චීනයේ සිට නීති විරෝධී ලෙස ගෙන්වූ බව කියන රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා චීන සපත්තු කුට්ටම් 3816 ක් රේගු නිවාරණ අංශය අද (1) පස්වරුවේ අත් අඩංගුවට ගත්තේය.
වැසිකිළි උපාංග හා ස්පීකර්ස් යනුවෙන් රේගුවට ප්‍රකාශ කොට කැලණිය ව්‍යාපාරිකකු මෙම සපත්තු තොගය මෙරට ගෙන්වා ඇතැයි රේගු නිවාරණ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා කියයි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා අතහරින්න.අවුරුද්ද සතුටින් ගතකරන්න පුංචි දෙයක් කරන්න ඇති. (නි)
ජයන්ත, එයාට මොකුත් වෙන එකක් නැහැ. (නි)
කොහොමත් චීන පාහවන් හොඳ වැසිකිළියට යනකොට දමන්න තමයි. (නි)
කට්ටියගේ මුණු ටික බලන්නකෝ අවුරුද්දට වෙළදාමක් කරන්න ගෙන්න ඇති ... ඔවාට වඩා එන හොර බඩු ඇල්ලුවොත් නරකද?(ම)
සපත්තු ටික දැක්කම ඔතන ඉන්න කට්ටියට මොනා හිතෙනවා ඇද්ද.? (ර)
අවුරුද්දට විකුණන්න වෙන්න ඇති (නි)
අනේ පව්, මම නම් කියන්නේ ඔය අහිංසක මිනිහා අතහරින්න කියලයි (නි)
ඉතින් ඕක මහලොකු අපරාදයක්ද? මීට කලින් ගෙනාපු එතනෝල් කුඩු එහෙම අල්ලල ඔහොම සද්දයක් දැම්මද? දැන් ඉතින් නියමිත ආනයන බදු ගහල සපත්තු ටික දෙන්න. (ස)