(ඩයනා උදයංගනී)
ආධුනික කාලයේදී විවාහ වීම හේතුවෙන් සේවය අත්හිටුවනු ලැබූ පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීමට තීරණය කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
නීතිය, සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යාංශ මහජන සහන දිනයේදී මෙම නිලධාරීන්ට මුහුණදීමට සිදුව ඇති මානුෂීය ගැටලූ පිළිබඳව ඉදිරිපත්වීමෙන් පසු අමාත්‍ය සාගල රත්නායක මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට කර ඇති ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙස මොවුන්ට යළිත් සේවයට එක්වීමේ අවස්ථාව ලැබී ඇතැයි ද එම මූලස්ථානය සඳහන් කරයි.
ඉතා කෙටි කලක් තුළ මෙම නිලධාරීන් යළි සේවයට බඳවා ගැනීමට නියමිත බව ද පොලිස් මූලස්ථානය පවසයි.
උපපොලිස් පරීක්‍ෂකවරුන් තිදෙනකු, පොලිස් කොස්තාපල්වරුන් 132 දෙනකු, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 13 දෙනෙකු සහ කොස්තාපල් රියදුරුවරයෙකු මෙම පිරිසට ඇතුළත් බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ආධුනිකයෝ නෙවෙයිනේ? පළපුරුදු කට්ටියනේ? ඒක නිසා ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ.
මෙය ඉතාමත් හොඳ මානුෂීය පියවරක්.
විවාහය නිසා රැකියාව අහිමි වූ නිලධාරීන්ට සේම යුධ සමයේ අසීමිත සේවයක් කර දැනට සේවය අතහැර යාමේ නියෝග ලබා සිටින නිලධාරීන්ටද නැවත රැකියාව ලැබිය යුතුයි