IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


විශාඛාපට්නම්හි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට

(ද හින්දු ඇසුරිනි - 125)

ඉන්දියාවේ ආන්ද්‍රාප්‍රදේශ් ප්‍රාන්තයේ  විශාඛාපට්නම් නගරයේ  සිදුවු රිය අනතුරකින් ලොරියක ගමන් ගත්  ශ්‍රී ලාංකික තරුණයෙකු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි. මෙලෙස මිය ගොස් ඇත්තේ සුබ්‍රමනියම් ගනේෂ් නැමැති විසි හය හැවිරිදි පුද්ගලයෙකි. 

මොහු රිය අනතුර සිදුවූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.ඔහු කාලයක පටන් එම ප්‍ර දේශයේ පදිංචිව සිටි අයෙකු බැව් පැවසේ. මෙම ලාංකිකයා සමඟ අදාළ ලොරි රථයේ ගමන්ගත් තවත් ඉන්දීය ජාතිකයින්  තිදෙනෙකු රිය අනතුරෙන් මියගොස් තිබේ.

ලාංකිකයා ඇතුළු සිව්දෙනා ගමන්ගත් සිමෙන්ති පැටවූ ලොරි රථයක් වංගු සහිත ප්‍රදේශයකදී රියදුරුට පාලනය කරගත නොහැකිවීමෙන් මාර්ගයේ අසල පිහිටි වෙළඳ සලක හැප්පීමෙන් පසුව එම රථය පෙරළි ගොස් අනතුරට ලක්ව ඇති බවද සඳහන්ය.
අනතුරෙන් පසුව ලොරි රථයේ රියදුරුට තුවාල සිදුවී නොමැති අතර ඔහු වහා එම ස්ථානයෙන් පළාගොස් ඇතැයි සඳහන් වේ. මෙම රිය අනතුරෙන් ශ්‍රී ලාංකිකයා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. තවත් තිදෙනෙකු එම අනතුරෙන්  තුවාල ලබා රෝහල් ගත කර තිබේ.



අදහස් (0)

විශාඛාපට්නම්හි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site