බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ සැකකරුවන් පස් දෙනෙක් යළි මාස තුනකට රිමාන්ඩ් කරනු ලැබූහ.
කොළඹ විශේෂ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය හා ලියෝන් සෙනවිරත්න මහත්වරුන් අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
මේ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවෝ පස් දෙනා යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නඩු පැවරීම සාධාරණ යුක්ති ධර්මයට පටහැනියැයි සැකකරුවන් විසින් ගොනු කැරුණු අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ද නියෝග කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කැරුණු ඇපෑල ප්‍රතික්ෂේප වුවහොත් නඩු විභාගය ඔක්තෝබර 17 වැනි දා පැවැත්වීම ඇරැඹීමට ද මහාධිකරණය තීරණය කළේය.
වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු පසුගිය අගෝස්තු හත් වැනි දා මාස තුනකට යළි රිමාන්ඩ් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාස් යළි රිමාන්ඩ්
කාරියවසම් Wednesday, 24 September 2014 08:17 PM
ඔහොම ඔහොම ගිහින් සාක්කි නැතුව නිදහස් නොවුනානම් තමයි පුදුමේ (දී)
උපාලි Thursday, 25 September 2014 06:22 AM
රත්නපුරේදී අර කට්ටියට චරිත සහතික දීල ,කිසිම දේශපාලනයක් ගෑවිලා නැහැ කියල දීපු තල්ලුවේ හැටියට මෙයාට මෙහෙම වුණ එක හරි පුදුමයි. (අ)
චන්ද්‍රා Wednesday, 24 September 2014 02:16 PM
දැන් එල්ලුම් ගහ නැති නිසා , මෙසේ දික් කරමින් ජීවිතාන්තය දක්වාම හිරේ තබා ගැනීමත් වරදක් නැත (නදී)
සුගත් Thursday, 25 September 2014 04:05 AM
මෙයාවනම් එලියට දෙන්න එපා (දී)
නිලක්ෂි Thursday, 25 September 2014 04:07 AM
එක්කෝ එල්ලුම් ගහට යවන්න ඕනේ ,නැත්තම් නිදහස් කරන්න ඕනේ,අනේ මෙහෙමත් නඩු (දී)