තුන්කෝටි අනු ලක්ෂයක් වංචා කර ඇතැයි සන්නිවේදන හා තොරතුරු  අමාත්‍යාංශ ලේකමි එචි එම් ගුණසේකර මහතා කළ පැමිණිල්ලක් අනුව  දැයට කිරැළෙහි  ප්‍රධාන විධායක නිලධාරිනිය  වු   කාන්ති ගුණවර්ධනට  රටින් බැහැරවීම තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා අද නියෝග කළේය.

ලේකම්  රහස් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වනුයේ අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් කාන්ති ගුණවර්ධන තාවකාලික වැසිකළි දෙසිය තිහක්, කියවීම් ශාලාවක් හා කැන්ටිමක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රදානය කිරීමෙන් දණ්ඩ නීතී සංග්‍රහයේ 389 හා 400 වගන්ති යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවයි.

 



අදහස් (0)

වැසිකිළියෙනුත් කෝටි 4ක් ගහන්න හදලා

දුමින්ද Wednesday, 27 March 2013 07:23 PM

ඔබට සුභ අනාගතයකට හිමිකම් කීමට පෙරළකුණූ ඇත. (නි)

:       0       0

තිලක් Wednesday, 27 March 2013 07:45 PM

දැන් අපිට වෙලා තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නයි. (නි)

:       0       0

හේරත් Wednesday, 27 March 2013 07:41 PM

දැයට කිරුළ තිබ්බ හැමතැනකම වුනේ ඔය දේම තමයි. අපිට කටුකම්බි කිරුළ, සමහරුන් රත්තරන් කිරුළු පලදින්න හම්බකරගන්නවා.(නදී)

:       0       0

දිසානියක-කැනඩාව Thursday, 28 March 2013 10:45 AM

අවුලක් නැහැනේ. මේක තමයි අර චින්තනය. (නදී)

:       0       0

සනත් Wednesday, 27 March 2013 08:45 PM

ඔහොම සල්ලි හම්ඹ කරලා මොනවා කරන්නද (දී)

:       0       0

නිමාලි Thursday, 28 March 2013 11:10 AM

අපේ කට්ටියගේ වැඩ ඔහොමතමයි (දී)

:       0       0

කේ.ජී.පුණ්‍යසෝම Wednesday, 27 March 2013 09:38 PM

පින, පව තීරණය කරනු ලබන්නේ තම හෘදසාක්ෂියයි. ස්වභාව ධර්ම නීතිය එයයි. (නි)

:       0       0

තිලක් ඩුබායි Thursday, 28 March 2013 05:50 PM

දැයට කිරැළෙහි ප්‍රධාන විධායක නිලධාරිනිය වු කාන්ති ගුණවර්ධනට රටින් බැහැරවීම තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා අද නියෝග කළේය.(නු)

:       0       0

හේරත් Thursday, 28 March 2013 05:57 PM

අපේ ගැණියෙක්නේ. ඔන්න ඔහේ අතඇරලා දාන්න.(නදී)

:       0       0

හේරත් Thursday, 28 March 2013 05:52 PM

කෝටි හතරක් මහජන මුදල් කියන්නේ කජු ඇටද, කොස් ඇටද? මේවා කරන අයට නම් හොදක් සිද්ද වෙන්න එපා.(නදී)

:       0       0

පියසර Wednesday, 27 March 2013 09:53 PM

මේ වෙන්න ගිය වංචාව එළිකළ ඔබට ස්තුති (දී)

:       0       0

අශෝක Thursday, 28 March 2013 12:23 PM

මේ කතාව කටක් ඇරලා කියන්න ඇත්තමයි මටනම් බැහැ (දී)

:       0       0

ලලිත් Wednesday, 27 March 2013 11:42 PM

පහළ නිළධාරීන් ඔහොම නම් ඉහළ අය කොහොම ඇද්ද? (නි)

:       0       0

දමිත් Wednesday, 27 March 2013 04:33 PM

මට කියන්න වචන නැහැ (දී)

:       0       0

මේනක Thursday, 28 March 2013 01:02 PM

එයාවත් ඉක්මණින් නිදහස් වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

මේනක Thursday, 28 March 2013 01:09 PM

මේකත් අර කටුගෙයි හොරකම වගේ තමයි. (නි)

:       0       0

ලකී Wednesday, 27 March 2013 04:30 PM

පොඩි අය මෙහෙම නම් මීට ලොකු අය කොහොම ඇද්ද? (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 28 March 2013 03:13 AM

