උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන වොෂින්ටන් බෞද්ධ විහාරයේ කෙරෙන විවිධ ආගමික වැඩසටහන් අතර වොෂින්ටන් නගරය ආශ්‍රිත පාසැල් දරුවන්ට බුදුදහම සහ භාවනාව ඉගැන්වීම ද ජනප්‍රිය වැඩසටහනකි.
එසේ විහාරයට පැමිණි වයස අවුරුදු දහයක පමණ දරු පිරිසක් බුදුන්වහන්සේ ගැන ප්‍රශ්න අසමින් කෙටි දේශනයකට සවන්දී ඉන් පසු භාවනාකළ භාවනා කළේය.
භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් විසිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මණ්ඩාවල හිමි ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවන් ඉතා හොඳින් හැසිරවීමේ හැකියාව ඇති එමෙන්ම බුදුදහම ප්‍රායෝගිකව ගැඹුරින් හදාරා ඇති ඉතාම නිහඬව විශාල මෙහෙයක් සිදුකරන හිමිනමක්. මෙය වටහාගත් වොෂින්ටන් විහාරාධිපති ධම්මසිරි නාහිමියන් මණ්ඩාවල හිමියන් මගින් කරන්නේ අතිවිශාල ශාසනික මෙහෙයක්. මෙය ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරයෙහි යෙදී සිටින හිමිවරුනට හොඳ ආදර්ශයක්.(ස)
අපේ හාමුධුරුවෝ තොප්පිය ගලවාගෙන මෙම වැඩසටහන කළා නම් කොච්චර ලස්සනද අනේ !!! (ස)
තොප්පිය දාලා ඉන්නේ සීතල නිසා (දිල්)
කුමාර ඔබ බැලිය යුක්තේ මුලික සිද්ධාන්තය දෙසය. ඒ තුලින් ඔබ තුලට ගමන් කරන්න එවිට මනස නිරවුල් වේ. සැබෑ සත්‍ය වැටහෙනු ඇත.(දිල්)
මම හිතන්නේ අදික සීතල නිසා හිස් වැසුම පැළැද සිටිය යුතුමයි (දිල්)
කුමාර, දන්නේ නැති දේවල් ගැන කියවන්න එපා.. සීත රටවල්වල උෂ්ණත්වය කීයද කියල දැන ගන්න ඒ කාලයට (දිල්)
කුමාර හාමුදුරුවෝ සිතල නිසා බිණි එකක් පළදා සිටින්නේ . සිතල රටවල කොණ්ඩය කැපූ විට ඉතාම අපහසුයි (දිල්) .
කුමාර. ඔය වගේ මෝඩ අදහස් තියෙන මිස්සු නිසා තමා මේ ලෝකේ කාලකන්නි වෙලා තියෙන්නේ. (දිල්)
කරන වැඩේ මිසක් තොප්පිය ගැන හොයන්න ඕනෙද .(නදී)
සීතයේ වොෂින්ටන් නගරයේ උෂ්ණත්වය පහල යන හැටි දන්නේ නැතිව වෙන්න ඇති තොප්පිය ගලවන්න කියල හමුදුරුවන්න්ට කියන්නේ. කුමාර ඔයාගේ නොදැනුවත් කම. (නදී)
