IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වාස් ගුණවර්ධන උසාවි ගෙනේ

කොල්ලුපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කොළඹ අලුත්කඩේ අංක පහ උසාවියට අද උදේ රැගෙන එනු ලැබීය.

ඔහු රැගත් බන්ධනාගාර රථයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබිණි.

මහජනයා උසාවියට ඇතුළු කර ගැනුණේ සොදිසියකින් පසුවය.

 



අදහස් (0)

වාස් ගුණවර්ධන උසාවි ගෙනේ

ලුම්බිණි Tuesday, 25 June 2013 10:41 AM

දැනට අපිට සේවය කරනවා කියා කියා ඉන්න ලොකු ලොක්කෝ බොහොම දෙනෙක් ඔය වගේ අය තමයි. පිටට පෙනෙන විදිය නොවෙයි ඇතුලත. මේක තේරුම් ගන්නේ නැති එක තමයි වරද. (නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 25 June 2013 10:56 AM

සත්‍ය කුමක්දැයි බැලීමට මුලු රටම පෙළ ගැසී ඉන්නවා.(නදී)

:       0       0

රත්නායක Tuesday, 25 June 2013 06:41 PM

පවි අනේ! ඒ මහත්තයා වැරදි කරලා නැතුව ඇති. හොදට හොයන්න (නි)

:       0       0

අමිල-කටුනායක Tuesday, 25 June 2013 11:04 AM

කෝ මෙයාගේ කට.(නදී)

:       0       0

අරුන් Tuesday, 25 June 2013 11:09 AM

වාස් ගුනවර්දන නාටකය පිටුපස රත්‍රන් තියෙනවද?(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 25 June 2013 11:12 AM

මෙයාට පිරිත් නූල් බෑඳපු කට්ටිය කෝ.(නදී)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 25 June 2013 02:19 PM

කොකාගේ සුද දකින්නේ පිහාඹන විටලු. ඒ වගේම හොඳ මුහුණ පෙන්නා ජරා වැඩ කරන මිනිසුන් එපමණයි. එයින් කෙනෙකි වාස් ගුනවර්දන. සමහරු මෙයාට චරිත සහතිකත් දෙනවා. හොඳ මිනිහෙක් හැටියට. මන් හිතන්නේ තේරුමක් නැති කම.(නදී)

:       0       0

ඇන්ටන් Tuesday, 25 June 2013 11:14 AM

ඔය එක්කෙනා උසාවියේදී ඇත්ත කිව්ව්වම ඕවලට සම්බන්ද මැති ඇමතිලාවත් අත්අඩංගුවට ගනීවි නේද ?(නදී)

:       0       0

ප්‍රසා Tuesday, 25 June 2013 11:15 AM

ලංකාදීප ,,, අපිට ඉක්මට ෆොටෝ එවන්න ... මෙයාගේ මූණ ටිකක් බල ගන්න....(නදී)

:       0       0

සමන්ත Tuesday, 25 June 2013 11:18 AM

ඇත්තටම මොකද මෙහෙම වන්නේ පොලිස් කොමිසමක් නැති නිසාද දේසපාලන උසස්වීම් නිසාද. දේශපාලනය නිසානම් මෙය වහා නතර කළ යුතු වෙනවා මන්දයත් මීට වඩා භයානක දේවල්වලට මුහුණ දෙන්න උනොත් කව්ද මේවට වග කියන්නේ. මේක මෙරට පාලනය කරන අයගේ වැඩක්. එය කුමන දේසපාලන පක්ෂයක් වේවා අපේ රටේ ගොඩක් උදවිය හිතන්නේ රටට හෙන ගැහුවත් කමක් නැහැ කියලා. මෙ රටේ හිගන මිනිහ මීට වඩා රටට අදරෙයි.(නදී)

