
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුනකින් විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයන් 419 දෙනකු සඳහා රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැඩිපුර ගෙවා රජයට පාඩු කර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.
මියගිය බව දැනුම් දීමට ප්‍රමාදවීම, ජීවිත සහතික නොදෙන විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර කිරීමට කටයුතු නොකිරීම, විශ්‍රාම වැටුප් චක්‍රලේඛවලට අනුගත නොවීම සහ වෙනත් හේතු මත මෙලෙස වැඩිපුර මුදල් ගෙවීම් කර ඇති බව විගණන නිලධාරීහු පෙන්වා දුන්හ.
ඒ අනුව විශ්‍රාම වැටුප් ගෙවීමේදී සිදුවන අක්‍රමිකතා සහ ගැටලු හඳුනාගෙන ඒවා කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස කාරක සභාව උපදෙස් දුන්නේය.
මේ අතර මහජන ආධාර මුදල් රුපියල් ලක්ෂ දාහතරක් වංචා කළ බව කියන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සහකාරවරියක නැවත සේවයේ පිහිටුවා වංචා කරන ලදැයි කියන මුදල වාරික වශයෙන් අයකර ගැනීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අප්‍රසාදය පළ විය.
2013 වසරේ හඳුනාගෙන තිබු මෙම වංචාව වෙනුවෙන් විනය නියෝගය ලබාදී ඇත්තේ 2015 වසරේදී බව ද මෙහිදී තොරතුරු අනාවරණය විය
දුෂණ අක්‍රමිකතා සිදු කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අප්‍රසාදය පළවිය.
මෙහිදී ඡාතික විගණන කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දුන්නේ අදාළ නිලධාරිනියගේ කාර්යයන් නිතිපතා අධීක්ෂණය නොකිරීම මෙම වංචාවට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාල නිලධාරිනියගේ කටයුතු දිනපතා අධීක්ෂණය නොකිරීම..... ඇත්ත ඒකද? හොරකම හිතේ ගතේ තියෙන එවුන් හඳුනාගෙන රැකියාවලට නොගෙන සිටීම තමා හොඳම. දැන් තත්ත්වය අනුව ඒක බෑ. පුලුවන් එකම විසඳුම.. ඒ වගේ හොරු හඳුනාගෙන මුදල් අතගාන හෝ එවැනි තීරණ ගන්න තනතුරුවලට පත් නොකිරීම... රාජ්‍ය සේවය කොහොමත් හොරු පිරුන තැනක්..
මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ අවසන් වරට විශ්‍රාම වැටුප් සංශෝධනය කරද්දී පරිගණක වැඩ සටහනක් මගින් කිරීම කියලා කියන්න පුළුවන් හරියාකාරව චක්‍රලේඛයක් සකසා ලැබූ වැටුප් පියවර අනුව කලානම් ඔහොම වෙන්නෙ නැහැ කියලා කියන්නෙ එක්දහස් නවසිය අසූගණන්වල සිට විශ්‍රාම වැටුප් කටයුතු කිරීමට අමතරව මුලින්ම දිසාපති කාර්යාල සදහා (ඒ කාලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් විශ්‍රාම සැකසීම කලේ නැහැ 1992 වර්ෂයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතිකලාට පස්සෙ තමයි එම කාර්යාල වලින් විශ්‍රාම ගෙවීමට කටයුතු කලේ) පරිගණක ආශ්රයෙන් විශ්‍රාම වැටුප් සැකසීම කල කෙනෙක් හැටියට තමයි, තවත් වරදක් තමයි ඒකාබද්ධ සේවයේ ලිපිකරු නිළධාරි වර්තමානයේ කළමනාකරණ නිළධාරින් විසින් සැකසූ විශ්‍රාම වැටුප් ගෙවීම් සදහා විශ්‍රාම වැටුප් නිළධාරි පත්කිරීම .එහෙම පත්කල හිස උදුම්මාගත් පිරිස් විශ්‍රාමිකයින්ට කිසිම සලකීමක් නැහැ හිතවතුන්ට උදව් උපකාර කලා අඩුම තරමින් ජ්‍යේෂ්ඨ පුරවැසියන් කියලා වත් ඔවුන්ගේ සැලකීමක් තිබුනෙ නැහැ උදාහරණයක් පළාත් ආයුර්වේද කොමසාරිස් කෙනෙක් විශ්‍රාම ගියාම මෙයාට මෙච්චර විශ්‍රාම වැටුපක් දෙන්නෙ කොහොමද කියලා සෑහෙන කාලයක් ප්‍රමාද කලා