බද්දේගම නගරයේ පාලමකින් මින් මද වේලාවකට පෙර මවක (38) හා දියණියක (18) ගඟකට වැටී ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.
ත්‍රීරෝද රියකින් පැමිණි පිරිසක් ඔවුන් දෙදෙනාට පහරදී ගඟට තල්ලු කර ඇතැයි කියති.
පාලම අසළ සිටි පිරිස් දියණිය බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවත් මව සොයාගත නොහැකිව ඇති බවත් කියති.
ත්‍රීරෝද රියෙන් පැමිණි බව කියන පිරිස මෙම දෙදෙනාට පහරදී ඇත්දැයි සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් සිදුකර එමින් සිටියදී මොවුන් දෙදෙන මෙම සිදුවීමට මුහුණදී ඇතැයි සඳහන්ය.
ඡායාරූප දීපාල් සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියක් ගංවතුරින් බේරාගනවා. තව කට්ටියක් ගහලා මරලා ගංගාවට තල්ලු කරනවා. මේ සාමකාමී මිනිස්සු ඉන්න රටක්නේ... (නි)
ධර්මද්වීපයේ මේ වගේ දේවල් සිදු නොවුණොත් ඒක වෙසක් එකටත් හොඳ මදිනේ. (නි)
අපරාධකාරයෝ මෙලහකට සිල් සමාදන් වෙන්න සූදානම් වෙනවා ඇති! (නි)
ඔය මෘගයන්ට මොන හිතකින් මේ දෙන්නට පහර දෙන්න හිතුනාද?
දෙවියනේ, මිනිස්සු මෙතරම් කුරිරුද? (නි)