
(සිතුම් චතුරංග)
වවුනියාව නගර සභාවේ සෙන්කෝලය කිසියම් පුද්ගලයකු සොරකම් කොට ඇති බවට එහි ලේකම්වරයා පොලිසියට පැමිණිල්ලක් කළ බව වවුනියාව පොලිසිය කියයි.
සෙන්කෝලය අස්ථානගතවීම සම්බන්ධයෙන් නගර සභාවේ ලේකම් අරසරත්නම් බාලකිරුබන් මහතා වවුනියාව පොලිසියේ විවිද පැමිණිලි අංශය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භකර ඇති බව පොලිසිය පැවසීය.
නගරාධිපතිවරයාට එරෙහිව සිදුකළ විමර්ශනයකදී දූෂණ සහ අක්‍රමිකතා සිදුකර තිබීම හේතුවෙන් නගරාධිපතිවරයා පසුගිය 24 වැනිදා ධූරයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කළ අතර එදින මෙම සොරකම සිදුව ඇතැයි ලේකම්වරයා පොලිසිය වෙත කළ පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd