පිළිමතලාව ඉලුක්වත්ත හංදියේ දි අද (23) කිරි බවුසරයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෝටර් රථයේ රියදුරු හා ඔහුගේ මව එම ස්ථානයේදීම මියගිය බවත් මෝටර් රථයේ සිටි දරුවකු (7) හා කාන්තාවක් බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බවත් කඩුගන්නාව පොලිසිය පවසයි.
පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මෝටර් රථයේ ගමන් ගත් මෙම පිරිස වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබිණි.
බවුසරයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක් කෙනෙකුට හරි නිසි දඬුවම් දුන්නොත් ඔය රිය අනතුරු ඔක්කොම වගේ වළක්වාගන්න පුළුවන් ඒවා. (නි)
එයාර් බෑග් නැද්ද (බ)
හරිම කණගාටුයි.(හේ)
ඔය ඇල්ටෝ සහ අනෙකුත් ඔය රටේ කාර් ග්ලෝබල් ටෙස්ට් එකෙන් පරික්ෂා කළවිට අනතුරකදී සියළු දෙනාගේම වගේ ජීවිත හානිවෙනවා කියලා සනාථ වෙලා තියෙනවා. කැමති අයෙක් යූටියුබ් එකේ තියනවා බලන්න. කිසිම අවස්ථාවක් දෙන්නෙ නැහැ ඔය විදියට වැදුනොත්. අනෙක් ඒවායේ බැලුන් තියෙනවා. තහඩු මීටවැඩිය හොඳයි. පරිස්සමින් යන්න ඕනෑ ඔය කාර් වල. (නි)
හරිම කණගාටුදායක පුවතක් (නි)
ජිවිත දෙකක් නැතිවුණා එකයි මටනම් දුක (ම)
සමහර උදවිය වෙසක් බලන්න යන්නේ හිරෙන් නිදහස් වුණ උදවිය වාගේ (නි)
නිතරම ඔබලාගේ පවුල් ගෙන හිතන්න (ම)
නින්ද යාම අනතුරට හේතුව බව පෙනෙනවා. ලොරි රියදුරන් රාත්‍රියේ ගමන් පුරුදු නිසා ඔහුට නින්ද යාම සිදු නොවේ. නිදිබර ගතියෙන් වාහන එළවන්න එපා. යන්නට පුළුවන් කියා සිතුවත් නොසිතූ ලෙස නින්ද යනවා. වාහනය පසෙකට ගෙන අවම මිනිත්තු 15 නිදාගෙන තේ පානය කර නැවත ගමන් කළ හැක. තවදුරටත් නිදිමත දැනේනම් වහාම වාහනයෙන් ඉවත් වන්න. විනාඩි කිහිපයක් ව්‍යායාමයේ යෙදෙන්න. ඔබට ගමනාන්තයට විපතක් නොවී යා හැකිය (නි)
ඉන්දියානු වාහන වල තත්වය මින් බලාගන්න පුළුවන්. (නි)
ඉන්දියන් වාහන වල කිසිම ආරක්ෂක උපාංගයක් නැහැ. ඉතින් පොඩි අනතුරකදී වුණනත් මේ වගේ විපත් සිදුවෙනවා. රජයක් විදිහට මේ වගේ වාහන ගෙන්වන එක දිරිමත් කරනවාට වඩා ආරක්ෂක උපාංග සහිත හොඳ වාහන රටට ගෙන්වන්න කටයුතු කළා නම් ජීවිත ගණනාවක් බේරගන්න පුළුවන්. නමුත් ජනතාවගේ අවාසනාවට සිදුවෙන්නේ එ්කේ අනිත් පැත්ත... (නි)
ඇල්ටෝ, 'බුල්ටෝ' වෙනවා කියන්නේ මේවට තමා. ලාබෙට දුන්නට යන අයගේ ආරක්ෂාවට කිසිම උපක්‍රමයක් නැහැ (නි)
කෝ මේකේ එයාර් බෑග් (බ)
අපරාදෙ අහිංසක ජීවිත. (බ)
මේ අනතුර සිදුවී මියයාමට කලිං ඔවුන් ගියේ වෙසක් සිරි බලන්න නිසාම, ආසන්න කුසල කර්මයේ බලයෙන් සසර වසනාතුරු මෙවැනි අනතුරකට ලක්නොවේවා. මෙම හදිසි අනතුරින් මියගිය දෙපොළට නිවන්සුව ලැබේවා. (බ)
මේ කාර් ආරක්ෂාව අතින් අන්තිමයි. කෝ එයාර් බෑග් ? (බ)
ලොරියට මුකුත් වෙලා නැහැ. ඇල්ටෝ එක බුල්ටෝ වෙලා (බ)
ප්‍රසන්න අවුඩි වොල්වෝ එකක ගියත් ඔහොම හැප්පුනොත් මැරෙනවා තමයි (බ)
අමෙරිකාවෙන් හදල ගෙනාවත් වැඩක් නැහැ වාහනය පාලනයකින් තොරව අධික වේගයකින් ගිහින් තව වාහනයක හෝ ගහක හප්පනවනම් අනිවාර්යෙන් මාරක අනතුරු සිදුවෙන්ට පුළුවන්. (බ)
පෝල් වෝකර් හැප්පිලා මැරුණෙත් ඇල්ටෝ එකකද? විනිල් මැණික් අයිතිකාරයාගේ පුතා මැරුනෙත් ඇල්ටෝ එකක ගිහින්ද එතකොට මෝටර් බයික් පාපැදි විතරක් නෙමෙයි පයින් යන්නත් බයයිනේ (බ)