බෙහෙත් විසවීම් ඇතුළු ගෙදරදී වස විසට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ජාතික රෝහලේ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානි කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසීය.
මේ අනුව වසර 2000 සිට වසර 2012 දක්වා ගෘහස්ථව සිදුවුණු විස වීම් සහ ඖෂධ විසවීම්වලට 4,88,584 ක පිරිසක් ගොදුරුවී ඇතැයිද එයින් 4806 දෙනකු මිය ගොස් ඇතැයිද වෛද්‍ය ගුණතිලක කීවේය.
වසර 2000 සිට වසර 2012 දක්වාවූ වස විසවීම් පිළිබඳ ජාතික සංඛ්‍යාලේඛන වාර්තාව ගිය සතියේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට භාර දුන් බව වෛද්‍ය ගුණතිලක මහතා පැවසීය.
‘‘රූපලාවන්‍ය ආලේපන හා විවිධ ඖෂධ, වැසිකිළි පවිත්‍රතාකාරක ආදිය ගෘහස්ථ විසවීම්වලට ප්‍රධාන වශයෙන් හේතු සාධකවී ඇත.
ඊට අමතරව වැඩිහිටියන් දරුවන්ට හසුවන ආකාරයට නොසැලකිලිමත්ව ඖෂධ තැබීමද තවත් හේතුවකි‘‘
‘‘සර්පයන් දෂ්ට කිරීම නිසා ඇතිවන විසවීම්ද ඉහළ අගයක පවතී. එම සංඛ්‍යාව 4,62145 කි. මියගිය සංඛ්‍යාව 1246 කි.
කෘෂි රසායන විසවීම් 2,22 300 වාර්තා විය. ඉන් මිය ගිය සංඛ්‍යාව 14, 438 කි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වස විස මරුවා බරටම වැඩ
උපසේන Tuesday, 27 January 2015 09:15 AM
මේ ගැටළුවට වහාම ඉක්මන් විසඳුමක් අවශ්‍යයි (නි)
නිමල් Tuesday, 27 January 2015 09:29 AM
අදාළ බලදරයිනි, වහාම නිසි පොහොර හඳුන්වා දෙන්න. මෙය සියලු දෙනාගේ හිතසුව පිණිසයි. (නි)