අවිස්සාවේල්ලේ විශ්‍රාමිකයකුගේ (69) තනි නොතනියට බුත්තලින් ආ විවාහක කතක (47) දින කිහිපයකට පසු ගෙදර බඩු මුට්ටු අතගාගෙන ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයද ඇගේ සැමියාද දියණියද බුත්තලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජංගම දුරකථන, ලැප්ටොප්, ගෑස් සිලින්ඩර ඇතුළු භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇතැයිද ඒ සියල්ල ගෙනගිය ත්‍රීරෝද රියද භාණ්ඩද ඇගේ ගෙදරින් සොයාගෙන ඇතැයිද පොලිසිය පවසයි. බඩල්කුඹුරේ හමුදා නිලධරයකුට අයත් බව කියන කුලියට දී ඇති ත්‍රී රෝද රියෙන් ඇගේ සැමියාද දුවද සොරකමට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd