දිවයින පුරා සිටින වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කර ඇති අද දිනයේ කොළඹ පෞද්ගලික රෝහලක දී එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා හමුවීමට වෙලාවක් වෙන් කර ගත් බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කියයි.
වැඩ වර්ජනය හේතුවෙන් අද (5 වැනිදා) පෞද්ගලික වෛද්‍ය ආයතනවල සේවය නොකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනෙකුත් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇති නමුත් එහි සභාපතිවරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානකදී හමුවී ප්‍රතිකාර ගැනීමට අද වෙලාව වෙන්කරවාගත හැකිවූ බව ද රාමනායක මහතා පවසයි.
අද සවස 4.05ට පාදෙනිය මහතා හමුවීමට වෙලාව ලැබුණු බව ද, ඒ සඳහා ගාස්තු ලෙස රුපියල් 1925ක් තමා ගෙවු බව ද රාමනායක මහතා ප්‍රකාශ කරයි.
රංජන් රාමනායක මහතා අනුරුද්ධ පාදෙනිය මහතා හමුවීමට අවස්ථාව ලබාගෙන ඇත්තේ පෙරදින රාත්‍රියේය. මේ ගැන කළ විමසීමකදී වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙලෙස ද කීවේය.
‘‘අද මම පෞද්ගලික රෝහල්වල වැඩ කරන්නේ නෑ. ඕනෑම කෙනකුට ඉදිරි කාලයේ මා හමුවෙන්න අවස්ථාවක් පෞද්ගලික රෝහලෙන් ගන්න පුළුවන්. මම එදාට යන්නේ නැතිනම් ඊට කලින් දවසේ දැනුම් දෙනවා. මම ඊයේ දැනුම් දුන්නා මම අද නොපැමිණෙන බව. නමුත් රෝහලෙන් එය ප්‍රසිද්ධ කර ඇත්තේ අද උදේ. දැන් ඒ රෝගීන්ට දැනුම් දීලා ඇති එන්නේ නැහැ කියලා‘‘
‘‘අනික මම සේවය කරන්නේ ළමා රෝහලේ. වැඩ වර්ජන වලදි ළමා රෝහල සම්බන්ධ වෙන්නේ නෑ. අදත් මම උදේ ළමා රෝහල් සායනයේ රෝගීන් 100ක් විතර පරීක්ෂා කළා. රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශයෙන් පේන්නේ දේශපාලන උන්මන්තක බවයි. අනික මම කොහෙද යන්නේ කියන දෙයින් කාටවත් වැඩක් වේන්නේ නැහැනේ.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් ඇමතිතුමා වැරදි දොස්තර කෙනෙක් චැනල් කරලා තියෙන්නේ. එතුමා බෙහෙත් ගන්න ඕනේ දොස්තරලා අද වර්ජනය කරන්නේ නැනේ.
මේ උදවියට ලෙඩ්ඩු එලව එලවා ගහන දවස ඈතක නෙවේ.
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රාජකාරි වෙලාවෙදිත් පුද්ගලික ප්‍රතිකාර කරන බොහෝ විශේෂඥයෝ රටේ ජනතාවගෙන්ම පාඩමක් ඉගෙන ගත්තනම් හොඳයි.
මොන වර්ජනේ තිබුණත් චැනල් කඩේ ඇරලා. වර්ජන ඔක්කොම දුප්පත් මිනිස්සු යන රජයේ ඉස්පිරිතාල වලට විතරයි!
මේ සැරේනම් ගැලපෙනම දොස්තරතමයි තෝරාගෙන තියෙන්නේ. "ළමා රෝග විශේෂඥ වෛද්‍ය". දැන්වත් තේරුම්ගත්ත එක හොඳයි තමන් තවමත් ලාමකයි කියලා. ඇඟේ තරමට මොළෙත් තිබ්බනම් හොඳ ඇමති කෙනෙක් වෙන්න තිබුණා. කොහොම නමුත් ඉන්න කට්ටිය එක්ක බලද්දී රන්ජන් තාමත් ටිකක් විතර ඉස්සරහින් ඉන්නවා.
සල්ලි වලට ස්ට්‍රයික් කළේ කවදාද?
පාදෙණිය හමුවෙන්නෙ මොකටද? ලොක්කව හමු වුණා නං වස්තියක් කරල ලෙඩේ හොඳ කරනවනේ...
ඇමතිතුමා හැමදාම අල්ලගන්නේ වැරදි තැනින්. පාදෙණිය වෛද්‍යතුමා ළමා රෝග විශේෂඥයෙක්. එතුමාව චැනල් කලේ ඔබතුමා ළදරුවෙක් හින්දද..?
කොහෙදයන සයිටම් එකක් අල්ලාගෙන මේ අහිංසක මිනිස්සුන්ගෙන් පළිගන්නෙ... මනුස්සකම කොහේ ගිහින්ද?
එතුමාට රන්ජන් වගේ අයටත් බෙහෙත් දෙන්න පුළුවන්. එතුමා විශේෂඥයෙක්.
පුදුමත් හිතෙනවා මෙතන තියෙන කමෙන්ට් දැක්කාම. සරලව රන්ජන් මහත්තයා පෙන්වාදෙනවා. වර්ජනය කළාට පුද්ගලික වැඩ නවත්තලා නෑ කියලා. වර්ජනයේ පටු අරමුණ පෙන්වනවා. අපේ අය හදවත පෙන්නුවාම ඇඟිල්ල බලන අය කියලා ආයිමත් ඔප්පු කරනවා. කල්පනා කරලා බලන්න. මිනිස්සුන්ගෙන් පඩි අරන් මිනිස්සුන්ටම කරන අසාධාරණ ගැන...
අපි දොස්තරලා නෙමෙයි. අපි අසනීපවලට බෙහෙත් ගන්න සාමාන්‍ය ජනතාව. ඔය මොන මෙඩිකල් කොලෙජ් එකෙන් එන දොස්තර වුණත් බෙහෙත් දීලා අපිට ප්‍රශ්නයක් වුණොත්.... අපි ඔය දොස්තරලාට කලින් නැගිටිනවා. මොන මෙඩිකල් කොලේජ් එකට විරුද්ධව හරි. ඔය පුද්ගලික රෝහල් වහන්න කියලා... චැනල් සේවාව නතර කරන්න කියලා උද්ඝෝෂණය කරන් නැද්ද? ඒවා නිසා සෞඛ්‍යය සේවය පිරිහෙන්නේ නැද්ද? රජයේ රෝහල්වලටයි මහජනතාවටයි ප්‍රශ්න වෙන්නේ නැද්ද? අපේ සල්ලි වලින් නේද ඉගෙන ගත්තේ ඔයගොල්ලෝ.... අමතක වුණාද බදු ගෙවපු අහිංසක මිනිස්සුන්ව...?
බොරු කීම කලාවක් නම් එහි පිකාසෝ රන්ජන් බව මෙම ප්රවෘතියෙන් ඔප්පු කරන ලදී...
මෙතන ප්රශ්නය එතුමා අදට ලබාගත් සල්ලිවලට වගේම හෙටත් එක්කම දෙගුණයක් ... මල්ල ලොකු කර ගන්න එකයි. එහෙම නැතුව රන්ජන් බෙහෙත් ගන්න ඕනේ කාගෙන්ද කියන ප්රශ්නය නොවෙයි.... එ්ක නිසා වැඩිය කතා නොකර හිටියෝතින් තමයි හොඳ.
