කොළඹ විශාඛා විද්‍යාලයේ සියවස් සැමරුම නිමිත්තෙන් මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම කථානායක කරු ජයසූරිය මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (16) එම විදුහලේ දී සිදු කැරිණි.
තැපැල් නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර මහතා අතින් මුල්දින කවරය හා මුද්දරය විශාඛා විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොළ මහත්මියට පිරිනැමිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පාසලට දරුවන් ඇතුළත් කරන්න මව්පියන් මුදල් ගෙවන්න වුණත් සූදානම්. එම මුදල් රජයට අරගෙන අනිත් පාසල් දියුණු කරන්න බැරිද. (නි)
ආදී විශාකා දියණියක් විදියට හරිම ආඩම්බරයි. (ර)
ලංකාවේ තමයි මෙහෙම දේවල්. දියුණු රටවල මේවා නැහැ. (ර)
අශිකාට මේ පාසලට යන්න ලැබුනා නම් ඔහොම කියනවාද ? මේ පාසලෙන් ඉගෙනගත් සිසුවියන් බොහොමයක් දියුණු රටවල උගතුන් ලෙස වැදගත් රැකියා කරනවා. ඔබේ පාසලට අවුරුදු සීයක් පිරුනදාට නම් ඔහොම කට කැඩිච්ච කතා කියන්න එපා හොඳේ. (ර)
ලංකාවේ ඇති කීර්තිමත් පාසලක්. ඔබට සුබ පැතුම්! (නි)
නගරෙට කිරි පැණියි, කැකිරියි උතුරනවා. දුෂ්කර පැතිවල පාසල් වැහෙනවෙ. ඊර්ෂ්‍යාව නොව සාධාරණය ගැනයි අපි කියන්නේ. (නි)
ඈත වන්නියේත්, සීතල හිමේත් මේ වගේ සිය ගණනක් විශාකාවන් තියනවා. දියවන්නාවේ ඇත්තන්ට ඒවා පෙනෙන්නේ නැද්ද? ඒවාට ඉංග්‍රීසි උගන්වන්න ගුරුවරු පත්කරන්නේ නැද්ද? ගමට ඉතින් කැකිරිම තමයි. අනේ! කැකිරි කකා වතුර බිබී පාසල් යන අපේ ළමයි.... (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
අවුරුදු 100ක් පිරුණු ගම්බද පාසල් වලට මුද්දර නිකුත් කරන්නේ කවුද.? (ර)
අශිකා සමග මාද එකගයි. (ර)
අපේ මිනිසුන්ගේ කුහකත්වය උතුරනවා කියලා පේනවා සමහර අදහස් වලින්. (නි)
අශිකා කියන්නේ ඇත්තක්. මේ තමයි විෂමතාවය. අවුරුදු 100ක් පිරුණු ගම්බද බොහෝ පාසල් තියෙනවා. ඇයි ධනවතුන්ට පමණක් ඇරුණු කොළඹ පාසලකට විතරක් මුද්දර නිකුත් කරන්නේ? (ර)
හැම පාසලකම උගතුන් වගේම සමාජයට අයහපතක් කරන පුද්ගලයොත් බිහිවෙනවා. එක ආඩම්බරයට කාරණාවක් නොවෙයි. ලංකාවේ වැසීගෙන යන පාසල් තියෙනකොට .. තමන් ගිය පාසැල අවුරුදු 100ක් තිබුන එක ගැන ආඩම්බර වෙන්න ඕනි... (ර)
