ප්‍රජා විශෝධනයට යොමු කළ ප්‍රජාවගේ ශ්‍රමයෙන් පානදුර අධිකරණ භූමියේ අලංකාර එළවළු කොටුවක් බවට පත් වී ඇත.
පානදුර අධිකරණ භූමියේ ඉදිරිපස දිරාපත් වෙමින් ගොඩ ගසා තිබූ වාහන කොටස් හා අනවශ්‍ය ගස් නීත්‍යනුකූලව ඉවත් කර එහි මල් වෙනුවට එළවළු වගා කර ඇත.
පානදුර මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුචිර වැලිවත්ත මහතාගේ උපදෙස් මත, ප්‍රජා පාදක විශෝදන ප්‍රධාන නිලධාරී ශිරෝමි සේදර සෙනරත් මහත්මිය පැවසුයේ රසායන පොහොර භාවිත නොකර වගා කරන එළවළු නෙළා ගත් විට දී අධිකරණ සේවක සේවිකාවන්ට ද ඔවුන්ගේ කැමැත්ත මත මුදල් ගෙවන බවයි. එසේ ලැබෙන මුදල් වගාවට යළි යොදවන බවයි.
විශෝදනයට යොමු කරන පිරිස් මෙහෙයවා ලියුම්කවර නිෂ්පාදනය කර රාජ්‍ය සේවය පිණිස ප්‍රජා පාදක විශෝදන දෙපාර්තමේන්තුවේ පාවිච්චියට ගැනෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පානදුර දිසව්නිසුරුටුමගේ ක්‍රියාකලාපය අනිකුත් රජයේ ඉහල නිලදරුවන්ට කාලෝචිත මගපෙන්වීමක් ඔබතුමාට අපගේ ආචාරය.(හේ)
ඩඩ්ලි අගමැති තුමාගේ කාලේ වැලිමඩ වතු වල හැදුනු පින්තුර ගෝවා නොවෙයි නම් අගේ ඇති වැඩක්. (ත)
කෑමට පෙර ජෛව රසායනික පරීක්ෂාවක් කර වාහන දිරූ පසේ තිබූ ලෙඩ් වැනි විෂ සහිත මූල ද්‍රව්‍ය අධි ප්‍රමාණ වලින් ශාඛ සෛල වල ගබඩා වී ඇත දැයි බලන්න. ලස්සන වැඩක්. විවේචනයට නෙමේ මේ අදහස දැම්මේ. (ස)
යහපත් වැඩක් (ස)
නඩු වලට එන කට්ටිය ඕකට බුලත් කෙල පාරවල් එහෙම ගහන්නේ නැතිද" (ස)
ඉතාම අදර්ශමත් වැඩක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයට පෙන්නන වටිනවා මෙවැනි වැඩ මොකද එතුමා කෘෂිකර්මන්තය අගය කරනවා.(අ)
පානදුරේ සැමටම ආදර්ශයක්. (නදී)
බීලා අශෝබන ලෙස පාරේ හැසිරෙන අයව අල්ලලා ඒ අයට දඩුවම විදිහට ප්‍රජා සේවයේ යෙදෙව්වම ශ්‍රමයට හරවගත්තම මේවාට යන වියදම අඩු කර ගන්න පුළුවන්.(හේ)
මෙවැනි දේ කිරීමට මුලික වූ අය අගයන්න ඕනි. (හේ)