බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් ෂ්‍යාම් ඝාතනය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ඇතුළු හය දෙනා තවදුරටත් රිමාන්ඩ් කිරීම ගැන බ්‍රහස්පතින්දා (5) තීන්දුව දෙන බව විශේෂ මහාධිකරණය අද (4) ප්‍රකාශ කෙළේය.
රෝහිණි වල්ගම, ලියොන් සෙනෙවිරත්න හා ලලිත් ජයසුරිය යන විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩුව විභාග වේ.
මහාධිකරණ නඩු විභාගය අවසන් වන තුරු සැකකරුවන් රිමාන්ඩ් බාරයේ තැබිය යුතු යැයි රජයේ නීතිඥවරිය කරුණු දැක්වුවාය. එවැනි ඉල්ලීමක් නීතිපති විසින් පෞද්ගලිකවම කළ යුතු යැයි විත්තියේ නීතීඥවරු කීහ. නීතිපති තමාට ඒ අවසරය දී ඇතැයි නීතිඥවරිය පැවැසුවාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාස් යනු අවංක නිලධාරියෙකි (නි)
මොනවා වුණත් මම නම් වාස් මහත්තයාව දකින්නේ හොඳ කෙනෙක් හැටියටයි (නි)
වැරදි කර අැත්නම් දඩුවම් දෙන්න.(නදී)
කොන්ද පන තිබීම ලංකාවේ පොලිස් සේවයට නුසුදුසු කමක්. (නදී)
අර පසුගිය කාලෙක සිය බිරිදයි අලුත උපන් දරුවවයි මරලා ඇදේම ගිනි තියාපු ඒ පව් කාරයත් ඔන්න ඊයේ නිදහස් වෙලා ගෙදර ගිහින්ලු. (නදී)
කින් බෙනට් මහත්තයෝ, ශ්‍යාම් නැවත එන්නේ නැති වුණාට වරදකරුවන්ට දඩුවම් කළ යුතුයි (නි)
මේක තව ටික කාලයකින් අපිට දැනගන්න පුලුවන් (නි)
මට නම් නිකමට වගේ හිතෙනවා සිද්ධ වෙන්න යන දේ ගැන... (නි)
රංග, වෙලා තියෙන්නේ වාස් මහත්තයා. අල්ලන්න ඕන නැති ඒවත් ඇල්ලුවා. නොතේරෙනකම තමයි. (නදී)
මොනවා වුණත් නිලධාරියෙක් තමන්ගේ පොලිස් නිල ඇඳුමට හෝ ගෞරව කළ යුතුයි (නි)
තමා කල පවු තමා පසු පස එනවා.(නදී)
ඔන්න ඔහේ තව ටික කලක් ඉඳලම එන්න මහත්තයෝ (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
හේමන්ත , ඉතින් අපට දැනගන්නත් එක්ක මොනවාහරි කියන්නකෝ. (නි)
මෙපමන සාක්ෂි තිබියදීත් නඩුව ප්‍රමාද වෙන්නෙ ඇයි? (නි)
වාස් මහතා තමයි කුරුණෑගල ගැහැනු ළමයි විකුණන එකයි රත්නපුරේ ගැහැණු මරණ එකයි නැවැත්තුවේ. මේක පිටිපස්සේ තව කව්රු හරි ඉන්නවා කියා හිතෙනවා. මොකද වාස් මහතා පොලිසියේ රාළහාමිලට පෑලියගොඩදී ගහපු වෙලාවේ කිව්වා රාළහාමිලට තුවක්කු දීල තියෙන්නේ ගුටිකාලා එන්න නෙවෙයි කියා. (නදී)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. (නදී)
වාස් මහත්තයා ඔය වැඩේ කරන්න තරම් මොලයක් නැති කෙනෙක් කියලා මම හිතන්නේ නෑ. කොයි තරම් හොඳට වැඩ කරපු නිලදාරියෙක්ද (නදී)
මෙයාලව එලියට දමන්න කලින් , මෙයාලා ලග සගවපු ආයුද එහෙම ඇද්ද කියලා සොයා බලන්න බැරිද? ජනතාවට කරන සේවයක් වශයෙන් (නදී)
වැරදි කර ඇත්නම් ජීවිත කාලයම හිරේ දැම්මා නම් තමා හොද. (නදී)
කව්රු මොනවා කිව්වත් ඔබතුමා මිනිමරුවෙක් නෙමෙයි. ඔබතුමා හොඳ අවංක නිලධාරියෙක් .ගොඩක් කරදර වෙන්නේ හොඳ අයට.සමහරු දන්නා දේකුත් නැහැ නොදන්නා දේකුත් නැහැ ,ඔහේ කියෝනව. ඔබට දෙවි පිහිට. (ස)
මමත් කියන්නේ හේමන්ත කියන කතාව තමයි (නි)
හේමන්ත, ඔබට හොඳටම තරහ ඇවිල්ලා වගේ. අපේ ලොකු අයියාත් මොකක් හරි වෙද්දී ඔය කතාවමයි කියන්නේ. "බලමුකෝ මොකද වෙන්නේ කියලා.." කියන්න බලන්න ඔබ මොකද්ද අදහස් කරන්නේ? (නි)
අපේ මිනිස්සුන්ට තීරණයක් ලැබෙනතුරු ඉවසගෙන ඉන්න බැහැනේ (නි)
මොනවා වුණත් මියගිය ශ්‍යාම් නැවත එන්නේ නැහැනේ.... (නි)
කින් බෙනට්, මට බය මියගිය අය ගැන නොවේ (නි)
මියගිය අයත් නීතියට පටහැනිව නොයෙක් දේ ආනයනය කල මුදලාලි කෙනෙක් ලු නේද? (නදී)