බොහෝ උදවිය ට මේ පාසල ගැන කුහක තරහක් ඇතිවී තිබෙන්නේ තමන්ට හෝ තමන්ගේ ළමයකුට මේ පාසලේ ගැනීමට නොලැබීමයි. අපිට නම් කියන්න තිබෙන්නේ ඔබලා ඉගෙනගත් පාසල් වල කුහක කම නරක බව උගන්වා නැත කියලයි . (ම)
මේ පාසල ගැන සමහරු අමනාපයක් ඇති කරගෙන තිබෙන්නේ කිසිම තේරුමක් නැතිව. ඔය හැමෝම ආදී සිසුන් ලෙස තමන්ගේ පාසල් වල දියුණුවට උදව් කළා නම් කොච්චර අගේද ? එතකොට අනුන්ගේ ඉස්කෝලේ උත්සව දැකලා බර බර ගාන්න වෙන්නේ නැහැ. අපි නම් පිටරට ජිවත් වෙන ගමනුත් අපේ පාසලේ දුප්පත් දරුවන්ට ඉගෙන ගන්න උදව් කරනවා. (ර)
ඕනෙම ආයතනයක් සියවසක් සැමරීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙවැනි සැමරීම් වලට රාජ්‍ය අනුග්‍රහය දැක්වීමෙන් වෙන්නේ, පාසල් අතර පරතරය වැඩි වීමයි. මේ පාසල් අතර පරතරය තමා අද ශිෂ්‍යයන් ඇතුල් කිරීමේ තරගය ඇති කරලා තියෙන්නේ. අද රජයට ඇති වගකීම වන්නේ රටේ පාසල් අතර ඇති පරතරය නැති කිරීමයි. (ර)
විශාකා ඉගෙනගත්තේ කියලා මගුල් දැන්වීම් වල දාන්නත් ලොකු ආඩම්බරයකින් (ම)
සමහරු හිතන පතන විදිය හරි වෙනස් කියලා අදහස් වලින් පේනවා (නි)
කහට කෝප්පය බිලා සෙරෙප්පු දෙකක් නැතුව අවම පහසුකම්වත් නැති පාසල් වලට යන දරුවන් ලක්ෂ ගණනක් ලංකාවේ සිටිනවා. ඒ පාසල් වලටත් රාජ්‍ය අනුග්‍රහය දක්වලා මුද්දර නිකුත් කරනවද (නි)
තමන්ට කරන්න ශක්තියක් නැහැ කියලා මේ පාසල් වලට ඊර්ෂ්‍යා කරන එක වැරදියි (නි)
විශාඛාව සදා දිනේවා! (නි)
අශිකා, ඔබගේ අදහස සත්‍යයි. එ්ත් ලංකාවේ සමහරකට ඒ ගැන තේරුමක් නැහැ. (නි)
කියන්න වචන නැහැ. රටේ කරන්න වැඩ දහසක් තියෙද්දී මේ උත්සව වලට වියදම් කරනවා. (නි)
පළමුවෙනි වසරට ළමුන් ඇතුළත් කරගැනීම පිළිබඳව මෙවර අනුගමනය කළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් උත්සවයක් තැබීම සුදුසුයි නේද? රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුත්තේ එයටයි. අනේ! කියන්න වචන මට නැහැ. (නි)
අවුරුදු සියය සපිරෙන හැම පාසලකටම මුද්දරයක් නිකුත් කරනවා නම් හොදයි.(ම)
ගමේ හැම පාසලකටම සම රාජ්‍ය අනුග්‍රහය දිය යුතුය. එවාගේ ඉන්නෙත් මේ වගේ දරුවෝ (ම)
අරවින්ද හරියටම හරි. රජයේ පාසලක් නම් සියල්ල එක වියයුතුයි. මොකද හැම එකේම ඉගෙනගන්නෙ අපේ ළමයි. අනික ලංකාවේ බිහිවෙච්ච ඔක්කොම උගතුන් බිහිවෙලා තියන්නේ ඔය කියන සුපිරි පාසල් වලින්ද? (නි)
