ජනප්‍රිය ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය අද උදේ අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 86 වැනි වියෙහි පසුවූවාය. ඇය ගායිකාවක ලෙස ක්ෂේත්‍රයට පිවිසයේ අට වැනි වියෙහි පසු වෙද්දීය.
දුර පේන තැනි තලා, නවතින්න තිස්ස, සම්බුදු මංගල්ලේ, බුදු මගුල ළඟම ඒවී, මා සංඝබෝධි ස්වාමිනේ, මගේ ලක් කුමරි, මේ පින්බිමේ, නංගි නංගි රූපිකා, නිදි යහනේ ඇයිද ශෝක සිතින්, රොන් සුවඳ මල් වසන්තයේ, සිංහ කොඩිය ඉහළ නඟී වැනි ගීත රැසක් ඇය විසින් ගායනා කරනු ලැබ තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ ගායන ක්ෂේත්‍රය වෙනුවෙන් කළ අද්විතීය මෙහෙර වෙනුවෙන් අවස්ථා කිහිපයක දී ඇය ඇගයීමට ලක්වූවාය.
ඇගේ දේහය තලාහේන සමනල මාවතේ අංක 162/15 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට නිවන් සුව පතමි
සිංහල සංගීත ක්ෂේත්‍රයට මෙතුමිය කල මෙහෙය ශ්‍රේෂ්ටය. මෙතුමියට අජරාමර නිවන් සුව පතමි.
ඔබේ පවුලේ සැමට මගේ අවංක කනගාටුව පලකරමි. මා දන්නා කිසිවෙක් ඔබ වටා ඉන්නවාද නොදනී. සමහර විට වික්ටර් අයියගේ ළමයි ඉන්නවනම් මතක ඇති සිතමි. විවියන් අපි පුංචි කාලේ එකට සින්දු කීව. කය නැති වුවත් ඔබ නැතිවේ නැත අපට.. සිත් සැනසීමට ඔබ කල සේවයට මෙත්. කමල නංගී.
ලංකාවේ පලවෙනි ස්වතන්ත්‍ර ගීතය තමා දුර පෙනෙන තැනිතලා ගීතය.. එතුමිය 1947දි එක ගයන කලේ... ඔබතුමියට අමාමහ නිවන් සැපත හදවතින් ප්‍රර්ථනා කරමි...