(චන්ද්‍රසේන ගමගේ සහ පී.ගාර්දිය වසම්)
වස ශරීරගත වූ පියකු සහ පුතකු මියගොස් ඇතැයි අඟුණකොලපෑලැස්ස පොලිසිය කියයි. සිය පුතුට වස පොවා පියා ද වස පානය කොට මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
අද සවස මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇතැයි අගුණකොළපෑලස්ස පොලිසිය පවසයි.
පනස් වැනි වියේ පසු වූ පියා 20 හැවිරිදි වියේ පසු පුතුට බලහත්කාරයෙන් වස පොවා ඇති බවට තොරතුරු ලැබී ඇත. පියා මානසික ආබාධයකින් පෙළෙන්නකු බවද දැනගන්නට තිබේ.
මිය ගිය පිය පුතු දෙදෙනාගේ සිරුරු අගුණ කොළපෑලස්ස දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කොට ඇති අතර පොලිස් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසි හැවිරිදි පුතෙකු කියන්නේ දැනුම තේරුම තියෙන අයෙක් නොවේද?වෙන කවුරුන් හෝ කල කුමන්ත්‍රණයක් විය නොහැකිද?