තර්ස්ටන් එකේ හිතාදර මිත්‍ර පාසලක් හැටියට විෂකාවට සුබ පතන අතර අනිත් අයට කියන්න තයෙන්නේ, ගමේ වුණත් අපිත් අාසයි දැනගන්න අවුරුදු 100ක පාසල් ගැන. ඔයාලත් සංවිධානය කරන්න වැඩසටහන්. උනන්දු වෙන්න එවැනි පාසල් රටට ලෝකෙට හඳුන්වාදෙන්න. ආරාධනා කළොත් ඇමතිවරු වුණත් එයි (නි)
මේක පහේ ශිෂ්‍යත්වයෙන් පිට පළාත් වල ළමයින් ඇතුළත්වෙන රජයේ විද්යාලයක්නේ. මෙහි දියුණුවට ආදි ශිෂ්‍යාවන් බෙහෙවින් උදව් කරනවා. රජයෙන් හැමදේටම උදව් කරන්නේ නැහැ. බොහොමයක් උදවියට ලොකු තැනකට ආවාට පසුව තමන්ගේ ඉගෙනගත් පාසල අමතක වෙනවා. හැමෝම තම තමන් ඉගෙනගත් පාසලට සුළු වශයෙන් හෝ උදව් කරනවා නම් අසවල් පාසල ලොකුවට උත්සව ගන්නවා කියා කලබල වෙන්න ඕනෑ නැහැ. (නි)
සමන්ත.ඒවල ඉන්නේ දුප්පක් කිසිම දෙයක් කර කියා ගන්න බැරි දුප්පත් අයගේ දරුවන්නේ. (බ)
කොටහලු මගුල් වගේ තමයි.. පට්ට ගෝත්‍රිකයි.. අර කෝට්ටේ සීඑම්එස් එකට අවුරුදු 100 වුණේ අපි පොඩි කාලෙදි.. කෝ මුද්දර.. (ම)
මම අහල තියන විදිහට විශාකා කියන්නේ ඉස්සර අරක්කු මුදලාලි කෙනෙක්ගේ අතිරික්ත ධනයෙන් එතුමගේ බිරිද ආරම්භ කරපු පාසලක් (බ)
මමත් 5 ශිෂ්‍යත්වය සමත්වෙලා ජනප්‍රිය පාසලකට විත් දැන් විධායක රස්සාවක් කරන්නේ. නමුත් අද මම හිතන්නේ මම මහජන මුදලින් අනෙක් අයට වඩා පහසුකම් ලැබූ නිසා වැඩිපුර රටට ණය බවයි. මම වාගේ දක්ෂ අයගෙන් වැඩ පෙන්වලා පාසල් බැබළෙන එකෙන් අපට වඩා උදව් අවශ්‍ය අයට අසාධාරණයක් වෙන බව වැටහෙනවා. ඔය ලොකු පාසලක් එක අවුරුද්දක් හරි 5 ශිෂ්යෙත්වයෙන් 100 ට අඩු ළමයි අරගෙන ඔය හපන්කම් කරලා පෙන්නුවොත් මුළු රටම පිළිගනීවී. ආශිකා සමඟ මම එකඟයි. (නි)
විශාකා ඉගෙනගත්තේ කියලා ගොඩක් අය කියන්නෙත් ලොකු ආඩම්බරයකින් (නි)
ජනප්‍රිය පාසල් වලට මෙවැනි සැළකීම කිරීමේ වරදක් නැහැ. නමුත් ගම්බද දුෂ්කර පාසල් වල කොපමණ අඩුපාඩු තිබෙනවද. සමහර පාසල් වල ඩෙස් බංකු නැහැ. ළමයින් වාඩිවෙන්නේ බිම, ගස් යට. ගොඩනැගිලි අබලන් වෙලා. සමහර ළමයි පොල් අතු මඩු වල. මේ ළමයින්ටත් අනිත් ළමයින්ට වගේම පහසුකම් සළසනවා නම් කොයි තරම් හොඳද? (නි)
විශාඛාවට සියවස පිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් ගම්බද පාසලකට විද්‍යාගාරයක් සාදා දුන්නා නම් කාටටත් සතුටුයි. විශාඛාවටත් ආඩම්බරයක් (නි)