
(ප්‍රසාද් රුක්මල්)
දින නියමයක් නොමැතිව දැනට වසා දමා තිබෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ (3) තෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 21 වන දින යළි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි .
ඒ අනුව තෙවන වසරේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර සරසවි සිසුන් 20 වන දින වන විට සිය නේවාසිකාගාරවලට පැමිනෙන ලෙසට දැනුම් දෙති .
මේ අතර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ (2) දෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 28 වන දින යලි ආරම්භ කරන බවද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය .
එම දෙවන වසරේ සියලුම පීඨවල සිසුන්ට සැප්තැම්බර් මස 2 දින සිට සති දෙකක කාලයක් පුරා අධ්‍යයන නිවාඩු ලබා දෙන බව පවසන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා එම සිසුන්ගේ විභාගය සැප්තැම්බර් මස 18 වන දින ආරම්භ වීමට නියමිත යැයි ද සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd