බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු හය දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව ඔක්තෝබර 14 වැනි දා සිට විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද තීරණය කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවනට එරෙහිව නඩු පවරා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ බැවින් මෙම නඩුව විභාග කිරීමට විනිසුරු මණ්ඩලයට බලයක් නැතැයි ගුණවර්ධන මහතාගේ නීතීඥවරු මූලික විරෝධයක් මතු කළහ.
රෝහිනී මාරසිංහ, ලලිත් ජයසූරිය සහ ලියෝන් සෙනවිරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ අද නඩුව කැදැවූ අවස්ථාවේ විත්තියේ මූලික විරෝධය විනිසුරුවරු ප්‍රතික්ෂේප කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හිතා ගත හැකි. (අ)
නඩු එනවා, නඩු යනවා, එළියේ ඉන්න එකා ඇතුලට යනවා. ඇතුලේ ඉන්න එකා (මිනී 10ක් මරල තිබුනත්) එලියට එනවා. සමහරවිට චන්දෙටත් එනවා. හැබයි ගහලවත් එලවන්න බැහැ.(අ)
ත්‍රස්තවාදය කියන්නේ අපරාදයක් නෙමෙයිද නීතිඥ මහතුනේ ? (අ)