අජන්ත කුමාර අගලකඩ
රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළාක් මෙන්, ඔවුන්ට අයත් ආයතන හා විෂය පථයන් ගැසට් කර පත් කරන්නැයි හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එවිට කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් අතර ඇති වියහැකි ගැටුම් බොහෝ දුරට අවම කර ගැනීමට හැකිවනු ඇතැයිද ඔවුන් පෙන්වා දී ඇති බව දැනගන්නට තිබේ.
හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර ,ඔවුන් එහිදී මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට තිබේ.
ජනාධිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලැබී නැතැයි ද වාර්තා වේ
රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට යෝජනා වී ඇති අතර,එම පත්කිරීම් අතුරු අය වැය සම්මත කිරීමෙන් පසුව සිදුවනු ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ඇමති තනතුරු සඳහා පමණක් නොවෙයි, මන්ත්‍රීලා සඳහාත් විෂයයන් ගැසට් කරනවා නම් හොඳයි. මොකද පසුගිය දිනක රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වාසුදේව රත්නපුර දිස්ත්‍රික්කයේ කිසිම වැඩක් නොකළත්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රශ්න විසඳීමට නිවාස අමාත්‍යාංශ කමිටුවක් ඉදිරියට ගොස් තිබුණා. එහෙම ක්‍රියාවන් ඡන්දය දුන්නු ජනතාවට කරන බලවත් අසාධාරණ වැඩ...!