විශ්‍රාම වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (23) මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය පරිපාලන ඇමැති කරු ජයසූරිය යන මහත්වරු එම අවස්ථාවට එක්වූහ.
රජයේ දින සියයේ වැඩපිළිවෙළින් පොරොන්දුවූ පරිදි විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම හා වැඩි කිරීම සිදුවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2006 ට පෙර විශ්‍රාම ගිය මගේ වැටුප් විෂමතාව නිවැරදි කිරීම ගැන මගේ ප්‍රණාමය ඔබතුමාට. 2006 සිට බොරුවට කයිය ගැහුවට, මේක කරන්න බැරිවුණේ අවුරුදු 10 ක් රජයේ මුදල් හොරකෑ නිසා සහ තමන්ගේ සුඛවිහරණයට යොදාගත් බැවින්ය. දැනට මාසයක පෙරත් රජයේ සේවක වැටුප් වැඩිකළ අතර දැන් රජයේ මුදල් ජනතාව අතරට යන බව පැහැදිලිය. ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් සැදීම වැනි වැඩ නවතා, මහරගම පිළිකා රෝහලට අඩුතරමේ තීන්ත ටිකක් ගසා, කඩා හැළෙන වාට්ටු ටික පිළිසකර කිරීමට මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නේ නම් මැනවි.මගේ මව ප්‍රතිකාර ලබන නිසා මේ බව මම දනිමි. මේ දක්වා පුද්ගලිකව වියදම්කොට මගේ මවට ලබා දුන් කිමොතෙරපි බෙහෙත් වල වටිනාකම ලක්ෂය ඉක්මවයි. කැමති නම් මා සමග තර්ක කිරීමට විවෘතය. (නි)
සරසි, ඔය විනීතව කතාකිරීම රජයේ සේවකයන්ට පමණක් ඇතිවන ලෙඩක් නෙමෙයි. ඕක මුළු ලංකාවේ ඉන්න මිනිසුන්ගේ ලෙඩක්. යන්තම් ඔලුව උස්සනතුරු විතරයි අහිංසකකම. අළු ගසාදැමු විගස සියලු ලාංකිකයන්ට මේ මහන්තත්ත්වය නමැති රෝගය වැළඳෙනවා. වචනයෙන් පිටවන්නේ එයයි. (නි)
2015 දෙසැම්බර් මස 10 වන දින විශ්‍රාම ගිය මා හටද රු.10000.00 දීමනාව ලබාදීමට කාරුණික වන්න. (නි)
කරන හැමදේටම අකුල් හෙලන්න එපා (නදී)
මට නම් කිසිම විශ්වාසයක් නැහැ (නි)
විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත්කළා කියන්නේ මැයි මාසයේ සිට වැඩිකළ රු: 1000/- ද? මමත් 2006 ට කලින්, ඒ කියන්නේ 1991 ජුලි සිට කැමැත්තෙන් විශ්‍රාම ලබපු කෙනෙක්.මගේ වැටුප් විෂමතාවය ඉවත් කළාද කියලා දැනගන්න වෙනදා එවන කුවිතාන්සියවත් ලැබුනේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් විෂමතාවය ඉවත්කරලා වැටුප් ගෙවන්නේ කවදා සිටද කියලා කියන්න. අපි වගේ විශ්‍රාමිකයින්ට එය ප්‍රයෝජනවත් වේවි. (නි)
කරුණාකර 2015 දක්වා වැටුප් විෂමතාවය ඉවත්කරන්න (නි)
මට නම් හරිම සතුටුයි (නි)
ඡන්දෙ කිට්ටුයි වගේ. (ර)
හිතට එකඟව රටට හොඳ වැඩක් කරලා පෙන්වන්න. හැමදාම බොරුවෙන් ජනතාව රවටන්න බැහැ. (ර)
ඉස්සෙල්ලාම ගෙවන ටික හරියට ගෙවන්න. (ර)
අපි බලමුකෝ! (නි)
අනේ මේ රටට සේවය කර දැන් විශ්‍රාම සුවයෙන් සිටින මිනිසුන් රවටන්න එපා.ඉස්සර වෙලා දෙන දෙයක් දීලා පසුව කතා කරන්න.මෙයාගේ කෙප්ප කෙබර වචන වලට රැවටෙන්න එපා.ඔය ඉදිරි මැතිවරණය බලාගෙනයි කතාකරන්නේ.(ම)
