‘යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජනාධිපතිට කියා දෙන්න මම කැමතියි. ලබන ජනවාරි පළමු වැනි දා මා සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස එතුමාට අභියෝග කරනවා. එන්න මා සමඟ විවාදෙට. මම කොළ කෑල්ලක්වත් අතේ නැතිව ඊට එන්නම්. ‘ යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද බලපිටියේ දී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා රෑ ආප්ප කාල යද්දී ඒ වගේ එකක් කරලා උසස් විදියට යන්න තිබුනනේ හොරෙන්ම ගියේ. (නදී)
මම නම් හිතන්නේ මේක ඉල්ලන් කෑමක් වගේ වෙයි කියලයි (නි)
මංජු ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෙම කෙනෙකුට තරඟ කරන්න පුළුවන්. අනික තවත් අවුරුදු දෙකක්ම ජනාදිපති දුර කාල තියෙද්දී මේ ජනපතිවරණයක් තියන්නේ. පුද්ගලයා කෙබදුද කියන එක වැදගත් නැ විවාදය අනිවාර්යෙන්ම බාර ගන්න ඕනා. වේදිකාවල කෛවාරු ගහැව්වට වැඩක් නැ අනිවාර්යෙන්ම මහජනතාවට අදහස් දැන ගැනීමට තිබෙන අනගි අවස්ථාවක්. (නදී)
මේ වගේ අයට වටිනා ඡන්දය පාවිච්චි කරද්දී දෙපාරක් හිතන්න කියලා මම ඉල්ලනවා. දන්නවද වෙන රටවල මිනිස්සු ලංකාවේ සංවර්ධනය මොනතරම් අගය කරනවද කියලා.කළගුණ සළකන්න. ඔබට ජය වේවා. සුබ අනාගතයක්! (නි)
ඇත්තම කියන්න සිරිසේන මහත්තයෝ ඔය කිව්වට කකුල් වෙව්ලනවා නේද. (නදී)
දනගහලා වඳියිද ? (නදී)
දැන් ඉතින් මොන විවාදද අනේ? (නි)
මධුක, ගුත්තිල මුසිල සමකාලීනයෝ නොවන්නේ කෙසේද? ඔවුන් දෙදෙනා එක වේදිකාවේ වීණා වාදනය කළේ සමකාලීනයෝ නිසා නොවෙයිද? අවසානයේදී සිදුවුණේ කුමක්ද? (නි)
අපි වෙනත් රටවල ජනපති අපේක්ෂක විවාද දැකලා තියනවා යු ටියුබ් එකෙන්. ඒ වගේ නම් කමක් නෑ. (නදී)
ජනාධිපතිතුමා වසර 2 කට කලින් ඡන්දය තියන්න තීරණය කළේ අපරාදේ කියලා මට හිතෙනවා (නි)
මෛත්‍රී මහතා මේ ගමන නම් වැඩේ වරද්දාගනීවි කියලා මටත් හිතෙනවා (නි)
ඇමරිකාව වගේ රටක ප්‍රසිද්ද මාධ්‍යකින් විවාදයක් තියන්න ඕනේ රටේ ජනතාවට දැනගන්න. එතකොට ලග තිබෙන ෆයිල් ටිකත් නම් ගම එක්කම ගන්න පුළුවන් හොරා කලා තිබෙන්නේ කව්ද කියා (නදී)
ජයලත්, මිලානෝ පාලිත, එතකොට කුඩු මාෆියාව, එතනෝල් මාෆියාව පේන්නේ නැද්ද ඔබ දෙපලට (නදී)
අන්න නියමයි. තැන තැන මඩ ගහන්නේ නැතුව මුහුණටම අහන්න පුළුවන්නේ. එන්නකෝ විවාදෙට. (නි)
මෛත්‍රී මහතා දිනවමු! (නි)
කට්ටියට බයවෙලා වගේ.බලන්නකෝ 8 වෙනිදායින් පස්සේ.... (නි)
