7.15pm ‘වාහන අවභාවිත කරන්න අනුබල දුන්නා කියා විමල් හිරේ දැම්මා. දැන් වාහන නොවයි හෙළිකොප්ටරුත් තියෙනවා. මොන්ටිසෝරි සිලබස් එකටත් සමලිංගික කතා දාන්න යනවා. අපේ දෙමාපියන් මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනෑ. අපේ සංස්කෘතිය සබ්යත්වය රැකගන්න ඕනෑ. මේ රැස්වීම සංවිධානය කරලා අපි කියන්නේ මේ ආණ්ඩුව ගෙදර පලයං කියලයි.‘ - මහින්ද රාජපක්ෂ
(ඡායාරූපය ලහිරු හර්ෂණ)
7.00pm ‘මේ සෙනඟ දැක්කම අපේ නායකයන්ට අද කොයි පැත්තෙන් ඇඬෙයිද කියලා මට සැකයි. එදා පැරදිලා ගෙදර ගියේ විශ්‍රාම ගන්නයි. විවේක ගන්නයි. නමුත් මේ නුගේගොඩින්ම අපේ නායකයන් රැස් වෙලා මට විශ්‍රාම යන්න දුන්නේ නෑ. විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියලයි පොරොන්දු වුණේ. නමුත් කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. අපි ගත්තේ දීර්ඝකාලීන ණය. ජනතාව රවටා බලයට ඇවිත් අද කරන්නේ මේ රට ණය කළ එකයි. දැන් කියනවා මම ඕනෑකමින් පැරදුණාලු. අද කරන්නේ රාජ්‍ය ආයතන විකුණන එකයි. මේ රටේ මහා මංකොල්ලයෙන් ඒ ආයතන දැන් රූපවාහිනී ගුවන්විදුලි නාලිකා ගන්නවාලු. ඒ හොරකම් කළ සල්ලිවලින් ගත්තු දේපොළ අපි බලයට ආවම රාජ සන්තක කරනවා. දූෂණ වැඩිවෙලා කියලා ට්රාන්පේරන්සි වාර්තාවේ තිබෙනවා. රට බේරාගත්තු රණවිරුවන් අද මහපාරේ ගුටි කනවා. කොස්කොළ කාපන් කියා මේ රටේ ජනතාව ගොනාට අන්දන්න හදනවා නම් වැරදි. අද හාල් කියද? මේකටද අපි ඡන්දේ දුන්නේ? මේ මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ තනකොළ.‘ - මහින්ද රාජපක්ෂ
(ඡායාරූපය ලහිරු හර්ෂණ)
6.58pm හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජන රැලිය අමතයි.
6.57pm සමන් ඒකනායක මහතා යළි කවි කියයි.
6.39pm ‘නීතියෙන් ජනපති සහ අගමැති හිටියත් ජනතාවගේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතායි. ‘ - දිනේෂ් ගුණවර්ධන මහතා
(ඡායාරූපය ලහිරු හර්ෂණ)
6.37pm මහජන එක්සත් පෙරමුණේ නායක සහ හිටපු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා රැලිය අමතයි.
6.28pm ‘උදේ ඉඳන් බයේ හිටියේ වහියි කියලා. නමුත් වැස්ස වලාහත දෙවියොත් පෙරළියක ඇරැඹුම සමඟ සිටින බව පෙනී යනවා.‘ - මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(ඡායාරූපය ලහිරු හර්ෂණ)
6.24pm මහින්දානන්ද අලුත්ගමගේ මහතා රැලිය අමතයි
6.16pm ‘චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එදා ශ්‍රීලංකා නිදහස් පක්ෂය දාලා ගියත් මහින්ද මහතා එසේ ගියේ නෑ. පක්ෂයේ සිටින පිරිසිදු සාමාජිකයා මහින්ද රාජපක්ෂ මහතායි. සමලිංගිකත්වයට කැමති අය ශ්‍රීලනිපයේ නෑ.‘ - කුමාර වෙල්ගම මහතා
(ඡායාරූපය ලහිරු හර්ෂණ)
6.13pm පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා රැලිය අමතයි.
5.54pm රිමාන්ඩ් බාරයේ සිටින විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කළ කතාවක හඬපටයක් විකාශය කරයි.
5.50pm ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් වීරකුමාර දිසානායක මහතා රැලිය අමතයි.
5.46pm රිමාන්ඩ් බාරයේ සිටින විමල් වීරවංශ මහතා වෙනුවෙන් සියලු දෙනා නැගිට ප්‍රතිඥාවක් කියවන ලෙස නිවේදකයා කීවේය.
(ඡායාරූපය ලහිරු හර්ෂණ)
5.43pm ‘රනිල් වික්‍රමසිංහ ලියූ බලගතු ශ්‍රී ලංකාවක් පොත මම කියෙව්වා. එය කියවා අවසන් වන විට හිතුනා එහි නම පරගැති ශ්‍රී ලංකාවක් ලෙස වෙනස් කළ හැකියි කියලා.‘ - වාසුදේව නානායක්කාර මහතා
5.42pm පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා රැලිය අමතයි.
5.35pm ‘මහ දවල් මහ බැංකුව කොල්ල කෑ පළමු ආණ්ඩුව මෙයයි.දූෂණ ගැන සොයන රංජන් රාමනායක පස් කැපීම ගැන හොයන්න ගිහින් ප්‍රාදේශීය ලේකම්වරියගේ හක්ක තලන බව කිව්වා. අපි කියනවා පුළුවන්නම් අර්ජුන ඇලෝසියස්ගේ කනේ එක මයිලක් හරි ගලවා පෙන්වන්න කියලා. ‘ - බන්දුල ගුණවර්ධන මහතා
(ඡායාරූපය ලහිරු හර්ෂණ)
5.30pm පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා රැලිය අමතයි.