2015ට සම්මත වී ඇති අයවැය අනුව, 2015 ජනවාරි වැටුප පදනම් කරගෙන විශ්‍රාම වැටුප සැකසිය යුතුයි. ඒ අනුව මේක අපිට ලැබියයුතු වැටුප් අඩුකිරීමක්. මේක රැගෙන නියමිත වැටුප දෙන පැත්තට ඡන්දය දෙමු! (නි)
මහජනතාව වෙනස්වෙයි කියලා තියන බය... නමුත් දැන් මිනිස්සු දන්නවා දැන් අපි රවට්ටන්න බැහැ ඒ ඒ කාලේ. (ර)
ඔය එක්කම විශ්‍රාම වැටුප් ගැන කටයුතු කරන රජයේ සේවකයන්ට මහජනයාට විනීතව කතා කරලා කාර්යක්ෂම සේවාවක් ලබා දෙන හැටි පුහුණුවක් දෙන්න. පින් සිද්ධ වේවි. (ර)
නැහැ ඔය අලුත් ඡන්දෙට පොරොන්දු නොවේ. පරණ ඡන්දෙදි දුන්නු පොරොන්දු. එක ඉවරවෙලා ටික දවසක්නේ තවම ගතවෙලා තියෙන්නේ. අලුත් ඡන්දෙට තවම පොරොන්දු දුන්නේ නැහැ. (ර)
ඔය විශ්‍රාම වැටුප් විෂමතාව පලවෙනි පරාක්‍රමබාහුගේ කාලයේ සිටම ඔහොමයි. මගේ සීයාගේ විශ්‍රාම වැටුපෙ සිට අම්මාගේ විශ්‍රාම වැටුප දක්වා ක්ලාක් නෝනලාගේ ආඩම්බර බලමින් විශ්‍රාම වැටුප් කතෝරු වලට යන එන එක තමයි සිදු වුනේ. (ර)
යහපාලට බන්දුල මහත්තය හොඳ උනේ 2500/- කින් හතර දෙනෙකුට මාසයක් කාල ජීවත් වෙන්න පුළුවන් කිව්ව ගොන් කතාව නිසාද? (නදී)
2015 සම්මත වූ අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක අවම වැටුප 2015 ජනවාරි සිට රු.15000/- විය යුතුයි. එම වැටුප් ව්‍යුහයන්ට අනුව සියලුම විශ්‍රාමිකයින්ගේ වැටුප් සකස් විය යුතුයි. ඒ බව රජයට අමතක වී ඇති බවයි පෙනෙන්නේ. මෙම සම්මත අයවැය යෝජනා ක්‍රියාත්මක නොවන්නේනම් ඊට එරෙහිව නඩු පැවරීමට සිදුවනු ඇත.(බ)
මරු කතාව ලසිත් (නදී)
සම්මත කර ඇති පරිදි 2015 වැටුපට අනුව විශ්‍රාම වැටුප සැකසීමෙන් සියලුම ප්‍රශ්න විසඳේ. මෙය රටට සේවයක් කර වයසට පත්ව සිටින අපට ලොකු සහනයක්. මෙම කටයුත්ත ඉටුකරදුන් සැමට බොහොම ස්තුතියි. පින්සිදු වේවා! (නි)
කරුණාකරලා පුද්ගලික අංශයේ වැඩි වුණු රු. 2500/= අදාල ගැසට් එක ප්‍රින්ට් කරන්න කියල පුද්ගලික අංශ වෙනුවෙන් ඉල්ලා සිටිමි (බ)
වයසක මිනිස්සු ටික රවට්ටලා ඡන්ද 35000 ක් මංකොල්ල කන්න හදන්නේ. (නදී)
බන්දුල මහත්තය මොන තරම් හොඳද (බ)
කටින් බතල හිටවන කෙනෙක්. මෙතුමලාගේ බැරිකම පහුගිය ආණ්ඩුව පිට පටවනවා. (ම)
කියන කිසිම දෙයක් විස්වාස කරන්න එපා! (බ)
අජිත් කරුණාරත්න මහතාණෙනි ඔබ හරියට හරි මමත් 1992 අවුරුද්දේ 44/90 යටතේ විශ්‍රාම ගිය කෙනෙක්. අපගේ විශ්‍රාම වැටුප් විෂමතා මේ කලේදී අප ජිවත් වෙලා සිටිනතාක් මොකා ආණ්ඩු කරත් සදා දෙයි කියා විශ්වාස කළ හැකිද. එය සදා දෙන තෙක් කිසිකෙනෙකුට ඡන්දය දීමෙන් වැලකි සිටිමි. (හේ)
ඡන්දය අත ළඟ. මිනිසුන් මුලාකරන්න එපා . මෙගොලන්ගේ විශ්‍රාම වැටුප හරිනේ. (ම)
මේක නම් බොහොම අගෙයි (නි)
බොහෝ කාලයක් තිස්සේ විශ්‍රාමිකයින්ගේ ඉල්ලීමක් වූ මෙම විෂමතාවය ඉවත්කොට නව වැටුප් ක්‍රමයක් ඔවුන් හට ලබාදීම ගැන මෙම රජයට ස්තුතිවන්ත වියයුතුයි. (නි)
විෂය අධ්‍යනය කර මාධ්‍ය සාකච්ඡා පවත්වන්න (ම)