පාසල් දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කරන විෂ මත්ද්‍රව්‍ය මිශ්‍ර පැණි බීම බෝතල් 700ක් සමඟ පස් දෙනකු මාකොළ දී අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය කියයි.
මෙම පැණිබීම බෝතල් මාකොළ බටලන්ද පාරේ ගබඩාවක ගබඩා කොට ඇති බවට බස්නාහිර උතුරු නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතාට ලැබුණු තොරතුරක් මත පොලිසිය වැටලීම කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා ගබඩාවේ සේවකයන් බවත්, ඔවුන් අවුරුදු 18, 24, 24, 25 සහ 45 වයස්වල පසුවන්නන් බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මුදලාලිලා දන්නේ නැතුව කරන වැඩක්ද.? (ර)
සැකකරුවන් පස් දෙනා ගබඩාවේ සේවකයන් විතරක් වෙන්න ඇති. අල්ලන්න ඕන බිස්නස් එකේ අයිති කාරයෝ. (ම)
අහිංසක ළමා මනස විකෘති කරන එක මිනීමරන එකටත් වඩා බරපතලයි කියලයි මට හිතෙන්නේ, මේ කිසිවෙක් එලියට දාන්න එපා. (ර)
මට මතකයි චීනයේ ළමා කිරිපිටි වලට ප්ලාස්ටික් කුඩු කලවම් කරපු කෙනෙකුට මරණ දඩුවම දුන්නා. ඇයි අපිට බැරි එහෙම කරන්න මේවටත් දේශපාලනය ගෑවිලා ඇති (ම)
සිරි බලය ගත්තේ මත් උවදුර නැති කරන්න නේද ?දැන් මොකද මේ පාසල් ළමයි ? (ම)