IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට

(අංජුල මහික වීරරත්න)

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව  ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව සොයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ  ඉහළ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබාදීම සඳහා 2024/08/24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 02/2024 නිකුත් කර තිබුණද, ඒ සඳහා මුදල් වෙන් කර නොතිබිණි.

මේ පිළිබඳ සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට අදාළ මුදල් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව 2024 ඔක්තෝම්බර් මස විශ්‍රාම වැටුප සමඟ නොලැබීම හේතුවෙන් විශ්‍රාමිකයින් මුහුණ දී ඇති දුෂ්කරතා හා ඒ පිළිබඳ ඔවුන්ගේ ඉල්ලීම සලකා බලමින් පවතින රාජ්‍ය  මූල්‍ය දුෂ්කරතා තුළ වුවද  මෙම මස සිටම එම මුදල ලබාදීමට මෙහිදී ජනාධිපතිවරයා පියවර ගත් බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම වෙත යවා ඇති බැවින්,ඔක්තෝබර් මාසය සඳහා වන රුපියල් 3000ක දීමනාව ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන ලෙසත් එම රුපියල් 3000ක දීමනාව ලබන මස සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබා දෙන ලෙසත්  ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය  නන්දික  සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව  සිටියහ.



අදහස් (8)

විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට

sene Friday, 11 October 2024 03:53 PM

'අන්තර්කාලීන' මෙය මොනතරම් කාලයක්ද? කරුණාකර පැහැදිලි කරන්න.., අපට ඇති සැකය ඡන්දයෙන් පසු ඉවර වේද යන්න...!

:       3       6

බණ්ඩා Friday, 11 October 2024 05:13 PM

ඔහොම යං. ඔහොම යං. ඔය තවම එන්නේ රනිල් ගේ දේශපාලනේ ප්‍රතිඵලනේ. අපි බලන් ඉඳිමු... අනුරලාගේ වැඩ ගැන ඉස්සරහට. තව තව අපි රනිල්ට බනිමු. හා ද? ඒ කරලා ලබන මැයි මාසේ වෙද්දී ප්‍රතිඵල නෙලා ගනිමු.

:       15       10

Chinthaka Friday, 11 October 2024 05:14 PM

ඔක්තෝබර් මාසයේ සිට නොවෙයි දෙනවා කියලා තිබුණේ සැප්තැම්බර් මාසයේ සිට කියලා තමයි චක්‍රලේඛ බලන්න... පැහැදිලි වේවි කොහොම වුණත් අවසන් වතාවේ කියලා තිබුනේ සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස දෙක සඳහාම රුපියල් 6000/= ඔක්තෝබර් විශ්‍රාම වැටුප් සමග දෙනවා කියලා තමයි එහෙම තියෙද්දී සැප්තැම්බර් කපාහැරීම බලවත් අසාධාරණයක් වෙනවා..!

:       3       11

ranjith Friday, 11 October 2024 05:15 PM

කෝ හිඟමුදල්?

:       3       5

නලින් Friday, 11 October 2024 06:00 PM

අපි බලන් ඉඳිමු...

:       0       1

සාවන්ති Friday, 11 October 2024 06:21 PM

සැප්තැම්බර් මාසයේ එකත් ඔක්තෝබර් දෙනවා කිව්වේ... කෝ දැන් ඒ 6000...?

:       1       6

prabash Saturday, 12 October 2024 10:59 AM

එහෙම දෙන්න බෑ. පොඩ්ඩක් ඉන්න. සල්ලි ගස්වලින් කඩනවද? පහුවෙලා හරි ලැබුණු එක ගැන සතුටු වෙන්න. තණ්හාව තියෙනකන් මොනතරම් ලැබුණත් සතුටක් නෑ. නොලැබුණ එක ගැනමයි හිතන්නේ.. දුකක්ම විතරයි දැනෙන්නේ. අනික මේ සැප්තැම්බර් 3000 ගත්තා කියලා ඔයාලාගේ තියෙන සේරම ප්‍රශ්න විසඳෙනවද? ආයෙත් වැඩිකරන කන් බලන් ඉඳීවි. මේකත් දෙන්නේ හරිම අමාරුවෙන්..

:       3       3

Pushpakumara Saturday, 12 October 2024 02:07 PM

ආණ්ඩුව වෙනස් නොවුණානම් නුඹ ඔහොම කියන්නේ නැහැ. එහෙනම් නුඹ උද්ඝෝෂණයක් කරාවි කියලා සත්‍ය වශයෙන්ම කියන්න පුළුවන්..!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site