නිල්මිණීගේ කතාව මමත් අනුමත කරනවා පුද්ගලික වෛද්‍ය විද්‍යාල හොඳ නැහැ කියමින් රජයේ රෝහල් වර්ජනය කළොත් දුප්පත් මිනිස්සු අමාරුවේ.... පුද්ගලික රෝහල්, පුද්ගලික බෙහෙත් සායන වල මුදලට බෙහෙත් දෙන දොස්තරලව ඉවත් කරන දවස වැඩි ඈතක නොවේ....
නිවැරදි දොස්තර කෙනෙක් නෙවෙයි චැනල් කරලා තියෙන්නේ... කොහොමත්, පශු වෛද්‍ය කෙනෙක්වනේ චැනල් කරගන්න තිබුනේ... අනිත් කාරණේ, කිසිඳු වර්ජනයකදී සායන, රෝහලේ ඇතුලත් වී සිටින අයගේ ප්‍රතිකාර, හදිසි ප්‍රතිකාර නවත්වන්නේ නැහැ. නවත්වන්නේ බාහිර රෝගී ප්‍රතිකාර විතරයි. මේ දේශපාලකයෝ හදන්නේ මිනිස්සුන්ව ගොනාට අන්දන්න හැමදාම හැමවෙලාවෙම හැම දේකදිම කරනවා වගේ....
ළමා රෝග වෛද්‍යවරයෙකුටවත් පෙන්නලා බලවගත්තනම් හොඳයි. මොකද මොලේ තාම වැඩිහිටි කෙනෙක්ගේ තරමට වැඩිලා නැති නිසා. අනේ පාදෙණිය වෛද්‍යතුමනි, ඔන්න ඔය ළමා වියේ ඉන්න අයට මොකක්හරි බෙහෙතක් බලල දෙන්න දැන්වත් පුර්ණ ළමාවිය සංවර්ධිත අවස්ථාවටවත් හදල ගන්න පුලුවන්ද බලන්න...
රන්ජන් මහත්තයෝ ඕවා ගැන කතා කරන්න යන්න එපා. ඔබතුමාට අසනීපයක් උනොත්, මුදල් ගෙවල බෙහෙත් ගන්න ඕනා තරම් පෞද්ගලික රෝහල් තියනවනේ. බස් හා දුම්රිය නැත්නම් තමන්ගේ වාහනයක යන්න පින තියනවනේ. ඉතින් මොනවටද ඕවා ගැන වැඩ වෙන්නේ? පිනක් දහමක් කර ගන්න ඕනා නම්, මුදලක් වියදම් කරලා දන්සලක් දෙන්න. ඒකට කාරුණිකව ඉඩ දෙන්න. මම නම් කියන්නේ අර සයිටම් එකේ ඉගෙන ගත්තු ළමයි වත් කොහේ හරි පිටරට තියන විශ්ව විද්‍යාලයකට අනුයුක්ත කරලා ඒ අයවත් මේ රටින් පිටවෙන්න උදව් කරන්න.
පැහැදිලිව කියන්න ඕනේ කාරණේ නම් සයිටම් වැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්න අනුමැතිය දීලා මේ ප්‍රශ්ණය ඇති කරන්න මුල්තැන ගෙන කටයුතු කලේ කවුද කියලා සොයා බලන එකයි. දැන් ප්‍රශ්ණය උඩු දුවනකන් ඉඳලා කට හැකරයන් ලෙස කටට ආපු ආපු දේවල් දෙසා බාන දේශපාලකයන් කණ්ඩායම ඔවුනට කුට්ටිය දුන් අය සහ ඔවුනට හුරේ දමමින් දොස්තරලාට බනින එක නිකන් පය බරවායට පිටි කර බෙහෙත් බඳිනවා වගේ වැඩකි. කරන්න ඕනේ ප්‍රශ්ණේ විසඳන එකයි. සයිටම් කියන්නේ මේ රටේ මුලින්ම ඇති කරන්න ගිය පුද්ගලික වෙද විදුහල නෙවෙයිනේ. ඒ නිසා මෙතන දොස්තරලාට බනින ඒක නෙවේ කරන්න ඕනේ එයාල වැඩ වර්ජන කරන තත්වෙට පත් කරපු අපේ බදු මුදලින් නඩත්තු කරන රටේ පාලකයන්ට හිඟන්නාගේ තුවාලේ වගේ තියා ගන්නේ නැතිව මේ ප්‍රශ්ණය විසඳන ලෙස බල කිරීමයි
පාර්ලිමේන්තු විහිලු
කරුණාකර අපි ලියන කරුණුත් මෙහි පලකරන්න. මට පේන විදිහට මේ පත්තරෙත් එක පැත්තකට විතරක් බරයි වගේ. හරිම කණගාටුයි.