මෛත්‍රීට ටික කලකට පස්සේ මේ කියපු දේත් අමතක වෙයිද දන්නෙ නැහැ. (නි)
කොහොම වුණත් මෛත්‍රී පාලනයකට රට යටත්විය යුතුමයි. එහෙම නොවුණොත් දෙවි පිහිටයි ශ්‍රී ලංකා! (නි)
පාලිත මහින්ද මහත්තයො, ඊට පළමු ලංකාවට එන්න. මිනිස්සු ජීවත්වෙන විදිය බලන්න.රට ඉන්න ඔබතුමාලා අවුරුද්දකට පාරක් අැවිල්ලා මාසයක් විතර අනිත් අයට සෝබනේ පෙන්නලා ගියාට අපියි ලංකාවේ ජීවත්වෙන්නේ (නි)
මහින්ද මහත්තය ෂුවර් එකටම විවාදයට එනවා. එතුමා දේශපාලනයෙන් බොහෝ තෙම්පරාදු වුණ නායකයෙක් කියලා කවුරු දන්නෙ නැතිවුණත් අපි දන්නවා. (නි)
රජය කිසිදා සජීවී විවාදයක් ලබාදුන්නා කියා මට නම් මතක නැහැ (නි)
බටහිර යුරෝපයේ සහ ඇමරිකාවේ විරුද්ධ පක්ෂ දෙකේ නායකයන් දෙදෙනා එකම වේදිකාවක මුළු රටටම දැකිය වන සේ නිදහස් මාධ්‍ය වලින්, රූපවාහිනී නාලිකා වලින් දෙදෙනාම අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. ඔවුන්ගේ අනාගත සැළසුම් කියනවා. අපේ ලංකාවේ එසේ සිදුවන්නේ නැහැ (නි)
සමහරු කතා කරන්නේ මේ රටේ දැන් දස රාජ ධර්මයෙන් වැඩ සිද්ධවෙනවා වගේනේ (නි)
සන්වානි , අධි නීතිඥකම ගැන තවම දන්නේ නැහැ වගේ. කොයි කාලේද ඉපදුනේ? (නි)
වාදයට ආවොත් කුමක් සිදුවේද? (නි)
ගුත්තිල මුසිල කතාවට මේක සමාන කරන්න එපා. මේ දෙන්නා ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් දෙදෙනා විතරයි. බොහෝ රටවල කෙරෙනවා අවසාන සති දෙකේ මෙවැනි විවාදයන්. ජනතාව ඇහුම්කන් දෙනවා. මුහුණට මුහුණ විවාදය ඉතාමත් කාලෝචිතයි. (නි)
යහපාලනය ගැන තේරෙන්නෙ නැහැ කියලා කියන උදවිය පාසලක් අසළින්වත් නොගිය අය වගෙයි (නි)
මේක නිර්භීතකමක්ද? මේ වගේ කෙනෙක් එක්ක වාදයකට ජනාධිපතිතුමා එන එකක් නැහැ කියලයි මම නම් කියන්නේ. (නි)
දේශපාලනයේදී කළගුණ සැළකීම වැදගත් නැහැ යාළුවනේ! (නි)
එතුමාට ඕවාට වෙලාවක් තියෙයි කියලා මම හිතන්නේ නැහැ. (නි)
මේ වගේ විවාදයක් බලන්නත් ආසයි. (නි)
අතිගරු ජනාධිපතිතුමන්ට ජයවේවා!! (නි)
ජනාධිපතිතුමා මෙයට ඉදිරිපත් වී තමන් ඇතිකරන්න යන ඉදිරි අනාගතය ගැන රටට පැහැදිලි කිරීම හොඳයි නේද? (නි)
සමහර අය මොළය උඩද වාඩිවෙලා ඉන්නේ කියලා හිතුනා. පළමුව බලන්න වීඩියෝ එකේ කියන්නේ මොකක්ද කියලා. තීරණාත්මක මැතිවරණයක් මේක. (නි)
ජයලත්, තමන්ගේ පැත්තේ ඇහේ පරාළ තියාගෙන අනුන්ගේ ඇහේ රොඩ්ඩ හොයන්න යන්න එපා. (නි)
ගුත්තිල මුසිල කතාව දන්නා අය දන්නවා ගුත්තිලට උදවුකළේ කවුද කියලා (නි)
