(ඩයනා උදයංගනී)
රට තුළ සිදුවූ පිපිරීම් ගණනාවක් සමග උද්ගත වී ඇති තත්ත්වය සළකා බලා සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන්ට, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට නැවත දැනුම් දෙන තුරු නිවාඩු ලබාදී ඇති බව ද මහාචාර්යවරයා සදහන් කළේය.
මෙම තත්ත්වය හමුවේ නේවාසිකාගාරවල රැ`දී සිටින සිසුන්ට ඒවායේම රැදී සිටින්නට අවස්ථාව ලබා දී ඇතැයි ද සභාපතිවරයා කීවේය.
නේවාසිකාගාරවල සිටින සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ද විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd