වෙසක් නිවාඩුව සුවිශේෂී නිවාඩු දිනයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පසුගිය 29 වැනි දා අනුමත කළේය.
1999 දී හිටපු විදේශ ඇමැති කදිරගාමර් මහතා එම දිනය ජගත් නිවාඩු දිනයක් කර ගැනීමේ යෝජනාව මහා මණ්ඩලයට ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහතා මෙම නිවාඩු දිනය අනුමත කරවා ගැනීමට වෙහෙසුනේය.
නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සහාය කොහොන මහතාටත් කදිරගාමර් මහතාටත් නොඅඩුව ලැබිණි.
මහා මණ්ඩලයේ කතෝලිකයන්ට ආගමික නිවාඩු දින දෙකක් ද, මුස්ලිම්වරුන්ට දින දෙකක් ද අනුමතවී ඇත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (නි)
අපිට මේ ගැන සතුටුයි (නි)
අපේ ජනපතිට තුති! (නි)
ඉතාම වටිනා දෙයක්. සහය දැක්වූ සියලු දෙනාටම පින්! (නි)
වටිනා දෙයක්. ආඩම්බරයි. සහය දුන් සැමටම පින්! (නි)
සහය දැක්වූ සියලු දෙනාටම පින්! (නි)
සහාය දැක්වූ සියලු දෙනාටම පින්! (නි)
වටිනා දෙයක්. සහාය දැක්වූ සියලු දෙනාටම පින්!! (නි)
හොද වැඩක්. (ර)
සහාය දැක්වූ සියලු දෙනාටම පිං.! (ර)
ඇත්තටම හොඳ වැඩක් කාලෙකට පස්සේ (නි)
ඉතාමත් අනර්ඝයි. සහාය දැක්වූ සැම දෙනාටම පිං! (නි)
විශිෂ්ටයි (නි)
අඬන්න ඕනෑලු කිරි එරෙන්න. කදිරගාමර් මහතාට පින්! (නි)
වෙසක් දවස එකම දවසක සමරන්නේ ථේරවාද රටවල පමණයි. ජපානය , චීනය, කොරියාව , මොන්ගෝලියාව , වියට්නාමය වගේ රටවල්වල වෙන වෙන දවස් වලයි . සමරන්නේ. එමනිසා වෙසක් දවස ලෝකයේම නිවාඩු දවසක් කරන්න හරිම අමාරුයි . උදාහරණයක් ලෙස ජපානය සමරන්නේ බුදු හාමුදුරුවන්ගේ උපන් දිනය පමණයි එක සමරන්නේත් අප්‍රේල් මාසයේ. (හේ)
කදිරගාමර් මැතිතුමනි ඔබට නිවන් සුව (බ)