දොස්තර මහත්වරුනි, මේ අසරණ මිනිසුන්ගෙන් තමන්ගේ පහත් දේශපාලනික අරමුණු ඉෂ්ට සිද්ධ කර ගන්න යන ඔබතුමන්ලාට නම් හොඳක් වෙන්නේ නෑ. සාකච්ඡා කරල, රටේ නීතියට යටත් වෙල, තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න උත්සාහ කරන්න. රට පාලනය කරන්නේ දොස්තරලා නෙමෙයිනේ.....තමන්ට ඕනේ ඕනේ දේවල් කරන්න බෑ... ඉන්න බැරි නම් වෙන රටකට යන්න. අසරණ මිනිසුන්ගෙන් පලි ගන්නේ නැතුව.... කිසිම තැනකින් කිසිම සේවාවක් ලබා දෙන්න ඕනෙ නෑ..
මේවගේ වෛද්‍යවරු දේශපාලන හේතු සාධක කරගෙන, කලින් හිටපු අයට කඩේ යනවා. අහිංසක ලෙඩ්ඩු ඇපේට තියාගෙන කරන මේ ජඩ වැඩ කිසිම කෙනෙක් අනුමත කරන්නේ නැහැ. එයාලට පුළුවන් එයාලගේ ළමයි ජාත්‍යන්තර පාසල් වලට දාන්න. පිටරට යවලා උගන්වන්න, පුද්ගලික චැනල් කරන්න. මේ බොරු රැවටිලි නිසා කී දෙනෙක් අමාරුවේ වැටිලා ඉන්නවද?
ඔය කියන කට්ටිය.....GMOA හරි අනිත් අය හරි.....අපගේ රටට අද විනාස වෙලා තියන හේතුවේ උදාහරණයක්. අපි කවදද කකුලෙන් අදින්නේ නැතුව වැඩ කළේ? මේකට හේතුව දැනුම නෙවෙයි. අපේ උතුරන ඉරිසියාව. මේක දොස්තරලටත් එකයි.....
අර වාහන ගෙන්නන වෙන් කල කොටි කීයෙන්ද මේ සයිටම් මගුල ආණ්ඩුවට අරගෙන අර විද්‍යා විෂය නොකර සහ එස් සමර්ථ ගෙන වෛද්‍ය අධ්‍යාපනය ගන්න අය ඉවත් කරලා දැම්මොත් මේ ප්රශ්නය ඉවරයි කියලයි මට හිතෙන්නේ. මගේ මෝඩකමට හිතුනු දෙයක් වෙන්නැති....
මම අවුරුදු 17 කාලේ දකුණු කණේ අමාරුවකට කොළඹ ඊ.එන්.ටී. එකෙන් අවුරුද්දක් බෙහෙත් ගත්තා.. තුන් වතාවක් අංශයේ ලොක්කත් බැලුවා. නමුත් ලෙඩේ අහුවුනේ නැහැ. බැරිම තැන ග්ලාස් හවුස් එකේදි ලොක්කව චැනල් කලා. එතැනදි එයාට "ඤාණං උදපාදි" ය ( ඤාණය පහළවුනා) ඇතිවුණා. තුන් පාරක් එයාම බලපු කණේ, සල්ලි ගෙවපු ගමන් මස් වැදැල්ලක් තියෙනවා කිව්වා. ඔන්න අපේ ප්‍රමිති දොස්තරලාගේ කෙරුවාව...