මේක හරියට ඊයේ පෙරෙයිද මාර්ගඵල ලබලා ප්‍රාතිහාර්ය පාන්න හදනවා වගේ කියලයි මට නම් හිතෙන්නේ. බුදුහාමුදුරුවොත් සීමාවන් පැනෙව්වා අත්‍යවශ්‍ය නොවෙන විට ප්‍රාතිහාර්ය පාන්න එපා කියලා. බලමු අට වෙනිදාට කාටද පුළුවන් කියලා ප්‍රාතිහාර්ය පාන්න. (නි)
අපේ ජනාධිපතිතුමා වගේ සිංහයෙක් එක්ක අනෙක් අයට මොන විවාදද? (නි)
ජයවේවා මෛත්‍රී! (නි)
විවාදයට ආරාධනා කළ හැටි හොඳයි. ඒත් කොල කෑල්ලක්වත් නැතුව විවාද කරන්නෙ කොහොමද? මොනවාහරි ඔප්පු කරන්න කිව්වොත් හිතට එන ඒවා කියලා හරියන්නේ නැහැනෙ. ඔය විවාදෙ කවදාවත් වෙන්නේ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ (නි)
පාලිත මහින්ද මිලානෝ, ඔයා මොනවා කරන්නද ඉතාලියේ ඉඳලා? ලංකාවේ පාලනය ඔච්චර හොඳ නම් එන්නකෝ සුන්දර ලංකාවට.මිනිස්සු රවටන්න එපා (නි)
හැබැයි අර ෆයිල් ටිකත් අරගෙන එයි හොඳේ (නි)
අපි ඔබ ගැන ගොඩක් කළකිරුනා මහත්තයෝ (නි)
ඔහුගේ තරම හොඳට පෙනෙනවා (නි)
සිරිසේන මහත්මයා කියන කතාවෙත් ඇත්තක් තියනවා. රටේ මිනිස්සුත් මෙතුමාට අවස්ථාවක් දීලා බලන්න ඕනෑ කියන දේවල් කරනවද කියලා.කොච්චර ඡන්දය පරාද වුණත් කවදාවත් විපක්ෂය ජනතාවට දොස් කියලා නැහැ. පොඩ්ඩක් හිතන්න (නි)
හිතන්න මිනිසුනේ! (නි)
නිමල්ගේ ඉහත අදහසට ඌන පුරණයක් කරමි. මැතිවරණය සහ ඉන් ජයගෙන මොනම හෝ පාලන ඒකකයකට යාම දක්වා වූ ක්‍රමවේදය මන්ත්‍රීකම නමැති රැකියාවකට යාමය. සාමාන්‍ය රැකියාවකදී ආයතන සංග්‍රහ අණපනත් යටතේ වයස සහ අවම සුදුසුකම් යනුවෙන් කොටසක් ඇත. ඒ අනුව රැකියා වලට සුදුස්සෙකු පත්කර ගැනීම සිදුකෙරේ. නමුත් රටක පාලනය සඳහා උසස්ම තනතුරක් වන මන්ත්‍රීවරුන් සඳහා කිසිම සුදුසුකමක් බලන්නේ නැත. එය සාධාරණ නැත. උගතුන් පිරිහී යාම නිසා පාර්ලිමේන්තුව පිරිහෙන්නේය. එහෙයින් අත උස්සන්නට පමණක් පාර්ලිමේන්තු ගිහින් උගතුන් පරදවා හරිහම්බ කරන දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුය. අඩුම තරමේ තරඟ වදින සියල්ලන්ටම තිබිය යුතු අවම අධ්‍යාපනික සුදුසුකම අපොස (උ.පෙළ) වත් සමත්වීම අනිවාර්ය කළ යුතුය. (නි)
සජීවගේ කතාවට මාත් එකඟයි. ජනාධිපතිතුමා හැමාදාම ජනාධිපති වුණත් අපි කැමතියි. (නි)
මෙතන අදහස් දැක්වීම් කියවනවිට බොහෝ දේ හිතෙනවා (නි)
අපේ ජනාධිපතිතුමා වගේ සිංහයෙක් එක්ක මොන විවාදද? (නි)
මෙයාලා වීණා වාදනය කරන්න හදනවා. දත් ගලවන්න උත්සාහ කිරීහ කෙසේවෙතත් ඒ ගමන්ම තත් ගළවාගන්නයි හදන්නේ. (නි)
