IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විශ්‍රාමික හමුදා ජීවන තත්ත්වය නංවන්න අලුත් වැඩක්

(අංජුල මහික වීරරත්න)

සේවයෙන් විශ්‍රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට, ආරක්ෂක අමාත්‍යාංශයට සහ රණවිරු සේවා අධිකාරියට උපදෙස් දී ඇති බව ද සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  බත්තරමුල්‍ල, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ මාවතේ ‘ප්‍රවීණයන්ගේ නිවහන’  ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මුලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (22) සහභාගී වෙමිනි. 

විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයකින් කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රණවිරු ගම්මානවල ජීවත්වන රණවිරුවන්ට උරුමය ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.



අදහස් (8)

විශ්‍රාමික හමුදා ජීවන තත්ත්වය නංවන්න අලුත් වැඩක්

Prabha Wednesday, 22 May 2024 06:40 PM

ඡන්දේ හින්දා හරි කමක් නැ කාට හරි හොදක් වෙනවා නම්

:       0       2

තුවාන් Wednesday, 22 May 2024 07:51 PM

මිලේනියම් සිටි නිසා නැති වූ ජීවිත ගැනත් බලන්න

:       1       3

Lalla Wednesday, 22 May 2024 09:07 PM

දැන් විශ්‍රාම ගිය හැමෝම අසරණයි. සෙබලු විතරක් නොවේ.

:       0       5

Warnasinghe Thursday, 23 May 2024 05:30 AM

දැන් විශ්‍රාම යන අය ගැන විතරද යුද්ධයෙන් පසුව විශ්‍රාම ගිය අය ඉන්නවා ද මැරුනද මේ දක්වා එකෙක් වත් හොයලා බැලුවේ නෑ

:       0       2

ජනක Thursday, 23 May 2024 07:45 AM

ඡන්ද කාලෙට විතරක් මුන්නැහේලාට ජනතාවගේ දුක මතක් වෙනවා.

:       0       3

අරවින්ද මොනරවිල Thursday, 23 May 2024 10:22 AM

ජාතික ජනබල වේගයේ විශ්‍රාමික හමුදා සාමුහික ගොඩ නැගුවාට පස්සේ රනිල් සජිත් බැසිල් කල්ලිය කළබල වෙලා තියෙන තරම පෙනෙනවාද

:       0       2

kanchana Thursday, 23 May 2024 10:30 AM

විශ්‍රාම යන්න කලින් ඉන්න සෙබළු ගැන බලන්න. 100000 ස්භාවිකව අඩුවෙන්න දෙනවා කිව්වාත් එක හරි 50000 කට වැඩිය මොනවාහරි කරලා ඉන්න ටික රුක ගන්න බලන්නගවිශ්‍රාම යන්න අවු 02/03 තියෙද්දී ණය මුදලක්වත් ගන්න බැහැ. මොනවා හරි කරන්නගනැතිනම් ඉන්න ටකත් නිනොනො තමා.

:       0       2

Sugath chaminda Thursday, 23 May 2024 12:38 PM

සාධාරණයක් නැ හමුදාවේ මගේ දින 9ක් ඉන්න ඕන එකට මට එන්න වුනා ම⁣ට හිතාගන්නවාත් ⁣වේලාවක්නැ මට තිබුනේ නැ අන්තිමට දැන් කුලිවැඩ කරලා ජිවත් වේන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site