IMG-LOGO

වෙසක් බලන්න ගිහින් නොඑන ගමන් යති

පිළිමතලාව ඉලුක්වත්ත හංදියේ දි අද (23) කිරි බවුසරයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෝටර් රථයේ රියදුරු හා ඔහුගේ මව එම ස්ථානයේදීම මියගිය බවත් මෝටර් රථයේ සිටි දරුවකු (7) හා කාන්තාවක් බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බවත් කඩුගන්නාව පොලිසිය පවසයි.

පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මෝටර් රථයේ ගමන් ගත් මෙම පිරිස  වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ ගොස් ආපසු එමින් සිටියදී  මෙම අනතුරට ලක්ව තිබිණි.

බවුසරයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් කැරිණි.

accident_2016523 accident_2016523-2 accident_2016523-3 accident_2016523-4



අදහස් (0)

වෙසක් බලන්න ගිහින් නොඑන ගමන් යති

ගමගේ Monday, 23 May 2016 04:17 PM

එක් කෙනෙකුට හරි නිසි දඬුවම් දුන්නොත් ඔය රිය අනතුරු ඔක්කොම වගේ වළක්වාගන්න පුළුවන් ඒවා. (නි)

:       0       0

විකී Tuesday, 24 May 2016 01:07 PM

එයාර් බෑග් නැද්ද (බ)

:       0       0

නිසල් Tuesday, 24 May 2016 01:58 PM

හරිම කණගාටුයි.(හේ)

:       0       0

අමරවීර බෙන්තොට Tuesday, 24 May 2016 02:00 AM

ඔය ඇල්ටෝ සහ අනෙකුත් ඔය රටේ කාර් ග්ලෝබල් ටෙස්ට් එකෙන් පරික්ෂා කළවිට අනතුරකදී සියළු දෙනාගේම වගේ ජීවිත හානිවෙනවා කියලා සනාථ වෙලා තියෙනවා. කැමති අයෙක් යූටියුබ් එකේ තියනවා බලන්න. කිසිම අවස්ථාවක් දෙන්නෙ නැහැ ඔය විදියට වැදුනොත්. අනෙක් ඒවායේ බැලුන් තියෙනවා. තහඩු මීටවැඩිය හොඳයි. පරිස්සමින් යන්න ඕනෑ ඔය කාර් වල. (නි)

:       0       0

අතුල Tuesday, 24 May 2016 02:06 AM

හරිම කණගාටුදායක පුවතක් (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 May 2016 07:55 AM

ජිවිත දෙකක් නැතිවුණා එකයි මටනම් දුක (ම)

:       0       0

ටිරෝන් Tuesday, 24 May 2016 02:42 AM

සමහර උදවිය වෙසක් බලන්න යන්නේ හිරෙන් නිදහස් වුණ උදවිය වාගේ (නි)

:       0       0

හසන් Tuesday, 24 May 2016 09:07 AM

නිතරම ඔබලාගේ පවුල් ගෙන හිතන්න (ම)

:       0       0

අනුර ඩුබායි Tuesday, 24 May 2016 03:44 AM

නින්ද යාම අනතුරට හේතුව බව පෙනෙනවා. ලොරි රියදුරන් රාත්‍රියේ ගමන් පුරුදු නිසා ඔහුට නින්ද යාම සිදු නොවේ. නිදිබර ගතියෙන් වාහන එළවන්න එපා. යන්නට පුළුවන් කියා සිතුවත් නොසිතූ ලෙස නින්ද යනවා. වාහනය පසෙකට ගෙන අවම මිනිත්තු 15 නිදාගෙන තේ පානය කර නැවත ගමන් කළ හැක. තවදුරටත් නිදිමත දැනේනම් වහාම වාහනයෙන් ඉවත් වන්න. විනාඩි කිහිපයක් ව්‍යායාමයේ යෙදෙන්න. ඔබට ගමනාන්තයට විපතක් නොවී යා හැකිය (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 24 May 2016 04:03 AM

ඉන්දියානු වාහන වල තත්වය මින් බලාගන්න පුළුවන්. (නි)

:       0       0

සාගර Tuesday, 24 May 2016 04:03 AM

ඉන්දියන් වාහන වල කිසිම ආරක්ෂක උපාංගයක් නැහැ. ඉතින් පොඩි අනතුරකදී වුණනත් මේ වගේ විපත් සිදුවෙනවා. රජයක් විදිහට මේ වගේ වාහන ගෙන්වන එක දිරිමත් කරනවාට වඩා ආරක්ෂක උපාංග සහිත හොඳ වාහන රටට ගෙන්වන්න කටයුතු කළා නම් ජීවිත ගණනාවක් බේරගන්න පුළුවන්. නමුත් ජනතාවගේ අවාසනාවට සිදුවෙන්නේ එ්කේ අනිත් පැත්ත... (නි)

:       0       0

සතිෂ් Tuesday, 24 May 2016 04:26 AM

ඇල්ටෝ, 'බුල්ටෝ' වෙනවා කියන්නේ මේවට තමා. ලාබෙට දුන්නට යන අයගේ ආරක්ෂාවට කිසිම උපක්‍රමයක් නැහැ (නි)

:       0       0

රොකී Tuesday, 24 May 2016 04:44 AM

කෝ මේකේ එයාර් බෑග් (බ)

:       0       0

නදුන් දිසානායක Tuesday, 24 May 2016 04:47 AM

අපරාදෙ අහිංසක ජීවිත. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 24 May 2016 04:51 AM

මේ අනතුර සිදුවී මියයාමට කලිං ඔවුන් ගියේ වෙසක් සිරි බලන්න නිසාම, ආසන්න කුසල කර්මයේ බලයෙන් සසර වසනාතුරු මෙවැනි අනතුරකට ලක්නොවේවා. මෙම හදිසි අනතුරින් මියගිය දෙපොළට නිවන්සුව ලැබේවා. (බ)

:       0       0

පසන් Tuesday, 24 May 2016 04:54 AM

මේ කාර් ආරක්ෂාව අතින් අන්තිමයි. කෝ එයාර් බෑග් ? (බ)

:       0       0

චමල් Tuesday, 24 May 2016 05:01 AM

ලොරියට මුකුත් වෙලා නැහැ. ඇල්ටෝ එක බුල්ටෝ වෙලා (බ)

:       0       0

චන්න Tuesday, 24 May 2016 05:03 AM

ප්‍රසන්න අවුඩි වොල්වෝ එකක ගියත් ඔහොම හැප්පුනොත් මැරෙනවා තමයි (බ)

:       0       0

නිශාර්ඩ් Tuesday, 24 May 2016 05:09 AM

අමෙරිකාවෙන් හදල ගෙනාවත් වැඩක් නැහැ වාහනය පාලනයකින් තොරව අධික වේගයකින් ගිහින් තව වාහනයක හෝ ගහක හප්පනවනම් අනිවාර්යෙන් මාරක අනතුරු සිදුවෙන්ට පුළුවන්. (බ)

:       0       0

මේනකා Tuesday, 24 May 2016 11:03 AM

පෝල් වෝකර් හැප්පිලා මැරුණෙත් ඇල්ටෝ එකකද? විනිල් මැණික් අයිතිකාරයාගේ පුතා මැරුනෙත් ඇල්ටෝ එකක ගිහින්ද එතකොට මෝටර් බයික් පාපැදි විතරක් නෙමෙයි පයින් යන්නත් බයයිනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 223 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 559 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site