පෙරදිග හොබි කුරුළුගොයා යනු මෙරට ඉතා කලාතුරකින් දැකිය හැකි සංචාරක පක්ෂියෙකි. ඉංග්‍රීසි බසින් ඔරියන්ටල් හොබි Oriental Hobby යනුවෙන් හැඳින්වෙන මොවුන් සත්ත්ව විද්‍යාත්මකව ෆැල්කෝ සෙවරස් Falco severus ලෙස හැඳින්වේ.
බොහෝ ගොදුරු කුරුල්ලන් අතර දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ ගැහැනු සතා පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන් විශාල වීමයි. පෙරදිග හොබි කුරුළුගොයා ද එවැනිය. සෑම කුරුළුගොයකුගේ මෙන් මොවුන්ගේ ද ඇස් දුඹුරු පැහැතිය. ඇස් වටා ලා පැහැති මුදු ආකාර වෙයි. ඇසට පහළින් පටන් ගෙන හොටය දක්වා ගෙල දෙපසින් දිවෙන පටි දෙකක් දක්නට ඇත.
කුරුළුගොයා ගොදුරු අල්ලා ගන්නේ ගුවනේ දී ය. අහසේ සිට අධික වේගයෙන් පහළට එමින් හෙවත් විබෑවෙමින් පාදයේ පසුපස ඇඟිල්ලේ ඇති නඛරයෙන් ගොදුරට පහර දෙයි. කුරුළුගොයන් අතර තරමක් කුඩා විශේෂයක් වූ පෙරදිග හොබි කුරුළුගොයා වැඩිපුර ගොදුරු කරගන්නේ කෘමි සතුන්ය. අන් කුරුළුගොයන්ගේ ප්‍රධාන ගොදුර වන්නේ වෙනත් කුරුල්ලන්ය.
ලොව සිටින කුරුළුගොයන් විශේෂ 60ක් අතරින් ෆැල්කෝ ඝනයට අයත් කුරුළුගොයන් විශේෂ 38 කි. ඉන් වැඩි ප්‍රමාණයක් කිසිවෙකුට ළඟාවීමට අපහසු උස් පර්වත මුදුන් හා පැති බැමිවල කැදලි තනා බිත්තර දමයි. එසේ වුව ද පෙරදිග හොබි කුරුළුගොයා ඇතුළු විශේෂ කිහිපයක් පමණක් ගස් මත වෙනත් කුරුල්ලන් විසින් සාදා අතහැර දමන ලද කැදලිවල බිත්තර දමයි. විශේෂයෙන් ම මේ සඳහා තෝරාගන්නේ කපුටු කූඩුවයි. වරකට බිත්තර තුනක් පමණ දමයි.
පෙරදිග හොබි කුරුළුගොයා ගේ පිට කය කළුවන් අළු පැහැතිය. හිස කළු පැහැතිය. උගුර පෙදෙස හැරුණු විට යටි කය තද දුඹුරුවැනි රතු පැහැයක් නී. උගුර ලා රතු පැහැති පඬුවන් ස්වරූපයක් ගනී. පර්වත දඹවලත්, කඳු මුදුන් හා වනාන්තරවලත් ගැවසේ.
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වීසා නැති සංචාරකයෝ - 16
උපාලි Tuesday, 09 December 2014 01:52 AM
මේ වටිනා ඉදිරිපත්කිරීම් වෙනුවෙන් සජීවට බොහොම පින්. පසුගිය ලිපි 15 යළි බලාගැනීම සඳහා "ලින්ක්ස්" පළකරන මෙන් ඉල්ලමි (නි)