කුමාර , ශීත කාලයේ පන්සල වල වැඩ වසන ස්වාමින්වහන්සේලා කොහොමත් වුල් තොප්පි පළඳිනවා. නැති නම් ඒ කාලගුණයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඇමෙරිකාවේ උෂ්ණත්ව රින ගණන් වලට පහල බහින අවස්ථා තිබෙනවා. ඒ නිසා මේ කරන ශාසනික සේවා ව අගය කරන්න. බලන්න අර මුස්ලිම් ජාතික ගැහැණු දරුවා භාවනා කරන අපුරුව. ඔවුන්ගේ ක්‍රියාව සහ සිතිවිලි අගය කරන්න. ඔය හිස් වැස්ම අයින්කරන්න කීවා නම් ඒ දරුවා ඒ භාවනා වැඩ සටහනට එන්නේ නැහැ. අපි සාධාරණ විදියට සිතමු. (ස)
තොප්පියක් අල්ලා ගෙන දගලන එකේ කුමාරට මේ කෙරෙන ශාසනික සේවාවේ වටිනාකම පෙනුනේ නැති එක හරි පුදුමයි. (ම)
බණ්ඩාර, හරියට හරි. (ම)
කුමාර තොප්පිය දා ගනී.... (ත)
කුමාර, නජරාහී නගොත්තෙන නජජ්ජා හෝති බ්‍රහ්මනෝ ... තොප්පිය ද පෙනුනේ. ඒක දාගන්න්න. අපි බණ අහල භාවනා කරන්නනම්. (ත)
අපේ අයට පේන්නෙම අඩුපාඩු හිස් වැසුම පලදින්නේ ශීතලෙන් ආරක්ෂා වෙන්නයි. අපේ මණ්ඩාවල හිමියන්ට දිගාසිරි (ත)
තොප්පි නැතිව කොහොමද මේ ශීතලේ ගැහෙන රටවල් වල ජීවත් වෙන්නේ ? ඇයි උන් වහන්සේ කරන ශාසන සේවය ගැන කතා කරන්නේ නැත්තේ ? (ත)
කුමාර නොදන්නා කමට මේ කොමෙන්ට් එක දාන්න ඇත්තේ (නදී)
අපේ පාසැල් වල සිංහලයි දෙමළයි අනිවාර්ය කරනවට වඩා කල යුත්තේ භාවනාව අනිවාර්ය කරන එකයි. මෙත් සිසිලෙන් දරුවන්ගේ සිත් නිවී සැනසේවා.(නදී)
මේ කාලෙ මේ නගරයේ තියෙන්නේ පුදුම සීතලක්. (ත)
වෙනත් ආගමකින් මේ දේ කළා නම් ඒකට කියන්නේ අන්‍යාගමිකරණය කියලලු. (නදී)
දැන් මෙහෙ තදින්ම සිතල කාලය. ඒ නිසයි හිස වසා ගෙන ඉන්නේ. (නදී)
තොප්පි ගැන කතාකරන්නේ ලංකාවේ ඉඳල පිටරට ගිහින් ස්වාමීන් වහන්සේලා කරන සේවාව උහුලගන්න බැරුව ඉරිසියාවෙන් පැලෙන අය. ඒ නිසා ඒවා ගණන් ගන්න එපා. පුරසඳ පෙන්නනකොට සඳ දෙස නොබලා අත දෙස බලන අය අදත් ඉන්නවා.(නදී)
ඉතාම හොද ක්‍රියාවලියක් දරුවනට මෙවැනි දෑ පුරුදු කිරීම තුලින් සමාජය හරිමගට ඉබේම යොමුවෙනවා ඇමරිකාවේ විසල වසයෙන් දැන් යොමුවෙනවා බුදුදහම ඉගන ගැනීමට මමද ඇමරිකාවේ සිටි කාලයේදී ගොඩක් පිරිස මගෙන් බෞද්ද දර්ශනය ගැන ප්‍රශ්න යොමුකාර මම දන්නා විදියට පිළිතුරු දුන්නා සැමට එක නෝවේජියානු ඉන්ගේනේරු කාන්තාවක් මට පැවසුවේ මෙහි යථාර්තය දරුවන්ට ඉගැන්වීම ශාමුලික වගකීමක් කියයි මොකද අවබෝදය තියාගෙන පිරිස අතරේ බෙදාගැනීමේ වගත්කම අයටද දරුවන් 4 දෙනෙක් සිටියේය බුද්ධිමතුන් බුද්ධිමත් දේ සොයා යති. (ස)
කුමාරගේ නුගත්කම පෙන්නුවට තුති (නදී)