කොල්ලුපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කොළඹ අලුත්කඩේ අංක පහ උසාවියට අද උදේ රැගෙන එනු ලැබීය.
ඔහු රැගත් බන්ධනාගාර රථයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබිණි.
මහජනයා උසාවියට ඇතුළු කර ගැනුණේ සොදිසියකින් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අපිට සේවය කරනවා කියා කියා ඉන්න ලොකු ලොක්කෝ බොහොම දෙනෙක් ඔය වගේ අය තමයි. පිටට පෙනෙන විදිය නොවෙයි ඇතුලත. මේක තේරුම් ගන්නේ නැති එක තමයි වරද. (නදී)
සත්‍ය කුමක්දැයි බැලීමට මුලු රටම පෙළ ගැසී ඉන්නවා.(නදී)
පවි අනේ! ඒ මහත්තයා වැරදි කරලා නැතුව ඇති. හොදට හොයන්න (නි)
කෝ මෙයාගේ කට.(නදී)
වාස් ගුනවර්දන නාටකය පිටුපස රත්‍රන් තියෙනවද?(නදී)
මෙයාට පිරිත් නූල් බෑඳපු කට්ටිය කෝ.(නදී)
කොකාගේ සුද දකින්නේ පිහාඹන විටලු. ඒ වගේම හොඳ මුහුණ පෙන්නා ජරා වැඩ කරන මිනිසුන් එපමණයි. එයින් කෙනෙකි වාස් ගුනවර්දන. සමහරු මෙයාට චරිත සහතිකත් දෙනවා. හොඳ මිනිහෙක් හැටියට. මන් හිතන්නේ තේරුමක් නැති කම.(නදී)
ඔය එක්කෙනා උසාවියේදී ඇත්ත කිව්ව්වම ඕවලට සම්බන්ද මැති ඇමතිලාවත් අත්අඩංගුවට ගනීවි නේද ?(නදී)
ලංකාදීප ,,, අපිට ඉක්මට ෆොටෝ එවන්න ... මෙයාගේ මූණ ටිකක් බල ගන්න....(නදී)
ඇත්තටම මොකද මෙහෙම වන්නේ පොලිස් කොමිසමක් නැති නිසාද දේසපාලන උසස්වීම් නිසාද. දේශපාලනය නිසානම් මෙය වහා නතර කළ යුතු වෙනවා මන්දයත් මීට වඩා භයානක දේවල්වලට මුහුණ දෙන්න උනොත් කව්ද මේවට වග කියන්නේ. මේක මෙරට පාලනය කරන අයගේ වැඩක්. එය කුමන දේසපාලන පක්ෂයක් වේවා අපේ රටේ ගොඩක් උදවිය හිතන්නේ රටට හෙන ගැහුවත් කමක් නැහැ කියලා. මෙ රටේ හිගන මිනිහ මීට වඩා රටට අදරෙයි.(නදී)
මෙයා වරදකාරයන් කරලා හිරේ යවපු අසරණ අහිංසක මිනිස්සුන්ට නැවත නඩු කියන්න වෙයි. දැන් කොහොමද මෙයා හොඳ වැඩ කරා කියන්නේ? දන්නා විදියට නිපුන රාමනායක විතරයි බේරුනේ. එකත් දන්නා කියන අය ආණ්ඩුවේ හිටපු නිසයි. ලසන්ත වික්‍රමතුන්ගව මරපු එක අහුවෙන නිසා මෙයාව ලස්සනට බේරලා ගනියි. ලේ පිසදාගත්හම මෙයා පොලිස්පති කමටත් හොඳයි කියයි.(නදී)
උසාවි නැතුව "හංගපු ආයුද පෙන්නන්න " රවුමක් අරන් යාවිද? (නදී)
නඩුව අහන්ඩත් කලින් හුඟක් අය පත්තරවල තියෙන දේවල් වලින් පමණක් තීන්දුව දීලත් ඉවරයි.(නදී)
ඇවිලෙන ගින්නට පිදුරු දාන්න මිසක් සත්‍ය කුමක්ද සොයා බලන්න කවුරුත් නැහැ මිට වඩා ලොකු ලොක්කොත් ඔය දේම කරනවා දැන ගත යුතු එයයි.(නදී)
ලෝකේ අනිත් රටවල් වගේ නෙවෙයි අපේ රට හරි වෙනස්. පහසුවෙන්ම ගැලවෙන්න පුළුවන්, පහුගිය කාලේ අපි දුටුවා ප්‍රසිද්ධියේ මිනී මරලා මිනීමරුවට කුඩ අල්ලන පිරිසක්. (නි)
සත්‍යය ජයගනී.මෙලොව වරදක් කලානම් මියයාමට පෙර එය විඳිය යුතුවේ. (ත)
ඔබ හරි සමන් (නි)
ස්වාධීන පොලිස් කොමිසමක අවශ්‍යතාවය අපිට දැනෙනවා. පොලිසියට ඇති දේශපාලන බලපෑම නැති කරමු. (නි)
ජයසිංහ ඔබහරී!!! ජනතාව තවමත් තේරුම් අරගෙන නැහැ මෙරටේ තත්වය සහ දේසපාලනය (ත)
ආසියාවේ අස්චර්යය මේකද? මිනීමරුවන්ටත්?(නදී)
දම්මික, දැන් ඔයා තීන්දුව දීලත් ඉවරයිනේ. අපිට දිවැස් නැති නිසා ඉවර වෙනතුරු බලන් ඉන්නවා. (නි)
අපි හිතාගෙන හිටියේ ලංකාවෙන් අපරාධ තුරන් කිරීමට දෙවියන් එවූ සුර දුතයෙක් කියලනේ. මාව නිකන් කරකවල අතැරිය වගේ වුනා. ඉතින් අපි කොහොමද ගැලවුම්කාරයින් වගේ පෙනී සිටින තව බොහොමයක් දෙනා විශ්වාශ කරනේ? (නදී)
පෙරේරා, ප්‍රින්ස්, ඔබ හරි.සමහරු තීන්දු දීලත් ඉවරයි. මේ අපේ රටේ හැටි. කොයිතරම් දේවල් කළත් මිනිස්සු බලන් ඉන්නේ කාටම හරි වරදිනතුරු.අපේ සිංහලයාගේ හැටි.පිටරටකදී වුනත් එහෙම තමයි (නි)