පියල්, ඔබ කියන දේ හරියටම හරි...
මේකෙ බහුතරයක් ප්‍රතිචාර දැක්කහම මේ රට ගැන කළකිරෙනවා. රට ගැන දේශපාලකයෝ මොනවා කිව්වත් පිළිගන්න ජනතාවක් මේ රටේ ඉන්නේ. පාදෙනිය වගේ මිනිස්සු බැනුම් අහගෙන මේ රටේ ඉන්නෙ මේ රටට තියෙන ආදරේට... දේශපාලකයෝ මොනවද රටට කරල තියෙන්නේ..
මල බද්ධයට පිළියම වස්තියක් කර ගැනීම මිසක් පාදෙණිය හමු වීමෙන් වැඩක් නෑ...
පාදෙනිය මහත්තය පශු වෛද්‍යවරයෙක් නොවෙයි.
මේ ලිපිය අනුව පාදෙණිය තෝරාගත් වචන කතාකරන පුද්ගලයෙකි. ජනතාවට සෞඛ්‍යය සෙත සැලසීම වෛද්‍ය වරයකුගේ ඉඳුරාම වගකීමකි. බය නැතිව පුළුවන්නම් කරන්න. බැරි නම් යන්න එළියට මොකද? ඕගොල්ලො විභාග පාස් කලේ මහජනයාගේ සල්ලිවලින් නිසා, සයිටම් අනුමත නොකළත් එය රටට ඕන වෙන්නේ ඕගොල්ලො වගේ අය නිසා...තේරුණාද තමුන්ට....?
ඔය දෙන්නා ගැන රට වැසියෝ හොඳට දන්නවා...
ජනතාවගේ සල්ලි හැමෝටම එක විදියට අධ්‍යාපනයට වියදම් කරනවා. එ්කෙන් කොටසක් විතරයි ප්‍රයෝජන ගන්නේ... එ්කෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. එයාලට වියදම් කල සල්ලි අපහු අය කරගන්න ඕනේ... අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගෙනාපු අය රටට සේවයක් කරනවා. තමුන්ගේ දියුණුවත් සලසගන්න ගමන් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජන නොගත් අය හැමෝම එක්ක ඉරිසියාවෙන් රටේ දියුණුවත්, මිනිසුන්ගේ පුද්ගලික දියුණුවටත් වල කපනවා. අධ්‍යාපනයට එක ළමයකුට වියදම් කරන අයට සේවය කළොත් අවුරුදු 5ක් රටට සේවය කළාම ඇති... එ්ත් වෘත්තිකයන් අවුරුදු 60ක් 65ක් වෙනකම් සේවය කරනවා. පුද්ගලික සේවයත් සේවයක්.... අපි කුහක නොවී ඇත්ත තේරුම් ගමු.
හොට පැටළුනා නේද ඇමති තුමා?
මේකට තියෙන එකම විසඳුම සයිටම් මුදල් ගෙවන රජයේ විශ්ව විද්‍යාලයක් කිරීමයි. එතකොට ප්‍රමිතිය ප්‍රශ්නයක් නෑ.... බදු ගෙවන ජනතාවට බරක් නෑ.... එකෙ ඉන්න ළමයින්ට ප්‍රශ්නයක් නෑ...... දොස්තරලගේ ලොකු සීන් නෑ........
අපට තිබෙන ප්රශ්නය ඇයි රන්ජන් මහතා ළමා විශේෂඥයෙක් චැනල් කලේ... කියලා..
මේ උදවියට නම් නිසි පියවරක් ගත යුතුමයි...
මේවද රටේ ප්‍රශ්න ලංකාදීප?