(විනීතා එම් ගමගේ)
උසස් පරමාර්ථ පෙරදැරි කරගෙන පත් කරගත් මේ රජයට වගකීම් වලින් කර අරින්න බැරිනිසා සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ඒකකය බාර දුන් බවත් එදිනෙදා වැඩට යන මිනිස්සුන්ට දවස කාලකන්නි කරගන්න දෙන්න බැරි බවත් වාරිමාර්ග අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (27) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විජයමුණි ද සොයිසා මහතා එසේ පැවසීය.
“රජය ශක්තිමත් විය යුතුයි..එසේ විශේෂ ඒකකයක් ඇති කිරීම කැබිනට් තීරණයක්. රටේ විනය පවත්වා ගෙන යාම සඳහා එවැන්නක් තිබිය යුතුයි“
“රාජ්‍යයට අභියෝග කරන විට ඊට උත්තර දිය යුතුයි. එයයි කර ඇත්තේ. මේ රට සම්පූර්ණ අඩාල කරන්න යම් පිරිස් සිටිනවා නම් මේ රටේ විනයක් ඇති කරන්න මේ වගේ දේවල් කරන්න වෙනවා“ යයි ද පැවසීය.
“හැබැයි මේ ඒකකය මර්දනයට නොවෙයි . ජන ජීවිතය යථාවත් කරන්නයි. ඔය ඉල්ලන්නේ මර්දනයයි. අපි මර්දනය නම් දෙන්නේ නැහැ” යැයි ද අමාත්‍යවරයා කීය.
විජයමුණි ද සොයිසා මහතාට පෙර මාධ්‍ය හමුව ඇමතූ යැයි සමාජ සවිබල තැන්වීම හා සමාජ සුභසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා කීවේ ආරක්ෂාව සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා සරත් ෆොන්සේකා මහතාට බාර දෙන අදහස ඔහුට පෙනුනේ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ දි කළ විහිලුවක් ලෙස බවයි.
“ඊට එහා දෙයක් මට නම් දැනුනේ නැහැ. මම ඒක එච්චර ගණන් ගත්තෙත් නැහැ”
“ජනාධිපතිතුමා මේ යෝජනාව ඉදිරිපත් කර අපේ කැමැත්ත ඇහුවා. එතකොට අපි හිනාවුණා.” යයිද එස් බී දිසානායක මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇමතිවරයා දේශපාලනයෙන් ඉවත් කලයුතු කෙනෙක්..
මෙයාද දැන් අපිව/රට පාලනය කරන්නේ? මේ ගොල්ලෝ නිසා තමයි මම දරුවෙක්වවත් ලංකාවට එවන්නේ නැත්තේ.
ඇත්තටම කියනවනම්,ඔය කැබිනට් එක විහිලු සපයන තැනක්.එක එක්කෙනා එක එක දේවල් කියනවා. හරියට උණ විකාරෙන් දොඩවනවා වගේ.
උතුරු කොරියාව වගේ තමා අන්තිම ප්‍රතිපලය
අනිවාර්යයෙන් කලයුතු දෙයක් ..මෙතුමාට සියලු බලතල සහිතව අගමැතිකම දුන්නොත් වසරකින් රට ගොඩ ගන්නවා සහතිකයි.
අනේ ඔය මනුස්සය යුද්දේ සාර්ථකව කරලා ලබාගත්තු ජනතා ප්‍රසාදයත් නැත්තටම නැති කරලා දාන කපටි වැඩක් වගෙයි මට පෙන්නේ. මොකද පාරවල් වල මිනිස්සුන්ට ගගහ පන්නන්න ගත්තහම නිකම්ම රටට එපාවෙයි.
චන්දිමා නිවැරදි , මේ හදන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්න .
ෆොන්සේකා යනු අභීත රණවිරුවෙක්... 30 වසරක් පැවතුණු යුද්ධය අවසාන කළා. විරුවෙක් විනා දේශපාලකයන්ගේ කුණු රෙදි සෝදන ඉත්තෙක් නොවේ...
පිටිගල, අපේ ආණ්ඩුවට අනවශ්‍ය කතා එපා කුණු ප්‍රශ්න විසඳුවා. හාල්, බියර් කළා. භාණ්ඩාගාරය ශක්තිමත් කළා.. වටරවුම් පාර අවසන් කළා. මුතුරාජවෙල, කදිරාන, බ්ලුමැන්ඩල්, මීතොටමුල්ල කුණු කඳු ඉවත් කලා.
මම මේකට කැමතියි මහින්ද මහත්තයලා ඈවර නොව එතකොට....
රට බාර ගත්තේ තව්තිසා භවනක් කරනවා කියලා නේද? දැන් රට අවීචි මහා නරකාදියක් වෙලානෙ... ඒ නිසයි අහිංසක මිනිස්සු වීදිවලට බැස උද්ඝෝෂණය කරන්නේ.
මෙයා අංක එකේ බඩගෝස්තරවදියෙක්. වාසි අතට හෝයියා කියන කෙනෙක්. වෙල්ලස්සේ කුමාරවරු සිහි කරමු යන රැස්වීම කඩා කප්පල් කිරීමට උත්සාහ කර බැරිවූ තැන උනගොල්ල පන්සලට පැමිණ හාමුදුවරුන්ගෙන් සමාව ගත්තා.
මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන ජනතාවට දෙවි පිහිටයි... බුදු සරණයි...!!