මැටි කොකා පෙනුමෙන් බකමූණකුගේ වැනි දුඹුරු පැහැති පිහාටු සහිත තටු යුගලකින් යුක්තය. සිරුරේ කළු පැහැති සලකුණු සහිත කහවන් දුඹුරැ පැහැති පිහාටු පිහිටයි. සිරුරේ යටි පැත්තේ කළු පැහැති ඉරි පිහිටයි. ඇස් කහ පැහැතිය. හොට කොළවන් කහ පැහැතිය. පාද ලා කොළ පැහැතිය. අනෙක් කොකුන්ට සාපේක්ෂව කෙටි ගෙලක් සහිතය. බොහෝ විට වගුරු සහිත පන් වැනි තෘණ ශාක සහිත පරිසයේ සැරි සැරීමට ප්‍රිය කරන සත්ත්ව විශේෂයකි. යුරාසියානු මැටි කොකා හෙවත් යුරෝසියා පන් කොකා ලෙස ද හඳුන්වයි. බොටුරස් ස්ටෙලාරිස් Botaurus stellaris සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මේ පක්ෂි විශේෂය බ්‍රිතාන්‍යයේ හා යුරෝසියා රටවල අභිජනනය කරයි.
ශීත සෘතුව එළඹීමත් සමග දීර්ඝ මගක් ගෙවා ශ්‍රී ලංකාවට පැමිණෙයි. නිහැරි කුරුල්ලකු වන යුරාසියානු මැටි කොකා ශ්‍රී ලංකාවේ පහතරට කලාපයට පැමිණෙන්නෙකි. දැකීම තරමක් දුර්ලභය.
සෙන්ටි මීටර 7.5ක් පමණ දිගැති කොළ පැහැති හොටයක් සහිත මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ මාළුන් සහ මැඩියන්ය. කුඩා සතුන් හා බෙල්ලන් වර්ග ආහාරයටට ගනී. එමෙන්ම ජලයේ ජීවත්වන කෘමි විශේෂ ද ගිල දමයි.
පෙබරවාරි සිට ජුනි දක්වා කාලයේ දී සිය වර්ගයා බෝකරන යුරාසියානු මැටි කොකාගේ පිරිමි සත්ත්වයා එම කාලයේ දී රෑ දවල් නොබලා මහ හඩ නගයි. දෝංකාර වන ඒ ශබ්දය කිලෝ මීටර දෙකක් පමණ දුරට පැහැදිලිව ඇසේ.
පන් ශාකය මත කැදලි තනන මොවුහු වරකට බිත්තර තුනත් හයත් අතර ප්‍රමාණයක් දමයි.
වීසා නැති සංචාරකයෝ - 01
http://www.lankadeepa.lk/index.php/articles/267260
වීසා නැති සංචාරකයෝ - 02
http://www.lankadeepa.lk/index.php/articles/267404
වීසා නැති සංචාරකයෝ - 03
http://www.lankadeepa.lk/index.php/articles/267670
වීසා නැති සංචාරකයෝ - 04
http://www.lankadeepa.lk/index.php/articles/269230
වීසා නැති සංචාරකයෝ - 05
http://www.lankadeepa.lk/index.php/articles/271278
වීසා නැති සංචාරකයෝ - 06
http://www.lankadeepa.lk/index.php/articles/271788
වීසා නැති සංචාරකයෝ - 07
http://www.lankadeepa.lk/index.php/articles/276725
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වීසා නැති සංචාරකයෝ - 08
නාලි Friday, 21 November 2014 04:15 AM
ප්‍රසංසනීය ලිපි මාලාවක්. සජීව මහතාටත් ලංකාදීප කතු මණ්ඩලයටත් තුති. (නදී)
අමර Thursday, 20 November 2014 07:49 PM
වීසා නැති සංචාරකයෝ සියලු අාටිකල්ස් එක්කොට ලින්ක්ස් ගොනුවක් ලෙස පෙන්වන්න අපට එය වැදගත් (නදී)
සරත් Thursday, 20 November 2014 09:54 PM
හරිම ලස්සනයි. (නි)
ඉන්දු මෙල්බර්න් Friday, 21 November 2014 01:08 AM
ස්තුතියි ලංකාදීප..! (නි)