නියම අවස්ථාවක්.මේ වගේ විවාද ඇමෙරිකාව වගේ රටවලත් තියෙනවා.ජනාධිපතිතුමා මේකට එනවා නම් හොඳයි. ජනතාවට දෙන්නාගෙන්ම ප්‍රශ්න අහලා විසඳාගන්න පුළුවන්. (නි)
මම නම් හිතන්නේ අභියෝගය බාරගන්නවා (නි)
මම නම් කියන්නේ කීයටවත් එන්නේ නැහැ (නි)
මොලේ තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා රජය පරාද වෙන බව. 51% ගන්න බැහැ. දිනන්න නම් හොර කරන්නම වෙනවා (නදී)
මේක කොහොමද ගුත්තිල මුසිල කතාවට සම කරන්නේ ? එහෙනම් ඉතින් තව තව අයත් ඔය කතාවම කියාවි එයලගේ ගෝලයෝ සම්බන්ධයෙන්. (නි)
මම නම් කියන්නේ එතුමා එන්නේ නැහැ (නි)
යහපත් ප්‍රවේශයක්. කරුණු සහිත විවාදයක් බලාපොරොත්තු වෙමු (නි)
මඩ ගහගන්නවට වඩා වීවෘත විවාදයක් කරණ එක හොඳයි (නදී)
විදෙස් රටවල සිට අදහස් දමන අයට අද ලංකාව ගොඩක් හොඳයි. ඔවුන්ට වසරකට වරක් නිවාඩුවකට එන්න තැනක් තියෙනවා. වාහන කුලියට ගන්න පුළුවන්. යන්න අධිවේගී මාර්ග තියෙනවා. ලංකාවේ ඉන්න බහුතරයකට එදාවේල කන්න නැහැ. එමනිසා විදෙස් වල ඉන්න අය අදහස් දමනවිට ලංකාවේ ඉන්න බහුතරයක් වන දුප්පතුන් ගැනද හිතා බලන්න. තමන්ට තියෙන ආර්ථික මට්ටම ලංකාවේ ජීවත්වන සැමට තිබුනොත් හොඳයි කියලා හිතන්න පුරුදුවෙන්න. (නි)
විවාදයක් හොඳයි යහ පාලනයට කලින් රටේ ආරක්ෂාව ගැන කතාකරන්න (නදී)
යශෝධා, අපි හරි පරිපාලනය ඉගෙනගත්තේ සුද්දන්ගෙන්. ඒක අමතක කරන්න එපා. දැනටත් පරිපාලනය හොඳ නැහැ කියන්නේ කොයිකාලේ පරිපාලනයට සංසන්දනය කරලද? මෙදාසැරේ ජනාධිපති වුණොත් යහපාලනය ඇතිකරනවා කියන්නේ යහපාලනයක් නැති නිසා නේද? (නි)
රට හදන කෙනෙකුට ඉඩ දෙමුද ? (නදී)
ඔය ආරාධනාව හෝ අභියෝගය එකට ආප්ප කනකොටම කරන්න තිබුනනේ. එතකොට ඔය එඩිතරකම තිබුනේ නැද්ද ? ජනධිපතිවරණය ප්‍රකාශ කළේ නැත්නම් මෙතුමා තවමත් ආණ්ඩුවේ. (නි)
මට නම් හිතෙන්නේ දැන් තත්ත්වය බොහොම තීරණාත්මකයි (නි)
ලියනගේ, අන්තර්ජාලයට ගිහාම ගොඩක් දේ බලාගන්න පුළුවන්. (නි)
ජයලත්, තව කට්ටිය ඉන්නවා. ඇයි ඒ ගැන කතා නොකරන්නේ? (නි)
බයයි නේද ? (නදී)
බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික සංවිධානයේ කතාකළෙත් කොල කෑල්ලක්වත් අතේ නැතුව. කථිකයෙකුට කරුණු තිබෙනවා නම් කතකරන්න කොල කෑලි උවමනා නැත. (නි)
එහෙම කියන කියන පිළියට එතුමා එන්නේ නැහැ. (නි)
ඔය බාහිර දේවල් වලට අපේ අදහස් වෙනස් කොරන්න බැහැ නේද? (නි)
එහෙම විවාදයක් දකින් ආසයි (අ)
මෛත්‍රී නම් නියම නායකයෙක්. ඒ වගේම වැරදි දේ වැරදි විදියට දකින කෙනෙක්. (නි)
ජිවිතේට එන්නේ නැහැ (නදී)
මහත්තයා, බලාගෙන හොඳේ. කට හින්දලු මාළුවා නහින්නෙත් (නි)
ඔය යහපාලනය ඉල්ලන්නේ කොහොම අයද කියලා අපි දන්නවා (නි)
අර අත්සන් කරපු ගිවිසුම් ටික මතක ඇතුව අරන් එන්න (නදී)
ඉතාම හොඳ වැඩක්. අභියෝගය බාරගනී කියා සිතනවා (නි)
මේ ජනාධිපති වෙන්න හදන කෙනෙක්ද කියලා පුදුමත් හිතෙනවා. තමන්ව උපරිමය දක්වා ඉහළට යන්නට උදවු කළ, ගුරුවරයෙක් මෙන් මඟපෙන්වූ තම පක්ෂ නායකතුමාට අභියෝග කරන්නට තරම් තත්වයට පත් වූ කෙනෙකු රටක නායකයෙකු ලෙසට පිළිගන්නට මහජනයා සුදානම් නැහැ. (නි)
අනේ මෛත්‍රී ඔයාට යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියල දුන්නේ රාජ්‍ය නොවන සංවිධානද අැමරිකාවද? (නදී)
මොනව කතා කරනවද පොදු අපේක්ෂක තුමෝ මොලේ තියෙන ඕන කෙනෙකුට පුලුවන් ජනාධිපති තුමා අහගෙන ඉන්නවා නම් ආණ්ඩුවේ වැරදි අගමුල කියල දෙන්න. (නදී)
ඉස්සෙල්ලා ගිවිසුම් දැන් විවාද, අනේ මන්දා. ඔය හැම දේටම ජනතාව අට වෙනිදට බුද්දිමත් පිළිතුරක් දේවි මෙයාලට. (නදී)
ඔබතුමාට තියෙන්නේ යන්න (නි)
ඇත්ත නරියා කවුද සිංහයා කවුද කියල තේරුම් යයි විවාදෙට එනවා නම්. (නදී)
ගුත්තිල මුසිල කතාව වගේ. අවසානය හිතාගන්න බැහැ (නදී)
එතුමා එයි කියලා හිතනවද? (නි)
මේ අපේ සිරිසේන මහත්තයාද මහින්ද මහත්තයාට විවාදයකට කතාකරන්නේ? (නි)
නිර්භිත කම අගයනවා වගේම එවැනි නිර්භිතකමක් ජනධිපතිතුමටත් ඇති බව දන්නා නිසා එය බාර ගනු ඇති. දෙන්නටම අපේ සුබ පැතුම්.(හේ)
ගරු ජනාධිපති තුමනි අපි ඔබ සමගයි කරුණාකර අභියෝගය බාරගන්න.(හේ)
විවාදයකින් ඔබ දෙපලගේ හැකියාව කිසි දිනක මනින්න බැහැ.(නදී)
බන්ඩෝ, මහත්තයෝ ඔබතුමා හරියටම ' පර්සි ' ගැන කිවුවා.ටීවී එකෙන් කෑගැහුවාට මිනිහා විවාදෙට පස්සගහනවා. (අ)
මෙය දේශපාලනය ජාත්‍යන්තර තලයට ගෙනයෑමක්ද වියහැකියි. ජනපතිතුමනි, බය නැතුව මේක පිළිගන්න (නි)
කියක් ඔට්ටුද අභියෝගය බාරගන්නේ නැහැ.(හේ)
ගරු ජනපතිතුමනේ අපිත් ඔබ සමග ඉන්නවා. එක නිසා නොබියව අභියෝගය බාර ගන්න. ජනවාරි 9 වෙනිදට නැවතත් ඔබ අපේ ජනපති. අපි කාලගුණ හොඳට දන්නවා. සිංහලයට හැමදේම ටික දවසයි මතක. ජය වේවා. සුබ අනාගතයක්.(හේ)
ඔවු විතාන ,අනාගත ජනාධිපතිතුමා තමයි විවාදයකට කතා කරන්නේ.(හේ)
ඉතා හොඳ දෙයක් එහෙම විවාදයක් ඇති වෙනවා නම් . (හේ)
බලමු අභියෝගේ බාර ගනීද කියලා. මෛත්‍රී ඔබතුමා නම් නියම නායකයෙක්. ඔබට ජය නියතයි.(හේ)
එන්නේ නැහැ කියලයි මම හිතන්නේ.(හේ)
