මෙවර උසස්පෙළ ප්‍රතිඵවලින් වව්නියාවේ ගණිත අංශයෙන් පළවැනියා වී ඇති සිසුවිය ගිය වසරේ ඔක්තෝම්බර් 11 වැනිදා කුරුණැගලදී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇත.
වව්නියාව රම්බෙයිකුලම් පදිංචි සත්‍යනාදන් සිවදුර්ගා සිසුවිය වව්නියාව රම්බෙයිකුලම් බාලිකා විදුහලෙන් 2016 වසරේ උසස්පෙළ විභාගයට ගණිත අංශයෙන් මුහුණ දී ඇති අතර ඇගේ කොළඹ ඥාතියකුගේ නිවසකට ගොස් එමින් සිටියදී රිය අනතුරට ලක්ව ඇතැයි පවුලේ ඥාතීහු කියති.
ඇය මියගොස් මාස 3කට පමණ පසු උසස් පෙළ ප්‍රතිඵල පැමිණි අතර වව්නියාව දිස්ත්‍රික්කයේ ගණිත අංශයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ඇයටයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කනගාටුදායකයි (බ)
අනේ මේ දක්ෂ දරුවට දෛවය ඇයි මෙහෙම කළේ, හරිම දුකයි (බ)
මේ ප්‍රවෘත්තිය දැක්කහම පපුව අැදුම් කනව වගේ දැනුනා.(රේ)
ඉතාම කණගාටුදායක පුවතක් .මේ දරුවා ගෙනාපු ආයුෂ ඉවර ඇති. (රේ)
හරිම කණගාටුඉ ,, ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරානවා (රේ)
දෙමව්පියෝ මේ වගේ දුකක් කොහොම උහුලනව ඇද්ද ,ගොඩක් පව් දක්ෂ වටිනා ළමයෙක්නේ රටට නැතිවෙලා තියෙන්නේ(රේ)
ඉතාම කණගාටුදායක පුවතක්. ඔබ දියුණුකළ කෞශල්‍ය ලබන ආත්මෙදි ඔබට පිටු වහලක් වේවි.(රේ)
හදවත කීරි ගැහෙන ප්‍රවෘත්තියක්. මොනතරම් බලාපොරොත්තු තියෙන්න ඇතිද. අම්ම තාත්ත.... මොන දුකක්ද. අැයි දෙයියනේ කාලකන්නි ඉන්දැද්දී අසරණයන්ටම හෙණ වදින්නේ.....(බ)
කවදාද මේ දුක්මුසු රිය අනතුරු ගැන අහලා ඉවරයක් වෙන්නේ? හැමදාම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා විතරයි. අඩු ගානේ නොසැලකිල්ලෙන් දරුවන් යට කර මරා දමන රියැදුරන්ටවත් මීට වඩා දැඩි දඬුවම් ලබා දී ඒවා ප්‍රසිද්ධ කරන්න. (බ)
හරිම කනගාටුදායකයි (බ)
නිවන් සුව (බ)
දුවට මොක් සුව පතමි (බ)