
(හැටන් රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වයිරසය අසාධනය වූ අසාධිතයෙකු හමුවීම නිසා වසා දමා තිබූ හැටන් නගර මධ්‍යයේ පිහිටි මත්ස්‍ය වෙළඳපලේ විෂබීජ හරණයට ලක් කිරීමට ඊයේ (06) පැමිණි හැටන්, දික්ඔය නගර සභාවේ සේවකයින් එම වෙළඳසැලේ තිබු මූදල් සහ භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව එම මත්ස්‍ය වෙළෙඳපලේ කලමණාකාරවරයා පැවසීය.
එම මත්ස්‍ය වෙළෙඳපලේ මුදල් කවුන්ටරය කඩා එහි තිබූ රුපියල් 37000ක මුදල් සහ අලෙවි කිරීමට තිබු රුපියල් 50000ක් පමණ වටිනා මිරිස් කුඩු, පොල්තෙල් බෝතල් කිහිපයක් සහ පාරිභෝගියන්ට මාළු ලබාදීමට තිබූ පත්තර තොගයක්ද සොරාගෙන ගොස් ඇත.
එම වෙළෙඳසැලේ සේවය කළ සේවකයින් සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ අතර, එම ස්වයං නිරෝධායනය අද (07) අවසන් වීමෙන් පසු එම මත්ස්‍ය වෙළෙඳපල පවිත්‍ර කිරීමට පැමිණි එම සේවකයින් විසින් එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරීමේදි මුදල් සහ භාණ්ඩ සොරාගන්නා ආකාරය එහි සටහන් වී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් එම මත්ස්‍ය වෙළෙඳසැලේ කලමණාකරු විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු එවුන් කරන කොට කිසි සද්දයක් නැහැ. පොඩි එකාගේ ඒවා නම් සීසීටීවී වල දාලා පත්තරෙත් දානවා. එහෙම කරලා සොහොන් හදලා රටෙත් නායකයින් වුණානේ.. කෝටි 3.5 නම් ආපහු ගෙව්වා තමයි. ඒත් ඉතිරි ටික...?
අතපය කඩන්න එපෑයැ. මිනිස්සු අසරණ වුණාම ඒකෙන් ප්‍රයෝජන ගන්න බලන් ඉන්නවා.