ෂා.නියමයි මෛත්‍රී මැතිතුමා.බලන්ගියාම නියම වීරයා මෛත්‍රී මැතිතුමානේ.බලමු මෛත්‍රී මැතිතුමාගේ අභියෝගය මහින්ද මහතා පිළිගනිවිද කියලා.(හේ)
අභියෝගය බාරගන්නේ නෑ..(හේ)
ගරු හිටපු ඇමතිතුමනි, යහපාලනය ගැන කතාකරන්නෙ කාගේ යහපාලනය සමඟ සංසන්දනය කරලද? (නි)
ඔය හැමෝගෙම දේවල් බලන්න පුළුවන්නේ විවාදයක් තිබ්බා නම්. මේක හොඳ අභියෝගයක්. (නි)
මම නම් කියන්නේ එන්නේ නැහැ යහපාලනයක් තියෙනවා කියලා ඔප්පු කරන්න බැරි නිසා. (නදී)
මම නම් හිතන්නේ නැ ජනදීපති අභියෝගය බාර ගනීවී කියා.මෛතිපාල මැතිතුමාට ජය වේවා.(හේ)
ලියනගේගේ කකුල්දෙක ගැහෙන්න ගත්තා වගේ මේ පුවත දුටු විට. (නි)
මම නම් කියන්නේ සාධාදාරන ඡන්දයක් තිබ්බොත් මෛත්‍රී මහත්තයා දිනන එක වළක්වන්න බැහැ. ඒක ස්ථිරයි. (නි)
ඔට්ට්ටුයි එතුමා කවදාවත් විවාදයකට එන්නේ නැහැ, ඇවිල්ලා මොනවා කියන්නද, මේ ඉතිහාසේම අපි දැකල නැහැ එතුමා එහෙම ඇවිල්ල තියෙනවා, (හේ)
ජනපතිතුමනි, ඔබතුමා යන්න එපා. (නි)
බොළඳ වැඩක් .(හේ)
අභියෝගය බාරගන්නේ නැතිවුණොත් නම් ඔන්න අපිටත් හිතන්න වෙනවා (නි)
හරි නේද වැඩේ .තව අවුරුදු දෙකක් යසට ඉන්න තිබුනා එක දැන් ඉතින් හීනයක්.(හේ)
පුළුවන්නම් අභියෝගය භාර ගන්න අපි බලාගෙන ඉන්නවා.(හේ)
සුභ සහ යස ඒ වගේම ගුත්තිල සහ මුසිල වැනි කතා අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තා. ඒ එදා එවැන්නෝ සිටි නිසා පමණක් නොවෙයි. අනාගතයේදී එවැන්නෝ හමුවන බව තේරුම් ගන්නටයි. මේ එවන් අවස්ථාවක්. හරි ලැජ්ජයි මහත්තයෝ.(හේ)
ශිරන්ති දුකට බොලඳ කතා කියනවා. (නි)
ජානක දුකටද ඔහොම කියන්නේ? (නි)
කවුරු දිනුවත් පැරදුනත් මේ වගේ වැඩ දියුණු දේශපලනයේ ලක්ෂණයක්.(හේ)
මොකක්ද අනේ මේවා. චන්ද්‍රිකා නෝනා අමාරුවෙන් හොයාගත්තු පොදු අපේක්ෂකයා තමන් විසින් රට වෙනුවෙන් කරන්නේ මොකද්ද කියල ලියපු පිටපත අතට ලැබෙනතුරු වේදිකාවල අපට කියන්නේ ගැලරිය පිනවන කතා. උදාහරණ නොදී මේ ටික පමණක් කියන්නම්. බුද්ධිමතුන් මේ ගැන නිහඬව විමසිල්ලෙන් ඉන්නවා. (නදී)
බොහෝ දෙනෙක් තමන්ගේ නොදැනුවත්කම පැහැදිලි ව පෙන්වීම තමයි සිදුවී තිබෙන්නේ. යමෙක් විවාදය යනු මොකක්ද කියලවත් දන්නේ නෑ. ග්‍රාම නිලධාරි සහ නීතිඥ දෙදෙනාගේ කාර්යභාරය නොදන්නා අයත් නොදන්නා අධිනීතිඥ කමක් පටලවාගෙන තිබුනා . හුණු පෝරණුවේ දැවෙන සියලුදේ ඉවතට ගන්නේ අළුහුණු කියා මිස හුණු ,දර අළු,කියා නොවේ. (නදී)
ජනපතිතුමනි , එන්න දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. අභියෝගය බාර ගන්න. නැත් නම් සොරි තමා. (අ)
