IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


විශ්ව විද්‍යාලයක භික්‍ෂූන් වහන්සේ 60 කට කොරෝනා

(යොහාන් භාසුර)

කොළඹ ආසන්නයේ පිහිටි ප්‍රධාන විශ්ව විද්‍යාලයක නේවාසිකව සිටි භික්‍ෂූන් වහන්සේ 60 ක් පමණ ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්ව ඇති බවත් ඒ අතරින් 50 කට අධික සංඛ්‍යාවක් ‘කොවිඩ්’ මර්දන එක එන්නතක් හෝ ලබාගෙන නොමැති බවත් වාර්තා වේ.

මෙම තත්වය හමුවේ ‘කොවිඩ්’ ආසාදිත භික්‍ෂූන් වහන්සේ එම නේවාසිකාගාරය තුළම නිරෝධානයට ලක්කර ඇති බවත් විශ්ව විද්‍යාලය තුළ පැතිර යෑම සඳහා ආරක්‍ෂක පියිවර ගත් බවත් එම විශ්ව විද්‍යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

අදාල භික්‍ෂූන්වහන්සේලාගේ ඉල්ලීම පරිදි සීමිත සංඛ්‍යාවකට රැදී සිටීමට මෙහිදී අවසර දුන්න ද තවත් පිරිසක් අනවසරයෙන් එහි නේවාසිකව සිට ඇති බවත් මෙම තත්වය හේතුවෙන් සමස්ත විශ්ව විද්‍යාලයම අනතුරට ලක්ව ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

අදාල නේවාසිකාගාරයේ භික්‍ෂූන් වහන්සේ 20 කට පමණක් රැදී සිටීම අවසර දී තිබියදී එහි 60 කට අධික පිරිසක් නේවාසිකව සිට ඇති බවත් එම පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්‍ෂා කර නොමැති බවත් එම විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (3)

විශ්ව විද්‍යාලයක භික්‍ෂූන් වහන්සේ 60 කට කොරෝනා

පිටිගල මිලානෝ Sunday, 12 December 2021 03:04 PM

හරියට හිටියානම් ලෙඩේ බෝවෙන්නේ නැහැනේ.

:       46       7

ජනකMonday, 13 December 2021 06:47 AM

ඒක හරි... භික්ෂු නේවාසිකාගාර වල වෙන දේවල් , කරන දේවල් කැම්පස් ගිය අය හොඳින් දන්නවා

:       0       4

Nuwa Sunday, 12 December 2021 05:26 PM

විශ්ව විද්‍යාලයේ නම නොකියන්නේ කන්ටැක්ට් වෙච්චි අය මේක දැකලාවත් දැන ගන්නවටද?

:       35       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site