5.20pm හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට පැමිණෙයි.
(ඡායාරූපය ලහිරු හර්ෂණ)
5.18pm ‘‘පූජිතගේ පොලිසියෙයි, ඇමෙරිකාවෙයි, ඉන්දියාවෙයි බලයෙන් ජන මතයට ඇහුම්කන් නොදී බලහත්කාරයෙන් ඉන්න අගමැතිවරයා හදනවා නම් මේ ජන ගඟ අරගෙන අරලියගහ මන්දිරයට එන්න අපි ලෑස්තියි.‘‘ - උදය ගම්මන්පිල
5.16pm පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා රැලිය අමතයි.
5.10pm ‘ළඟ එන මැතිවරණවල අන්ත පරාජය දැක දැක මෛත්‍රීපාල සිරිසේන මහතා අපිට එකතු වෙමු යැයි කියනවා.‘ - ජී ඇල් පීරිස් මහතා
5.08pm පොදුජන පක්ෂයේ නායක ජීඑල් පීරිස් මහතා රැලිය අමතයි.
5.05pm මහින්ද රාජපක්ෂ මහතා නොපැමිණි බවත්, ආරක්ෂක තත්ත්වය මැන බැලීමට කාර් රියේ ඩමියක් එවූ බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියයි.
5.02pm හිටපු ජනපති කාර් රියෙන් බැස්සේ නැත. කාර් රිය යලි ආපස්සට යයි.
5.00pm මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන බව කියන කාර් රිය වේදිකාව අසලට ආවේය.
ජායාරූපය - ළහිරු හර්ෂණ
4.59pm හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා නිවේදකයා හේතුපාට කීවේය.
4.58pm හිටපු ජනාධිපති හා වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන බව කියමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කතාව නැවැත්වීය.
4.54pm ‘එදා හිටපු ජනපති ප්‍රේමදාසට එරෙහි ජන රැලිය ඇරැඹුනෙත් නුගේගොඩින්. මෙම වසරේ ආණ්ඩුව පෙරළනවා. ‘ - ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
4.50pm ‘වත්මන් රජය සීඅයිඩිය පාවිච්චි කරමින් දේශපාලන දඩයමේ යනවා.‘- රාජා කොල්ලුරේ මහතා
4.49pm කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා රැලිය අමතයි.
4.53pm හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රැලිය අමතයි.
4.45pm රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් මත රිමාන්ඩ් බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය සහ දියණිය වේදිකාවට පැමිණියහ. පැමිණ සිටි පිරිසෙන් උණුසුම් පිළිගැනීමක්.
4.40pm ‘මහ බැංකු බැඳුම්කර වංචාව නිසාත්, එය වසං කිරීමට මහ බැංකුව ක්‍රියා කිරීම නිසාත් අපේ රටේ ආර්ථිකය ගැන ලොව පුරා අවිශ්වාසයක් ඇති වෙලා.‘- තිස්ස විතාරණ මහතා
4.38pm ලංකා සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා රැලිය අමතයි.
ජායාරූපය - ළහිරු හර්ෂණ
4.33pm ‘අද මුළු නුගේගොඩම ජන ඟගක් වෙලා. අපේ පක්ෂයේ ආශිර්වාදයත් මීට හිමි වෙනවා.‘ - ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න මහතා
4.23pm ඕෂධී හේවාමද්දුම මහත්මිය, සංජය ලීලරත්න මහතා ඇතුළු කලාකරුවන් පිරිසක් ද රැලියට එක්ව සිටිති.
4.21pm දේශ විමුක්ති ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක ගලගම ධම්මරන්සි හිමියෝ කවියක් කියමින් රැලිය අමතති.
4.19pm පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා රැලිය අමතයි
4.15pm ප්‍රදේශයට පොද වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත් අතර පිරිස කුඩ ඉහළාගෙන රැලියට සවන් දෙති.
4.10pm ‘ගොවි පුතෙක් ජනාධිපති වී සිටියදී වැඩ බැරි ආණ්ඩුව සමස්ථ ගොවි ජනතාව විනාශ කරලා තිබෙනවා. ඒ නිසා කුඹුරු කරගන්න බැරි වෙන්න දේව ශාපය වැදිලා. ‘ - රොෂාන් රණසිංහ මහතා.
4.08pm පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා රැලිය අමතයි.
4.06pm ‘මහින්ද රාජපක්ෂට කළගුණ සලකන්න කියා සැමගෙන් ඉල්ලනවා.‘ යැයි කරුණා අම්මාන් මහතා සිංහල බසින් කීවේය.
4.05pm හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ශ්‍රීලනිපයේ හිටපු උප සභාපතිවරයකු ද වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා දෙමළ බසින් රැලිය අමතයි.
4.02pm ‘‘නුගේගොඩට 5000ක් ආවොත් වලන් හෝදන්න යනවා කියා එක්කෙනෙක් කිව්වා. අපි කාන්තාවෝ එකතු වෙලා වලන් හෝදන්න යන ඔහුට අමුඩ ලේන්සුවක් දෙනවා.‘‘ - ගීතා කුමාරසිංහ මහත්මිය.
4.00pm පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය රැලිය අමතන්නීය.
3.47pm ‘‘මහ දවාලේ කඩනා අපෙ මන්තිරු.. අමන රැලක් ඉන්නවා ගොන් තකතිරු.. මහජනතාව කලබල වන විට උන් මරු.. ඕවට කියන්නේ වැඩ තකතිරු..‘‘ - කලාකරු සමන් ඒකනායක මහතා.
ජායාරූපය - ළහිරු හර්ෂණ
3.43pm ‘‘හැරවුමක ඇරැඹුම.. යමපාලනේ නැවතුම.. ලක් මවට සැනසුම.. දෙන්න ඔබගේ සුහද ඇරයුම..‘‘ - කලාකරු සමන් ඒකනායක මහතා.
3.40pm කලාකරුවකු වන සමන් ඒකනායක මහතා කවියෙන් රැලිය අමතයි.
3.37pm සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා වේදිකාවට පැමිණියේය.
3.35pm වයඹ පළාත් හිටපු මන්ත්‍රී ඩී බී හේරත් ජන රැලිය අමතයි.
3.33pm ‘මහින්ද රාජපක්ෂ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වෙනවා. - පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා.
ජායාරූපය - ළහිරු හර්ෂණ
3.30pm බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා රැලිය අමතයි.
3.28pm නාමල් රාජපක්ෂ මහතා රැලියට පැමිණියේය.ජනතාවගේ අත්පොලසන් මැද වේදිකාවට ගොඩවිය.
3.20pm ‘රනිල්, මංගල, චන්ද්‍රිකා කියන දක්ෂිනාංෂික ජුන්ටාව සහ ඔවුන්ට ආවතේව කරන අය අපේ රටේ ප්‍රධාන හතුරන් වෙලා.‘ - ආචාර්ය දයාන් ජයතිලක මහතා.
ජායාරූපය - ළහිරු හර්ෂණ
3.18pm පැරිසියේ හිටපු තානාපති මෙන්ම දේශපාලන විචාරකයකුද වන අාචාර්ය දයාන් ජයතිලක මහතා රැලිය අමතයි.
3.16pm "මේ රටේ බහුතර සිංහල ජනතාව සමඟ අද මුස්ලිම් ජනතාවත් මේ රජය ගෙදර යැවීමට මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව සිටිනවා." - ඒ එච් එම් අස්වර් මහතා.
3.14pm මුස්ලිම් ජනයා නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතා දෙමළ බසින් රැලිය අමතයි.
3.12pm ‘දේශද්‍රෝහී පාලකයන් අපේ නිජබිම කෑලි කිරීමට උත්සාහ කරනවා.‘ - ගෙවිඳු කුමාරතුංග මහතා
ජායාරූපය - ළහිරු හර්ෂණ
3.10pm යුතුකම සංවාද කවයේ සාමාජික ගෙවිඳු කුමාරතුංග රැලිය අමතයි
3.08pm රැලිය නිසා නුගේගොඩ නගරයේ දැඩි රථවාහන තදබදයක්
ජායාරූපය - අකිල බද්දේවිතාන
3.03pm "මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ තුන්වේලම බත් කෑ මිනිසුන්ට දැන් කොස්කොළ සහ ක්‍රෝටන් කොළ කෑමට සිදුවී තිබේ." - ඩබ්ලිව් එම් පියදාස මහතා
ජායාරූපය - අකිල බද්දේවිතාන
3.01pm වෘත්තිය සමිති නායකයකු වන ඩබ්ලිව් එම් පියදාස මහතා රැලිය අමතයි
2.57pm ‘යහපාලනය ආණ්ඩුව අවුරුදු දෙකයි දින 19ට රටේ ජනතාවට අපමණ අගයක් දුන්නා. හම්බන්තොටදී හාමුදුරුවරුන්ට බිම පෙරළාගෙන පහර දීමෙන් අපමන අගය පෙනුනා.‘ - රෝහිත අබේගුණවර්ධන මහතා
2.50pm පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දැඩි අපහසුතවයන් විඳ දරා ගැනීමට මාධ්‍යවේදීන්ට සිදුවිය. මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධයෙන් පසු අසුන් කිහිපයක් ලබාදිමට සංවිධායකයෝ කටයුතු කළහ.
ජායාරූපය - ළහිරු හර්ෂණ
2.48pm ඒකාබද්ධ විපක්ෂ රැස්වීමට පැමිණි බොහෝ දෙනකු අත ක්‍රෝටන් කොළ අතු තිබේ.
2.46pm "පවතින රාජ්‍ය ත්‍රස්තවාදය මෙහෙයවන්නේ පොලිස්පති." - බෙංගමුවේ නාලක හිමි
ජායාරූපය - ළහිරු හර්ෂණ
2.42pm බෙංගමුවේ නාලක හිමියෝ රැස්වීම ඇමැතීම ආරම්භ කළහ.
2.40 pm ‘පෙරළියක ඇරඹුම‘ නමින් ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩදී සංවිධානය කරන ලද රැළිය වාර්තා කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන්ට අසුන් පනවා නැත. මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් සංවිධායකයන්ට කරුණු දැක්වා සිටි නමුත් විනාඩි 40 කට ආසන්න කාලයක් පුරා විසඳුමක් නොලැබිණ.
ජායාරූපය - ළහිරු හර්ෂණ
2.31pm ‘පෙරළියක ඇරැඹුම‘ රැස්වීම ආරම්භ කරමින් වටිනාපහ සෝමානන්ද හිමියෝ පැමිණි පිරිස පංචශීලයේ පිහිටුවති.
2.29pm පොදුජන පෙරමුණේ නායක ජී ඇල් පීරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පැමිණෙති.
2.20pm මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය පාලන කාලයේදී මහින්ද රාජපක්ෂ මහතා අගය කරමින් කළ කතාවක් පසුබිමින් විකාශය කෙරේ. රැස්ව සිටි පිරිස හූ හඬ නඟති.
2.18pm හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැමිණියේය.
2.16pm මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන මහතා පැමිණ සංවිධායක කටයුතු සිදු කරයි.
ජායාරූපය - ළහිරු හර්ෂණ
2.14pm ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන රැලිය සඳහා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීටය අසල සියල්ල සූදානම් කර තිබේ.
ජායාරූපය - අකිල බද්දේවිතාන















![image-0-02-06-0e6e7f025f91-V[1]_678](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/image-0-02-06-0e6e7f025f91-V1_678.png)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හැබෑටම මේ මෝඩ මිනිස්සු නැවත මෙයව බලයට ගෙනෙන්න දඟලන හැටි? (නි)
ජාතියේ ගැලවුම්කරු, රට බේරාගත් මහා වීරයා, සිංහලයේ සිංහ රජු, මා පියවි ඇසින් දුටු තේජස් ඇති ගාම්භීරත්වය යනු කුමක්ද කියා පෙන්වා ඇති නියම රජු, නියම නායකයා, නියම චණ්ඩියා ඔබයි මහින්ද මැතිඳුනි! කළගුණ නොදත් අතීතය අමතක, නැත අමතක නොව අමතක සේ පෙන්නන ගුණමකුවන් ඔබට මොනවා කීවත් කම් නැත. ඔබට ජය මැතිඳුනි! ඔබට දීර්ඝායුෂ! ඔබට පින්! ලක්වැසි සියලු ජනතාවගේ මර බිය තුරන් කරදුන්නාට ඔබට පින්! ඔබට නීරෝගිමත් සුබ අනාගතයක් පතමි! (නි)
ඉන්න කට්ටිය දැක්කම බඩ පපුව පිච්චිලා ගියා. දැන් මෙයාලා විතරමයි අපේ රට ජාතියට ආදරේ. අනේ මගේ කට. රැස්වීම සංවිධානය කළේ ආණ්ඩුවට ගෙදර යන්න කියලද? (නි)
කළගුණ නොදත්, යමපාලනයේ වැරදි දැකත් අපේ රට බේරාගත් විරවරයාට සමච්චල් කරන පව්කාරයනි, ඡන්දයක් තියලා බලන්න රටේ මිනිසුන්ගේ ඉල්ලීම කවුද කියලා. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
මෙයා ගැන කියලා වැඩක් නැහැ. වටේම හොරු තියාගෙන බණ කියනවා (නි)
මෙතනට එන වැඩිපුර කාන්තා පක්ෂයේ අය නම් කැමති මහින්දගේ රූපයට මිසක් එයාගේ ප්‍රතිපත්ති වලට නොවෙයි. (නි)
රාජපක්ෂලා ගසාකෑවේ රටේ අසරණ මිනිසුන්ගෙන් ගසාකාපු මහජන මුදල්. ලෝකයේ හතරදික්භාගයේ බැංකු වල රාජපක්ෂලාගේ මුදල්. ලංකාවේ හතරදික්භාගයේ අයිතිකරුවන් නොමැති හෝටල්, අධිසුඛෝපබෝගී නිවාස, ඉඩම්, මර්මස්ථාන, පාසිකුඩා වල අලුතින් ඉදිකරපු හෝටල් කාගේද? (නි)
රටේ දෙපාරක් විතරයි ජනාධිපතිකම් කළහැක්කේ කියලා තියෙද්දී,තව සැරයක් ඉල්ලුවා. පැරදිලා විකාර කරන්නේ නැතුව විවේකිව සිටියා නම් හොඳයි. දැන් නිකම් සවුත්තු වෙනවා (නි)
එතකොට ඔබතුමා කියන්නෙ ඔබතුමාලගෙ කාලේ සිදුවුණ දේවල් සියල්ල නිවැරදියි කියලද? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේ මොඩ මිනිසුන්ට තේරෙන්නෙ නැති හැටි ජාතික සම්පත් /විජාතිකකරනය /ව්‍යවස්ථාව /පරගැති/බුද්ධාගම /පෙඩරල් වගේ වචන සෙට් එකක් අල්ලාගෙන මෝහනය කරන ආයෙමත් පවුල සහ මේ හොර නඩය රජවෙන්න කරන වැඩක් බව (නි)
වේදිකාවේ ඉන්න කට්ටිය දැක්කම හිනහත් යනවා. වාසු, දිනේෂ්, ඩලස්, කුමාර, මහින්දානන්ද... විලිලැජ්ජාවේ බැහැ (නි)
අපේ රටේ ජනතාව සොරකම් කිරීමට, මිනීමැරීමට බියවිය යුතු නැත. ඔවුන් රජ කිරීමට සමහර භික්ෂුන් වහන්සේලාද කැපවෙන බව මේ මොහොතේ කැපීපෙනෙන කරුණකි. (නි)
ලංකාදීප පුවත්පතට ස්තූතියි. ඉතාම හොඳ පැහැදිලි වාර්තාවක් පළකිරීම පිළිබඳව. (නි)
මම හිතාගෙන හිටියෙ මෙයා පැරදිලා ගියේ කියලා. අදයි දන්නේ විශ්‍රාම ගිහින් කියලා. ගොඩක් අය ඇවිල්ලා හිටියට වැදගත් මහත්මයෙක් නම් පේන්නවත් නැහැ වගේ (නි)