අපේ ජනාධිපතිතුමාගෙත් නම කැත වෙනවා මේ දේවල් වලින්. උපරිම දඩුවම් දෙන්න. (නි)

:       0       0

ගාමිණී Wednesday, 27 March 2013 04:41 PM

වංචා නොකර කොහොමද අනේ කිරුළු පළදින්නේ? (නි)

:       0       0

වරුණ Wednesday, 27 March 2013 04:47 PM

මට හිනා යනවා (දී)

:       0       0

නිමල් Wednesday, 27 March 2013 04:53 PM

තව රටත් යන්නද හදලා තියෙන්නේ (දී)

:       0       0

පවිත්‍ර Wednesday, 27 March 2013 04:53 PM

වැසිකිලි 100ක් හදන්නවත් ඒ තර්න්ම් යන්නේ නැහැ (දී)

:       0       0

සුදේශ් Wednesday, 27 March 2013 05:01 PM

වැසිකිලියක් හදන්න එච්චර යනවද (දී)

:       0       0

ජීවන් Wednesday, 27 March 2013 05:01 PM

කෝ අපේ සේනාව? (නි)

:       0       0

රත්නා Wednesday, 27 March 2013 04:56 PM

ප්‍රායෝගික නැති වැඩ කරන්න හදන්න එපා (දී)

:       0       0

සුරේන්ද්‍ර Wednesday, 27 March 2013 05:03 PM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

ජෝයි Thursday, 28 March 2013 04:37 AM

මේ හොරකම සොයාගත් අයට මල් මිටක්. මේ සොරකම කරපු නෝනට හෙට අනිද්දා වෙනකොට ශරීර අවශ්‍යතාවය බැහැර කරගන්නකොටවත් මතක් කරන්න මේ බැහැර කරන්නේ රටේ මහජනයාගේ බදු මුදල් වලින් කාපු අපද්‍රව්‍ය කියලා.නැත්නම් පසුවට අර්ශස් රෝගයට විශාල මුදලක් වැය කරන්න වේවි. (නි)

:       0       0

සිල්වා Thursday, 28 March 2013 04:49 AM

මේ ප්‍රදර්ශන වලට වියදම් කරන සල්ලි වලින් ඛනිජ තෙල් පිරිපහදුවක් හැදුවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

විද්‍යාසේකර Wednesday, 27 March 2013 05:18 PM

ජනතා මුදල් හොරකම් කරන්න එපා (නි)

:       0       0

රජිත් Wednesday, 27 March 2013 05:20 PM

ප්‍රවේශමෙන්... (නි)

:       0       0

ලුම්බිණි Thursday, 28 March 2013 05:22 AM

හොඳ වැඩක්. චියර්ස්! (නි)

:       0       0

අචිනි Wednesday, 27 March 2013 05:29 PM

ගොඩක් ව්‍යාපෘති ඔහොම තමයි, හොයලා බලනවා නම්. (නි)

:       0       0

සිල්වා Wednesday, 27 March 2013 05:30 PM

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! කාන්තාවන්? (නි)

:       0       0

සෙන්සා Thursday, 28 March 2013 08:36 AM

අභීතව සටන්කොට යුද්ධය ජයගත් ජනාධිපතිතුමාගේ නම කැත කරන්න එපා. (නි)

:       0       0

සුනෙත් Thursday, 28 March 2013 09:21 AM

මේ ජනතාවගේ බදු මුදල් (දී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 28 March 2013 09:23 AM

හේවාවිතාරණ, හෙණයක් දැකලද නැගිටිටේ.(නදී)

:       0       0

හේමසර හිමි Wednesday, 27 March 2013 06:39 PM

අපරාදේ මහජන මුදල්... (නි)

:       0       0

ඇතාලේ සුමන හිමි Thursday, 28 March 2013 09:26 AM

හොරකම් හොයාගන්නවා, පත්තර වල යනවා පරීක්ෂණ කරනවා අන්තිමට එතන මුරට හිටපු මිනිහෙක් හර තව කොහේ හරි කන්ගැට්ටෙක් තමයි ඔවට දඩුවම් ලබන්නේ. අහුවෙන හොරකම් ඔය තව කොපමණ නම් ඇත්ද. ලංකාවේ රාජ්‍ය අංශයේ සිදුවන ඉදිකිරීම් මිලදී ගැනීම් ආදිය දුෂණ ගුහාවල්.කැමැත්තේන් හරි අකමැත්තෙන් හරි බොහෝ දෙනෙක් දූෂණ වලට හවුල්වෙනවා අහුවෙන්නේ හාල්මැස්සෝ තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site