බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුව විභාග කිරීමට කොළඹ විශේෂ මහාධිකරණය ගත් තීරණය ඉවත දමන්නැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් අභියාචනාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කළේය.
නඩුව විභාග කිරීමට ගත් තීරණය අහෝසි කර තමනට ඇප දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
වාස් ගුණවර්ධන, ලක්මිණි ඉන්දික බමුණුසිංහ, ගාමිණී සරත්චන්ද්‍ර, ආනන්ද පතිරගේ, ප්‍රියන්ත සංජීව, රංග දිසානායක හා රවිඳු වාස් ගුණවර්ධන මෙම ඇපෑල ඉදිරිපත් කළේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් තමන්ට එරෙහි නඩුව පොදු නීතිය යටතේ පැවරීම වැරදි බව ඔවුහු කියති.
ඔවුන් මහාධිකරණයට ඉදිරිපත් කළ විරෝධතාවය ඉවත දැමීම වැරදි බවත්, මහාධිකරණයේ විනිසුරුවරු තිදෙනාට තමනට එරෙහි නඩුව විභාග කිරීමට අධිකරණ බලයක් නැති බවත් ඔවුහු කියා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු කියන කියන තරමට නීතිය පොලිෂ් වෙනවලු. ඉස්කෝලේ වත්තේ අඹ කැඩුවම කොල්ලට දඬුවම් කලයුත්තේ ඉස්කෝලේ නීතිය යටතේ විදුහල්පති විසින්ද, නැත්නම් ගෙදර නීතිය යටතේ දෙමවුපියන් විසින්ද කියන මේ නීති ප්‍රශ්නය විසඳගන්න හොඳ අවස්තාවක්. (නදී)
මෙච්චර මිනි මරලා හොයාගන්න කරුණු කාරනා තියන එකේ මොන ඇපෙල් ද (නදී)
ඇප ලැබෙයිද? (නි)
ඔය ඔක්කොම මෝඩ කතා මතකද සරත් ෆොන්සේකාට කරපු අසාදාරණය. වාස් ගුනවර්දනත් ඒ කාලේ ආණ්ඩුවට කඩේ ගියා. කලදේ පලදේ. (නදී)
ඔහොම ගිහින් වාස් ගුනවර්ධන ඕස්ට්‍රේලියාවේ ඇපල් කනවා කියලත් ආරංචි වෙයි කතු තුමෝ. (නදී)