:       0       0

සමන් Tuesday, 25 June 2013 11:21 AM

මෙයා වරදකාරයන් කරලා හිරේ යවපු අසරණ අහිංසක මිනිස්සුන්ට නැවත නඩු කියන්න වෙයි. දැන් කොහොමද මෙයා හොඳ වැඩ කරා කියන්නේ? දන්නා විදියට නිපුන රාමනායක විතරයි බේරුනේ. එකත් දන්නා කියන අය ආණ්ඩුවේ හිටපු නිසයි. ලසන්ත වික්‍රමතුන්ගව මරපු එක අහුවෙන නිසා මෙයාව ලස්සනට බේරලා ගනියි. ලේ පිසදාගත්හම මෙයා පොලිස්පති කමටත් හොඳයි කියයි.(නදී)

:       0       0

අපොන්සු Tuesday, 25 June 2013 11:25 AM

උසාවි නැතුව "හංගපු ආයුද පෙන්නන්න " රවුමක් අරන් යාවිද? (නදී)

:       0       0

පෙරේරා Tuesday, 25 June 2013 11:29 AM

නඩුව අහන්ඩත් කලින් හුඟක් අය පත්තරවල තියෙන දේවල් වලින් පමණක් තීන්දුව දීලත් ඉවරයි.(නදී)

:       0       0

ජයසිංහ Tuesday, 25 June 2013 11:30 AM

ඇවිලෙන ගින්නට පිදුරු දාන්න මිසක් සත්‍ය කුමක්ද සොයා බලන්න කවුරුත් නැහැ මිට වඩා ලොකු ලොක්කොත් ඔය දේම කරනවා දැන ගත යුතු එයයි.(නදී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 25 June 2013 11:34 AM

ලෝකේ අනිත් රටවල් වගේ නෙවෙයි අපේ රට හරි වෙනස්. පහසුවෙන්ම ගැලවෙන්න පුළුවන්, පහුගිය කාලේ අපි දුටුවා ප්‍රසිද්ධියේ මිනී මරලා මිනීමරුවට කුඩ අල්ලන පිරිසක්. (නි)

:       0       0

ප්‍රින්ස් Tuesday, 25 June 2013 11:38 AM

සත්‍යය ජයගනී.මෙලොව වරදක් කලානම් මියයාමට පෙර එය විඳිය යුතුවේ. (ත)

:       0       0

ප්‍රදීප් Tuesday, 25 June 2013 03:02 PM

ඔබ හරි සමන් (නි)

:       0       0

උපුල් Tuesday, 25 June 2013 11:45 AM

ස්වාධීන පොලිස් කොමිසමක අවශ්‍යතාවය අපිට දැනෙනවා. පොලිසියට ඇති දේශපාලන බලපෑම නැති කරමු. (නි)

:       0       0

සිල්වා Tuesday, 25 June 2013 11:54 AM

ජයසිංහ ඔබහරී!!! ජනතාව තවමත් තේරුම් අරගෙන නැහැ මෙරටේ තත්වය සහ දේසපාලනය (ත)

:       0       0

වරුණ Tuesday, 25 June 2013 10:04 AM

ආසියාවේ අස්චර්යය මේකද? මිනීමරුවන්ටත්?(නදී)

:       0       0

පද්මිණි Tuesday, 25 June 2013 05:27 PM

දම්මික, දැන් ඔයා තීන්දුව දීලත් ඉවරයිනේ. අපිට දිවැස් නැති නිසා ඉවර වෙනතුරු බලන් ඉන්නවා. (නි)

:       0       0

උපාලි Tuesday, 25 June 2013 10:20 AM

අපි හිතාගෙන හිටියේ ලංකාවෙන් අපරාධ තුරන් කිරීමට දෙවියන් එවූ සුර දුතයෙක් කියලනේ. මාව නිකන් කරකවල අතැරිය වගේ වුනා. ඉතින් අපි කොහොමද ගැලවුම්කාරයින් වගේ පෙනී සිටින තව බොහොමයක් දෙනා විශ්වාශ කරනේ? (නදී)

:       0       0

ගිම්හානි Tuesday, 25 June 2013 01:48 PM

පෙරේරා, ප්‍රින්ස්, ඔබ හරි.සමහරු තීන්දු දීලත් ඉවරයි. මේ අපේ රටේ හැටි. කොයිතරම් දේවල් කළත් මිනිස්සු බලන් ඉන්නේ කාටම හරි වරදිනතුරු.අපේ සිංහලයාගේ හැටි.පිටරටකදී වුනත් එහෙම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site