කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළ බවට චෝදනා ලැබ වසර දෙකක කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප ලබාදෙන්නැයි ඔවුන්ගේ නීතිඥවරු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් අද (11) ඉල්ලා සිටියහ.
ඇප පනත අනුව පුද්ගලයකු රිමාන්ඩ් භාරයේ රඳවා ගත හැක්කේ වසර 2ක කාලයක් වන නිසා තම සේවාදායකයින් තව දුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීම නීති විරෝධී බව කියමින් ඔවුන් ඇප මත මුදාහරින්නැයි ඔවුහු වැඩි දුරටත් ඉල්ලා සිටියහ.
වැඩිදුර නඩු විභාගය ලබන 15 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ හිටපු දේශපාලනඥයෝ තරම් මේ වාස් මහත්තයා ඒ හැටි වැරැද්දක් කරලා නැහැ (නි)
නීතිය සැමට සමානද? (නි)
ඔහොම ඉන්න එක එතරම් කරදරයක් නෙමෙයිනේ. අනික බන්ධනාගාරයේ කෑම වුණත් නරක නැහැනේ. (නි)
ඔය මහත්තයට හිරේ ලගින්න වුණේ හොරකම් ජඩකම් මිනීමැරුම් කළනිසාම නෙමෙයි.අපරාදේ කරගත් දේ? (නි)
මෙයා කළදේවල් ගැන සැක තිබෙනවා. හොඳ දේවල් කළා කියලත් කියනවා. අයෙක් රිමාන්ඩ් එකට යන්නෙම නැතුව ඉන්නවා. තව කෙනෙක් වායු සමීකරණය කළ ගිලන් රථවල යනවා. අහිංසකයෝ නිරපරාදේ දුක් විඳිනවා. (නි)
ඕක තමයි කියන්නේ. දැන්වත් තේරුම් ගන්න (නි)
පහුගිය කාලේ පළවුණ වාර්තා කියවනකොට හිතෙනවා මේ රටේ හිටපු දේශපාලනඥයෝ තරම් මේ වාස් මහත්තයා ඒ හැටි වැරැද්දක් කරලා නැහැ කියලා. නමුත් නීතිය කාටත් පොදුයි. නමුත් මීට වඩා රටට හානිකළ ඉහළ පොලිස් නිලධාරීන් යසට වැජඹෙනවා. වාස් මහත්තයා අතින් සමහර වැරදි සිදුවෙන්න ඇති. නමුත් ඒවා හරියි කියලා සාධාරණීකරණය කරන්න බැහැ. (නි)
ඇත්ත. දැන් හිටියා මදැයි රිමාන්ඩ් එකේ (නි)
අධිකරණයක් කියලා තියෙන්නේ සාධාරණත්වය ඉටුකරන්නනේ. වසර දෙකකට වැඩිකාලයක් රිමාන්ඩ් භාරයේ තැබීම නීතිවිරෝධී නම්, ඔහුට වහාම ඇප ලැබිය යුතුයි. අධිකරණයම එම නීතිය කඩකළා නම්, මොකක්ද ඊළඟ පියවර? වාස් මහතාට ජාත්‍යන්තර අධිකරණයේ පිහිට පතන්ට වෙයි. (නි)
වාස් කළා කියන වැරදි වගේ ඒවා වැරදි නම් ඒ වගේ ඒවා කළ දේශපාලනඥයෝ මොනතරම් ඉන්නවද? (නි)
වාස් මහත්තයා දන්නා දේවල් කියන්න අවස්ථාවක් ලැබුනොත් කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු තිබෙන බව හෙළිවේවි. (නි)
වාස් ගුණවර්ධන යනු පැවති රජයට ඔලුව නමන් නැතිව වැඩ කරපු නිලධාරියෙක්. මොහොමඩ් ශ්‍යාම් යනු නීති විරෝධී ව්‍යාපාර තුලින් දනවත් වුණ පුද්ගලයෙක් බවට ප්‍රසිද්ධයි. රටේ සිදුවන අපරාධ දකිනවිට මොහු වගේ අවංක නිලදාරීන්ට අයි ඇප නොදෙන්නේ. (ම)
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද මේ? (ම)
වස් මහතාට ලංකාවේ නිතිය බලපාන්නේ නැද්ද? අධිකරණය ගැන අපිට සැකයක් තියනවා. (ම)
වාස් මහත්මයා කවදාවත් හොර වැඩ කරපු කෙනෙක් නොවේ.අවංක නිලධාරියෙක්. (නි)
පහුගිය කාලේ පළවුණ වාර්තා කියවනකොට හිතෙනවා මේ රටේ හිටපු දේශපාලනඥයෝ තරම් මේ වාස් මහත්තයා ඒ හැටි වැරැද්දක් කරලා නැහැ කියලා. නමුත් නීතිය කාටත් පොදුයි. නමුත් මීට වඩා රටට හානිකළ ඉහළ පොලිස් නිලධාරීන් යසට වැජඹෙනවා. වාස් මහත්තයා අතින් සමහර වැරදි සිදුවෙන්න ඇති. නමුත් ඒවා හරියි කියලා සාධාරණීකරණය කරන්න බැහැ.වාස් මහත්තයා දන්නා දේවල් කියන්න අවස්ථාවක් ලැබුනොත් කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු තිබෙන බව හෙළිවේවි.අයෙක් රිමාන්ඩ් එකට යන්නෙම නැතුව ඉන්නවා. තව කෙනෙක් වායු සමීකරණය කළ ගිලන් රථවල යනවා වාස් කළා කියන වැරදි වගේ ඒවා වැරදි නම් ඒ වගේ ඒවා කළ දේශපාලනඥයෝ මොනතරම් ඉන්නවද? (නි)
මෙතන ලියල තියෙන සියලු දෙනාම වාස්ට සිදුවී ඇති අසාධාරණය දකිනවා. ඔහු නිවරදිකරුවෙක් කියනවා නොවෙයි. නමුත් තවම සැකකරුවෙක් පමණයි.(ම)