IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘වාස් රිමාන්ඩ් කර වසර දෙකයි : ඇප ඕනෑමයි

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළ බවට චෝදනා ලැබ වසර දෙකක කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප ලබාදෙන්නැයි ඔවුන්ගේ නීතිඥවරු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් අද (11) ඉල්ලා සිටියහ.

ඇප පනත අනුව පුද්ගලයකු රිමාන්ඩ් භාරයේ රඳවා ගත හැක්කේ වසර 2ක කාලයක් වන නිසා තම සේවාදායකයින් තව දුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීම නීති විරෝධී බව කියමින් ඔවුන් ඇප මත මුදාහරින්නැයි ඔවුහු වැඩි දුරටත් ඉල්ලා සිටියහ.

වැඩිදුර නඩු විභාගය ලබන 15 වැනිදාට කල් තැබිණි.

 



අදහස් (0)

‘වාස් රිමාන්ඩ් කර වසර දෙකයි : ඇප ඕනෑමයි

ඉරේෂ් එස්. කුමාර Friday, 12 June 2015 06:58 AM

මේ රටේ හිටපු දේශපාලනඥයෝ තරම් මේ වාස් මහත්තයා ඒ හැටි වැරැද්දක් කරලා නැහැ (නි)

:       0       0

දුමින්ද Thursday, 11 June 2015 04:30 PM

නීතිය සැමට සමානද? (නි)

:       0       0

ලලිත් Thursday, 11 June 2015 05:09 PM

ඔහොම ඉන්න එක එතරම් කරදරයක් නෙමෙයිනේ. අනික බන්ධනාගාරයේ කෑම වුණත් නරක නැහැනේ. (නි)

:       0       0

ශෙහාන් Thursday, 11 June 2015 05:16 PM

ඔය මහත්තයට හිරේ ලගින්න වුණේ හොරකම් ජඩකම් මිනීමැරුම් කළනිසාම නෙමෙයි.අපරාදේ කරගත් දේ? (නි)

:       0       0

සඳුන් Friday, 12 June 2015 01:52 AM

මෙයා කළදේවල් ගැන සැක තිබෙනවා. හොඳ දේවල් කළා කියලත් කියනවා. අයෙක් රිමාන්ඩ් එකට යන්නෙම නැතුව ඉන්නවා. තව කෙනෙක් වායු සමීකරණය කළ ගිලන් රථවල යනවා. අහිංසකයෝ නිරපරාදේ දුක් විඳිනවා. (නි)

:       0       0

කැනඩා දිසා Friday, 12 June 2015 01:56 AM

ඕක තමයි කියන්නේ. දැන්වත් තේරුම් ගන්න (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 12 June 2015 02:39 AM

පහුගිය කාලේ පළවුණ වාර්තා කියවනකොට හිතෙනවා මේ රටේ හිටපු දේශපාලනඥයෝ තරම් මේ වාස් මහත්තයා ඒ හැටි වැරැද්දක් කරලා නැහැ කියලා. නමුත් නීතිය කාටත් පොදුයි. නමුත් මීට වඩා රටට හානිකළ ඉහළ පොලිස් නිලධාරීන් යසට වැජඹෙනවා. වාස් මහත්තයා අතින් සමහර වැරදි සිදුවෙන්න ඇති. නමුත් ඒවා හරියි කියලා සාධාරණීකරණය කරන්න බැහැ. (නි)

:       0       0

කරුණාරත්න Friday, 12 June 2015 02:44 AM

ඇත්ත. දැන් හිටියා මදැයි රිමාන්ඩ් එකේ (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 12 June 2015 03:54 AM

අධිකරණයක් කියලා තියෙන්නේ සාධාරණත්වය ඉටුකරන්නනේ. වසර දෙකකට වැඩිකාලයක් රිමාන්ඩ් භාරයේ තැබීම නීතිවිරෝධී නම්, ඔහුට වහාම ඇප ලැබිය යුතුයි. අධිකරණයම එම නීතිය කඩකළා නම්, මොකක්ද ඊළඟ පියවර? වාස් මහතාට ජාත්‍යන්තර අධිකරණයේ පිහිට පතන්ට වෙයි. (නි)

:       0       0

චාමර Friday, 12 June 2015 03:57 AM

වාස් කළා කියන වැරදි වගේ ඒවා වැරදි නම් ඒ වගේ ඒවා කළ දේශපාලනඥයෝ මොනතරම් ඉන්නවද? (නි)

:       0       0

පිටිගල Friday, 12 June 2015 04:48 AM

වාස් මහත්තයා දන්නා දේවල් කියන්න අවස්ථාවක් ලැබුනොත් කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු තිබෙන බව හෙළිවේවි. (නි)

:       0       0

සුසන්ත Friday, 12 June 2015 04:51 AM

වාස් ගුණවර්ධන යනු පැවති රජයට ඔලුව නමන් නැතිව වැඩ කරපු නිලධාරියෙක්. මොහොමඩ් ශ්‍යාම් යනු නීති විරෝධී ව්‍යාපාර තුලින් දනවත් වුණ පුද්ගලයෙක් බවට ප්‍රසිද්ධයි. රටේ සිදුවන අපරාධ දකිනවිට මොහු වගේ අවංක නිලදාරීන්ට අයි ඇප නොදෙන්නේ. (ම)

:       0       0

විමර්ශනා Friday, 12 June 2015 05:01 AM

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද මේ? (ම)

:       0       0

පද්මිණි Friday, 12 June 2015 05:02 AM

වස් මහතාට ලංකාවේ නිතිය බලපාන්නේ නැද්ද? අධිකරණය ගැන අපිට සැකයක් තියනවා. (ම)

:       0       0

කුලේන්ද්‍ර Friday, 12 June 2015 06:01 AM

වාස් මහත්මයා කවදාවත් හොර වැඩ කරපු කෙනෙක් නොවේ.අවංක නිලධාරියෙක්. (නි)

:       0       0

ශාන Friday, 12 June 2015 06:00 AM

පහුගිය කාලේ පළවුණ වාර්තා කියවනකොට හිතෙනවා මේ රටේ හිටපු දේශපාලනඥයෝ තරම් මේ වාස් මහත්තයා ඒ හැටි වැරැද්දක් කරලා නැහැ කියලා. නමුත් නීතිය කාටත් පොදුයි. නමුත් මීට වඩා රටට හානිකළ ඉහළ පොලිස් නිලධාරීන් යසට වැජඹෙනවා. වාස් මහත්තයා අතින් සමහර වැරදි සිදුවෙන්න ඇති. නමුත් ඒවා හරියි කියලා සාධාරණීකරණය කරන්න බැහැ.වාස් මහත්තයා දන්නා දේවල් කියන්න අවස්ථාවක් ලැබුනොත් කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු තිබෙන බව හෙළිවේවි.අයෙක් රිමාන්ඩ් එකට යන්නෙම නැතුව ඉන්නවා. තව කෙනෙක් වායු සමීකරණය කළ ගිලන් රථවල යනවා වාස් කළා කියන වැරදි වගේ ඒවා වැරදි නම් ඒ වගේ ඒවා කළ දේශපාලනඥයෝ මොනතරම් ඉන්නවද? (නි)

:       0       0

සඳුන් Friday, 12 June 2015 06:27 AM

මෙතන ලියල තියෙන සියලු දෙනාම වාස්ට සිදුවී ඇති අසාධාරණය දකිනවා. ඔහු නිවරදිකරුවෙක් කියනවා නොවෙයි. නමුත් තවම සැකකරුවෙක් පමණයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site