(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආහාර හිඟයක් ඇති වෙන්නේ නැතැයි කෘෂිකර්ම ඇමතිවරයා කියන අතර දෙවේලක් කන්නට සිදුවිය හැකි බව අගමැතිවරයා පවසන්නේ යැයි ද විශ්වාස කළ යුත්තේ මේ කතා දෙකෙන් කාගේ කතාව දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) ප්‍රශ්න කළේය.
ආහාර හිඟයක් ඇති වන බවට අගමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයා කියන්නේ කුමක්දැයි මුජිබර් රහුමාන් මහතා තවදුරටත් ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා:-
මමත් කියන්නේ අගමැති තුමා කියන දේ තමයි. ආහාර වල මිල වැඩියි. එය නවත්තන්නට අපට බැහැ. නමුත් කන්න නැතුව මිනිස්සුන්ට මැරෙන්න අප ඉඩ තියන්නේ නැහැ. කොහෙන් හරි ගෙනත් දෙන්න වෙනවා. පරිප්පු ගෙනත් දෙන්න වෙන්නේ කීයටද? මේ කියන්නේ ඒක තමයි. බඩු වල හිඟය නෙමෙයි වඩාත් තිබෙන්නේ. ආදායමේ ප්‍රශ්නය.මිරිස් ගහක් හෝ වගා කර ගන්නැයි අප කියන්නේ ඒකයි.
අපි හැමවිටම ඇත්ත තත්ත්වය රටට කිව්වා.එහි ප්‍රතිඵලය නරක විදියට නෙමෙයි හොඳ විදියට ජනතාව බාර ගත්තා.ජනතාව කුඹුරු වලට බැස්සා.යනුවෙන් ද මහින්ද අමරවීර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙකම නිවැරදියි. පරිභෝජනය අඩු කළ විට හිඟයක් ඇති නොවේ.
රනිල් හදන්නෙ මිනිස්සු බයකරල රට ගිනි තියල බලේ ගන්න. වගා කරල ආහර හිගෙ නැති කරන්න ඔය බලේ උන්නු මාස කිපය හොදටම ඇති. කටින් බතල කොල හිටවනව විතරයි.
වහල්ලුන්ට කොහේද මේව තේරෙන්නෙ... පවු අහින්සක ජනතාව
සිංහල කතාවල නියම තේරුම දැනගන්න පුළුවන් සිංහලයින්ට පමණයි. අගමැති දවසට දෙව්ලක් කන්න සිද්දවෙයි කියන එකෙන් අදහස් කරන්නේ මිනිසුන් වගාවට යොමු කිරීමටයි. මමත් වැඩකට නැති මැල ගලවා දමා ම්කා වගා කෙරුවා. ඕවා තේරුම් ගන්න මස්කඩ කාරයින්ට බැහැ. .