හොරෙකුට රට බාරදෙන්න තවත් හොර නඩේකට ඕනෑ වුණාට ශිෂ්ටසම්පන්න ජනතාවට නම් ඕනෑවෙන්නේ නැහැ (නි)
‘මහරජාණෙනි‘ වැනි සින්දු සාදා ඔබගේ මොළය විකල්කර ඔබට බොරු රජ පිස්සුවක් ඔලුවට දමා රජකම් කෙසේවෙතත් රටේ වගකිවයුතු අැමතිකම්, අගමැතිකම ජනාධිපතිකම දැරූ ඔබව නිකම්ම නිකම් මන්ත්‍රීකමකට ඇද දැමු හොරුන් සමඟ එකට වැඩකිරීමෙන් ඔබව කවදාහරි වැටෙන්නේ දේශපාලන කුණු බක්කියටය. ඔවුන් ඔබව ඉදිරියේදී පළාත් සභා මන්ත්‍රී කෙනෙකු, ඉන්පසු නාගරික මන්ත්‍රී කෙනෙකු කරනු ඇත (නි)
කෝ අර අතේ හංගගෙන මිරිකන වශී බෝලය? (නි)
මේවා ඇහෙද්දී අපේ ඇඟේ මාලු නටනවා (නි)
සමහරු මෙතන බුද්ධ පුත්‍රයෙක් වෙලත් අනුන්ට ශාප කරනවා දුටුවාම පුදුම හිතෙනවා (නි)
මට අලි බබා සහ හොරු හතලිහ මතක්වුණා. (නි)
මහින්දට වෙච්ච වැඩක්? (නි)
හොරු සමග හෙළුවෙන්! එක පවුලක් රජ කරන්න දඟලන හොර රැලක්! මොවුන් රජ වුණොත් මිනිසුන්ටත්, ඔය ආ අයටත් අබ සරණයි! (නි)
ඒකද පැරදිච්ච වෙලාවෙ ජනේල වල එල්ලිලා ලොකු කතා කිව්වේ, මම ආපහු බලයට එනවා කියලා. (නි)
දැනට පාර්ලිමේන්තුවේ ඉන්න සේරම හිරේ දාන්න ඕනෑ අය. රැවටෙන්න එපා එක්කෙනෙකුටවත්. ජනතාව එකතු වුණොත් හැමෝගෙම බලය සුනුවිසුනු වෙනවා. (නි)
මොවුන්ට නැවත රටේ බලය දෙන්න තරම් මිනිස්සු මෝඩ නැත. තණ්හාය ජායතී ශෝකෝ. තව ටික දිනකින් තේරේවි. (නි)
මිනිස්සු කැමති නැහැ ආපස්සට යන්න (නි)
හොඳ වැඩක්.(හේ)
කට්ටිය මොකෝ මේ බයවෙලා? මහින්ද හොරා නම් අායෙ බලයට එන්න බැරි නම් බය වෙන්න දෙයක් නැහැනේ. (නි)
අනේ පව්! (නි)
මිනිසුන්ගේ දුර්වලතා වලින් ආණ්ඩුවට මින්සුන්ගේ සල්ලි ටික අදින මේ ආණ්ඩුව වහාම ගෙදර යවන්න ඕන ඕනෑම ගෙදරක එක පිරිමියෙක් හරි අරක්කු ටිකක බොනවා සිගරට් එකක් බොනවා ලොතරයියක් ගන්නවා ඒවගෙන් මින්සුන්ගේ සල්ලි ටික ඔක්කොම අදිනවා ඒ දුරුවලතා වලින් තම මේ මේ ආණ්ඩුව සල්ලි හොයන්නේ (හේ)
ජය වේවා කියලා කියමු.(හේ)
වෙන රැලිවලත් මෙහෙම මිනිස්සු එන වේලාවල් දැම්මද..(හේ)
හූ හූ හූ... මෙන්න දවල් හීන දකිනවෝ
අනේ පව්!! එදා පැරදිලා කිව්වේ ආයේ එනවා කියලා. (නි)
ඔබතුමාට විනයක් වුණේ ඔබේම සමහරු සහ වටේ සිටි අැම්බට්ටයන් ටික. ඔබතුමා ඔවුන්වත් මෙල්ල කළා නම් ඔබතුමාට විශ්‍රාම ගන්න සිදුවෙන්නෙත් නැහැ. මේ රට කොටි හිතවතුන්ගේ පාරාදීසයක් වෙන්නෙත් නැහැ. දැන්වත් සත්‍යය තේරුම් ගන්න (නි)
දේශපාලකයෝ කියන්නේ, එකක් සිතන, ඊට වඩා වෙනස් එකක් කියන, ඒ දෙකටම වඩා වෙනස් දෙයක් කරන අමුතුම සත්ව කොට්ඨාශයක්.(හේ)
කොන්ද පණ නැති ලක්ෂ හැටදෙකට වඩා ඔතන ඉන්න දහදාහ වටිනවා. ඒ තමයි ශක්තිය පෙන්වන හැටි. කවුරුත් ඔය ඇඟවල් වල මාළු නටවාගන්න ඕනෑ නැහැ. කොස්කොල නම් ගම්වල ඕනෑතරම් තියනවා කන්න. හැබැයි දැන් ක්‍රෝටන් කොළ නම් ඉස්සර වගේ දකින්න නැහැ. ඒ නිසා තණකොළ කෑවට කමක් නැහැ. (නි)
අලි බබා සහ ඔය හොරු 40 රවටන්නේ මේ මොළසුන් මිනිස්සු නේද..? (නි)
මෙතන තමයි මොවුන්ට හොඳම තැන. මෙතන උපරිම ඉන්න පුළුවන් 10000. (හේ)
මේ කට්ටිය හොරකම් කරපු සල්ලි තියාගෙන ඡන්ද දිනන්නද සැරසෙන්නේ? මේ කතා අහන්න එන්නේ නැහැ මිනිස්සු (නි)
