(ඩයනා උදයංගනී)
වෙසක් පොහෝ දිනයේදී කළු කොඩි එසවීමට බංකොලොත් දේශපාලකයන්ට ඉඩ දෙන්නේ නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාත්‍යන්තර වෙසක් දිනයක් ලෙස වෙසක් උළෙල සමරන්නට ලැබුණු මෙම අවස්ථාව ඉතා පූජනීය අවස්ථාවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එය ලබාගන්නට හැකිවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සමයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ උත්සාහයෙන් බව කී ඇමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ වෙසක් දින සැමරුමට ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කණ්ඩායම දින තුනකදී රුපියල් ලක්ෂ 250 ක මුදලක් වියදම් කර තිබෙන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම අයව මට්ටුකරන්න බැරිද? එදාවගේ කුරුඳු පොලු හමුදාවකට බාරදෙන්න...
දවසින් දවස රට අස්ථාවර කරන්න සැලසුම් කරනවා. ඉඩ මදිනම් සුළු වැරදි කළ රැඳෙවියන් සිරෙන් නිදහස් කර මෙවන් දේශද්‍රෝහීන් සිරගත කලාට කම් නැත.
අන්න එහෙම එන්න? කදිරගාමර් ඇමතිතුමාගේ කාලේ තමයි එක ලබා ගත්තේ. එ් සමයේ උන්නු කෙනාගෙවත් ඔබතුමාගේවත් දක්ෂ කමට නෙමෙයි. නිකන් අර රාළහාමි කෙනෙක් ගිහින් හොර අල්ල ගත්තහම පැත්තක වත් නොහිටපු ඉන්ස්පැක්ටර්වරුයි, ඒ.එස්.පි. ලයි , ඇස්. පි. ලයි පත්තරේට නම් දාගන්නවා වගේ අනුන්ගේ පානෙන් එළිය බලන්න එපා. කොහොමටත් බුදුන්ගේ කාලේ උන්වහන්සේටත් ගල් පෙරලපු එකේ ඔය කළු කොඩිය කජ්ජක්ද? වියදම් වෙන්නෙත් කළුපාට කුකුල් සායම් ටිකක් විතරයි, ඉතුරුවෙච්ච සිල් රෙදිත් තියෙන එකේ....
ඔබ තුමන්ලාට බෞද්ධ ආගම ගැන සිත් ඇරුනේ දැන්ද? අර නැගෙනහිර පැත්තේ බෞද්ධ විරෝධී රැල්ලට පිලියමක් නොදී බෞද්ධ සංහාර වෙනවා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ තමයි .
දැන් ඔය කළු කොඩි ඔසවන්නේ මොකටද කියනවද.
1954 රැජිනගේ සංචාරයේදී කළු කොඩි එසවීමට උත්සාහ කල සමසමාජ පක්ෂයට අගමැති සර් ජෝන් කියාපු දේ මතක් වුණා. " එදිනට සියලුම රෝහල් සීරුවෙන් තැබීමට සිදු වේවි' කියා එතුමා කියූ විට කව්රුන් හෝ ඒ මොකද සර්? කියා අසා තිබුනා. උත්තරය වුණේ "කළු කොඩි දාන අයට ප්‍රතිකාර කරන්න"
මංගලගේ මොංගල් කතානේ...
අපොයි ! .... රට, ජාතිය,ආගම ගැන හරි කැක්කුමක් තියෙන කෙනෙක් කිව්වා නම් කමක් නැහැ. මෙයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "විදේශයන්ට හිතැති" ඇමතිම තමයි ....
චන්ද්‍රිකාගෙ ආණ්ඩුව ආගමන් ගංගාරාමෙට කරන්න හදපු වැඩේ කාටත් අමතකයි වගේ. පොඩි හාමුදුරුවන්ට වයස නිසාම මතක නැතිවත් ඇති....
උපුල් කළු කොඩි ඔසවන්නේ ආගමට හා දේශයට විරුද්ධ අය....
කවුද මේ අවමංගලගේ කතා ගණන් ගන්නේ?