සැබෑ මාධ්‍යවේදියෙක් නම් අසුන් කුමටද? (හේ)
මෙතුමා මොනවා කියවනවද මන්දා (නි)
වැඩක් වෙන්නේ නෑ ඔය මොන දේ කරත්.(හේ)
මේ රංග පීඨයට ලොකු සෙනඟක් නම් දාන්න බැහැ .(හේ)
පිස්සු දොඩවනවාද? කොහෙද විශ්‍රාම යන්න ගියේ? ඔයා පැරදිලානේ ගෙදර ගියේ (නි)
දැන් ඉතින් ආප්ප නොකාම තව කීදෙනෙක් යූඑන්පී එකට එකතුවෙයිද දන්නේ නැහැ. (නි)
බලයට එන්න හදන්නේ ඇයි කියල්ලා තේරුම් ගනිල්ලා මිනිසුනේ! (නි)
කරපු දේවල්වලට ළඟ ලඟම, දඬුවම් ලැබෙන බව දැනෙන උදවියයි ඔය වැඩියෙන්ම සද්දේ දාන්නේ. ඔය පුස් වෙඩි විතරයි. (හේ)
මේ මිනිසුන්ට ලැජ්ජා නැති හැටි? (නි)
අලි මදිවට හරක් කිව්වලු. විශ්‍රාම නෙමෙයි, ජනතාව එලවලා දැම්මා (නි)
හිටපු ජනාධිපති තුමාට ජයම වේවා !! (හේ)
හොරකම් කලත් කළගුණ සලකන්නද කියන්නේ? මගේ හිතේ කලින් පාර කළගුණ සැලකුවා (හේ)
බළලා මල්ලෙන් එලියට. (හේ)
වරද මහින්ද මහත්තයාගෙ නෙමෙයි, වටේ ඉන්න හොරු නඩයේයි (නි)
ජයවේවා!! (හේ)
මේ අයගේ ජොබ් එක ඕක තමයි. පව් අර අහිංසක මිනිස්සුත් රැවටිලා ඉතින් ඔය සාපයම ඇති මේ ජාතියට රටට වෙන විනාසෙට (හේ)
ඔය තිබෙන්නේ වැඩ මේවා දැක්කම ගොඩක් අය ආප්ප කාලා මේ පැත්තට පනීවි (හේ)
හරි දැන් කට්ටියම අඩිරුලයි පැන්සලයි අරන් කොටු ගහලා ගණන් කරන්න අපු සෙනඟ ගාන (හේ)
එතකොට මේ... බස් කීයක් විතර 117 පාරේ නවත්තලා තියෙනවද? (හේ)
ඔබතුමා මන්ත්‍රීකමක් නොගෙන විශ්‍රාම ගියානම් තමාගේ ගෞරවය රැකගෙන ඉන්න තිබුනා. (නි)
නොනැවතී ඉදිරියට යන්න අපේ සුබ පැතුම් (හේ)
මිනිස්සු ආයමත් ඕවට රැවෙටෙනවා.(හේ)
හිටපු ජනාධිපතිතුමාට තේරේවී දැන්වත්.(හේ)
මමත් මහින්ද මහත්තයාට කැමති (හේ)
අලුත් හොරකමට, දූෂණයට එරෙහි පරණ කම්බ හොරු (හේ)
දැන් වැඩක් වෙන්නේ නෑ.(හේ)
ජය වේවා.(හේ)
රටක ප්රජාතන්ත්රවාදය කියන්නේ බහුතරයේ ඡන්දයෙන් ආණ්ඩුව පත්වීම. ඉතින් මෙතනට කොටසක් ඇවිත් ඉන්නවා. මෙතනත් මතයක් නියෝජනය වෙනවා. එ්ත් බහුතරයේ මතය මෙතනට ආපු අයගෙන් කියන්න බැහැ. මීට වඩා ජන ප්‍රසාදය තියෙන වෙලාවකයි පැරදුනේ. හිතේ අමාරු යන්නත්, කම්මැලිකම යන්නත්, ජනප්‍රියතාව තියා ගන්නත්, ඊටත් වඩා තමුන්ලාට එරෙහි පරීක්ෂණ යට ගහගන්නත් ඡන්ද නැති කාලෙක මීටින් තියනවා. (නි)
ජය වේවා (හේ)
මිනිස්සු රැවටුන කාලේ ඉවරයි.(හේ)
ආයෙත් අපි රැවටෙන්නේ නෑ (හේ)
මෙයාට ඉල්ලගෙන කන්න කියාලා කවුද කිවුවේ? (නි)
කොමන්ට් දැක්කම පේනවා ගොඩක් අය බය වෙලා කියලා (හේ)
බස් වලින් තමයි මිනිස්සු එන්නේ..නැති නම් පයින් එන්නද කියන්නේ දුර පලාත්වල ඉදන්..සෙනඟ නෑ කියන්නේ හිතේ දුකට..ඉන්න තරම ඇති..(හේ)
කට්ටිය සෙනඟ දැකලා ගොඩක් කලබල වෙලා වගෙයි. තාමත් හොරකමක් ඔප්පු කරගන්න බැරුව රටට වැඩක් කරපු මනුස්සයට ගරහන ගුණමකු ජාතියක්.. (නි)
රටක් වටින මිනිස්සු දේශපාලනේ කරපු රටක් ලංකාව. මැරෙනකොට සමහර දේශපාලකයන්ගෙ බෑන්ක් එකවුන්ට් වල තිබුනේ රුපියල් 2000 - 3000 විතරයි. ලාංකීය දේශපාලන නරාවළ පිරිසිදු කරන්න, බැහැපු අතීත හොඳ දේශපාලකයෝ කීප දෙනෙකුගේ ඇඟේ මඩ ගෑවුණු එක විතරයි වුණේ. (නි)
කෙලිහි ගුණ නොදන්නා මිනිසුන් අතර කෙලිහි ගුණ දන්නා මිනිසුන් අපේ රටේ ඉන්නවා ජයවේවා (හේ)
අනේ මේවට අපි මොනවට උත්තර දෙනවද (නි)
අනේ මහත්තයෝ, ඔය වගේ දේවල් කියන්න කලින් පොඩ්ඩක් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා, පහුගිය කාලේ කළ කී දෑ සම්බන්ධව පොඩි ආවර්ජනයක් කරලා බලන්න. (නි)
ගොඩක් අය මේ රැස්වීමට ඇවිත් නෑ වගේ.(හේ)
කොහොමද වටේ ඉන්න අය..? මේ අයට බලය ඕනෑ ඔවුන්ගේ වංචා හොරකම් යටගහන්න, තව හොරකම් කරන්න (නි)
ජය වේවා (හේ)
මහින්ද මහත්තයා හැමදාම රැවටුනේ සෙනඟ දැකලා. මෙතනත් අමුතු කට්ටියක් නැහැ. පහුගිය කාලේ පුරාම බස්වලින් රට වටේම ගිහිල්ලා පිට්ටනි පුරවපු ටිකම ඉන්නවා. මේ සෙනඟ දැකලා කරපු හොරකම් වලට දඩුවම් නොදී හිටියත් මේගොල්ලන්ට ස්වභාව ධර්මයෙන් හරි දඩුවම් ලැබේවි. (නි)
රට බේරාගත් නායකයාට ජයවේවා! (නි)
මොනා කිව්වත්, කොහොම කිව්වත් පරණ අයට අලුත් බලපත්‍ර දෙන්න එපා.(බ)
පසුගිය ඒවට වඩා සෙනග අඩුයිනෙ. මහින්ද මැතිතුමාගෙ ජනප්‍රියත්වය පිරිහිලා වගේ. (බ)
ජයවේවා....! මිනිසුන්ට මතක නැහැ මහින්ද මහත්තයා නිසා අද අපි සතුටින් ඉන්නේ කියලා. (නි)
යහපාලන ආණ්ඩුව වැඩ ඉතින් කටින් විතරයි (හේ)
ලංකාවේ මිනිස්සු මේතරම් මෝඩද? මේවා දැක්කම මේ මිනිස්සු මොනතරම් අදීන ජාතියක්ද කියලා හිතෙනවා. අපේ මිනිසුන්ට මොළයක් නැද්ද මේ වගේ මිනිස්සු පස්සේ යන්න.. (නි)
තියෙන්නේ රංග පීටයේ නිසා මේකත් රඟපෑමක් වෙන්න ඇති (හේ)
ආ ඇත්තද?(හේ)
ඇයි එන්න කිව්වට ආවේ.(හේ)
ජය වේවා. හිටපු ජනාධිපතිතුමාට මේ රජය පෙරලීමට අවශ්‍ය ශක්තිය ලැබේවා (හේ)
මේ පල් හොරු රෑනක එකතුවක් බව ඔය කියන ප්‍රතිඥාව තුලින් පැහැදිලියි. (නි)
පවුලේ ඉන්න අය කිට්ටු කරගෙන කරපු හරිය මදිද? (නි)
යම පාලනය භංග වේවා . මහින්ද මැතිදු ඇතුළු ජාති හිතයිෂී දේශමාමක සැම දිනේවා! තෙරැවන් සරණයි !!! (බ)
රටම විකුණන්න මාන බලන , ජනතාවට පිදුරු කවන යහපාලන ආණ්ඩුව අවසන්කරන්න මෙය හොද ඇරඹුමක් සිංහල ජනතාව ලෝකෙන්ම අතුගාල දාන්නයි සමලිංගික විවාහ නිතිගත කරන්නේ ,මොකද ළමයි හැදෙන්නේ නැහැ සමලිංගිකයන් අතර. ...ගණිකා වුර්තිය නිතිගත කරන්න දගලන්නේ "ඒඩ්ස් වගේ " දරුණු රෝග වලදී සිංහලයින් මොලොවින් තුරන්කරන්නයි (බ)
වෙන මුකුත් නෙමෙයි බල ලොබ කමයි මේ.(හේ)
මෙයා දැන් වේදිකා වල අදෝනා තියනවා. පැරදුනු අපේක්ෂක සරත් ෆොන්සේකාව හිරගෙදර යැව්වා. අද මෙතනට ඇවිත් ඉන්නේ හොරු 40 ත් එක්ක. යහපාලන ආණ්ඩුව ගැනත් මට තරහයි මේතරම් පාච්චල් වෙන එකට. (නි)
තාම බල ලෝබ කම ගිහින් නෑ.(හේ)
දුක තමයි (හේ)
හිටපු ජනාධිපති රටට කරන ලොකුම සේවය , විශ්‍රාම අරගෙන ගෙදරට වෙලා ඉන්න එක (බ)
රාජපක්ෂලා රටේ ධනස්කන්දය ගසා කාලා ලෝකයේ "හතරදික්බාගයේ" බැංකු පුරවපු විදිහට රටේම අයට හිඟකන්න සිද්ධ නොවුණේ අපේ මැදපෙරදිග වහල් වැඩ කරලා ලංකාවට එවන විදේශ විනිමය නිසා. (නි)
කාපුවා මතක් වෙනකොට විශ්‍රාම ගන්න තියා නින්ද යන්නෙත් නැහැ ඕයි. (බ)
තණ්හා, ආශා, ලෝබ,ද්වේශ,මෝහ වලින් දේශපාලකයන්ට ගැළවෙන්න බැහැ (නි)
ඔබතුමා විවේක ගන්න තරමට රටට හොඳයි (නි)
ඔය බේගල් අහන්න කියලම තමන්ගේ කාලය නාස්තිකරගෙන බලාගෙන ඉන්න අය ඉන්නවානේ තවම (බ)
දුෂණයට වංචාවට එරෙහිව කෑගහන්නේ කවුද කියලා බැලුවම මේ අපේ රත්තරන් මහත්තයනේ.... අනේ අනිච්චං! අායෙත් එන්න හදන්නේ රටට ආදරේටද? (නි)
කවුද විශ්‍රාම ගියෙ මෙයා පැරදිලා ගෙදරගියා මිසක්. (බ)
මේ අයගේ බොරු වැඩ.(හේ)
හොඳ කලත්, වැරදි කලත් ආණ්ඩු ගෙදර යවන්නේ ජනතාව, මෙයා වගේ සාස්තර කාරයෝ කියන දේ අහලා කලින් ඡන්දයක් තිබ්බොත් ජනතාව සලකා බලයි, නැත්නම් ආණ්ඩුව 2020 වෙනකම් ඉඳියි.(හේ)
මේ අදහස් වල හැටියට ගොඩක් අය හිටපු ජනාධිපතිතුමාව හොඳට අඳුරන අය වගේ. (නි)
රටේ හතරදික්බාගයේ තිබෙන "නිධන්" වලට නම් විවේක ගන්න ලැබුනා. (නි)
ඔබතුමා විවේක ගත්තනම් හරිනේ.(හේ)
මෝඩයන්ගේ රාජධානියේ හොරු කවදත් රජවරුන්ය.ජනතාවගේ මෝඩකම හොරුන්ගේ වාසනාවට හේතුවී ඇත.දුෂිතයන්ට මල්මාලා පැළඳවීමෙන් අපි කවදා ඉවත්වෙමුද? අන් විශ්‍රාමික නායකයන් විවේක ගන්නත් මෙතුමාට එය නොලැබෙන්නත් හේතුවක් තිබිය යුතුය. බල තණ්හාව කළ වැරදිවලින් තමනුත් ගැලවී තම ගෝලයනුත් ගලවා ගැනීමේ උත්සාහයක් නිසා බවකි අපට පෙනෙන්නේ.(හේ)
ඔය ඉතින් ඒකාබද්දෙට ඉන්න ඔක්කොම ටික තමයි.(හේ)
ඔබාමා වාගේ අය තමයි විශ්‍රාම ගියේ, ඔබ පැරදුනු ජනාධිපති කෙනෙක්...(හේ)
ජගත්, සමන්, ඔයාලා අද ඔය ලොකු කතා කියන්නේ එයාලා යුද්ධය ඉවර කළ නිසා. නැත්නම් බලන්න තිබ්බා කොටින්ට බයේ ඉන්න හැටි. කළගුණ නොදත් අයට දෙන්න ඕනෑ ක්‍රෝටන් කොළ නොවෙයි තණකොළ (නි)
හොරු රැල ආයෙත් එකතුවෙලා රට කන්න වගේ හදන්නේ. මේ හොරුන්ට දඬුවම් දෙන්නේ නැති එකේ වරද තමයි මේ. (නි)
පුවත ඉදිරිපත් කර ඇති ආකාරය ඉතාම හොඳයි (නි)
දැන්වත් ගෙදර ගිහින් රෙස්ට් කරන්නකෝ පාරවල් ගානේ රස්තියාදු වෙන්නේ නැතුව. අපිට පුදුම ආදරයක්නේ තියෙන්නේ (නි)
හිනා යනවා හලෝ මේවට අපිට (නි)
කම්බා හොරු දකිනකොටත් තරහයි! (නි)
හොරු ටික ගානට සෙට්වෙනවා තව පරම්පරා ගානක් හම්බ කරන්න! (නි)
හරියට අපි එයාව අල්ලගත්තා වගේනේ කතාව (නි)
ඔන්න අායෙත් පටන්ගත්තා (නි)
ලැජ්ජා නැද්ද මන්දා මෙහෙම බොරු කියන්න? ජනතාව මොහුව ගෙදරම ඇරියා කියන දෙය මොහුට අමතක වෙලා (නි)
මහින්ද මහත්තය හැරුනුකොට ඔය වෙන එක් කෙනෙක්වත් වැඩක් නැහැ. මෙයාලට ඡන්දෙ දීපු අපිට තමා හැමදාම වැරදුනේ. (නි)
යහපාලන ආණ්ඩුව ගෙදර යවමු. ජය වේවා! (නි)
අපි ඔබතුමාට කිවුවද ආයෙත් දේශපාලනය කරන්න කියලා? (නි)
ඒත් ඉතින් මෙයාය කොහෙන්ද එච්චර සල්ලි? (නි)
අපරාදේ! වැඩේ නා ගත්තා. මොකක්හරි අමාත්‍යංශයක් අරගෙන නැවතත් වැඩක් කරලා පෙන්වන්න ප්‍රේමදාස හිටපු ජනාධිපති වගේ. නැතුව අතන මෙතන කෑකෝ ගහ ගහ ගියාට වැඩක් වෙන්නේ නැහැ (නි)
ජනාධිපතිකම දෙවරක් හොඳටම ඇති. ඒ ඒ කාලෙට අලුත් නායකයින් බිහිවුණොත් හොඳයි. එවැනි ක්‍රමයක් හින්දා තමා රාජපක්ෂ මහතාටත් ජනාධිපති විය හැකිවුයේ. ලැබිච්ච වරමෙන් අනවශ්‍ය පැත්තකට ගිය හින්දා තමා දෙවැනි වාරය ඉවර වෙන්නත් කලින් ජනාධිපතිකම අහිමි වුණේ. තව තවත් නම කැත කරනොගෙන අලුත් නායකයින්ට උපදේශක වැනි කටයුත්තක යෙදුනොත් හොඳයි වගේ. (නි)
මේ කාලෙවත් ගෙදරට වෙලා නොඉඳ කරන විහිළුවක්? (නි)
ජයවේවා!! ඔබසැමට තෙරුවන් සරණයි!!!! (නි)