ලොව දියුණු රටවල, විශේෂයෙන් මැතිවරණ කාලවලදී, මෙවැනි වාද, විවාද සංවාද පවත්වනවා. එවන් විවාදයක් දෙකක් පවත්වනවා නම් ඇත්ත වශයෙන් ම ඉතාමත් හොඳයි. (අ)
මම නම් හිතුවේ ඔබ තුමා ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ඉගෙන ගත්තේ ජනාදිපති තුමාගෙන් කියලා හිටන්.හෝඩියේ පන්තියේ කතා කියන ඔබ තුමා නායකත්වයට සුදුසු නැහැ . (අ)
ජනාධිපති කෙනෙක් එන්න අවශ්‍යද තමා යටතේ හිටි ඇමති කෙනෙක් සමඟ වාදයකට? දැන් නාවොත් කියයි බයට ආවේ නැහැ කියලා. (නි)
පරණ ග්‍රාම සේවක මහත්තයෙකු හා අධිනීතීඥයෙකු අතර විවාදයක් දකින්න ලැබෙන දුර්ලභ අවස්ථාවක්. (අ)
ජනපතිතුමනි, විවාදයට එන්න. මීට පෙර දෙවතාවක්ම ඔබතුමාට මෙවැනි ආරාධනා ආවා, පසුගිය මැතිවරණ වලදී. නමුත් ඔබතුමා පැමිණියේ නැහැ. බලමු මෙවර එනවද කියලා (නි)
ජනාධිපතිතුමා මෙම කතාවට කන්නොදෙන බව දන්නා නිසයි මෙහෙම අභියෝග කරන්නේ. නමුත් එතුමා නිකමට හෝ එකඟ වුවහොත් අනිවාර්යයෙන්ම සිරිසේන මහත්තයා කියනදේත් මම දන්නවා (නි)
කටින්ද කියන්නේ ලජ්ජා නැතිකම....අාප්ප කාපුවිදිහ මතක් කර ගන්න පුළුවන්...ජනාදිපති තුමනි ඔබට ජය..(අ)
ලංකාවේ මුල්වරට පක්‍ෂයක් කඩාගෙන කෙනෙක් එළියට ගියාට පස්සේ කී දෙනෙක් එක එක පැතිවලට පැන්නද? නමුත් මෙහිදී වැදගත් වන්නේ ප්‍රතිපත්ති මූලිකව ඒ දෙය කරනවා නම් තමයි. වඩා වැදගත් ප්‍රතිපත්ති මූලිකව විවාදයකට එළඹෙන එකයි. නැතුව මඩ ගසාගැනීමක් බුද්ධිමත් ජනතාවකට වැදගත් වන්නේ නැහැ. කෙසේවුවද ලංකාවේ දේශපාලන සදාචාරය තවමත් බුද්ධිමත් නොවේ. එය තවමත් වල්වැදුනු මඩ ගොහොරුවකි. එය පිරිසිදු කළහැක්කේ බුද්ධිමත් මහජනතාවගේ නිවැරදි තීරණයන්ට පමණි. පළමුව දේශපාලනයට පිවිසෙන සෑම කෙනෙකුටම අ.පො.ස. (සා. පෙළ) සමත්වීම අනිවාර්යය කළයුතුය. (නි)
පිටරටවල කරන්නේ මේ ක්‍රමය තමයි. (අ)
කොල නැතුවම ආවත් ලෙහෙසි වෙන එකක් නැහැ. හැබැයි අතරමඟ විවාදය නවත්වන්නත් බැරි නැහැ.සැමට දැන්වත් දෙනෙත් පෑදේවා!!!!! (නි)
මම හිතන්නේ නැහැ ජනාධිපතිතුමා මෙයාගේ තත්වයට වැටෙයි කියලා. (අ)
අනේ මොකක්ද ඔය යහපාලනය කියන්නේ? අපිට නම් ඕවා තේරෙන්නෙ නැහැ (නි)
මෙෙතිුපාල මහත්තයො ඊට ඉස්සෙල්ල ජනතාවට කියන්න තමන්ගෙ සහෝදරයන් හාල් මාපියාව..ගල්..වැලි.මාපියාව කැලෑ මාපියාව..රජරට විනාස කරන ඵකට උත්තර බදින්න වෙයි...(අ)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
සෙත්මි, විතාන, ජානක, බමුණු ආරච්චි, වීරසිංහ, සුජිත් ,මොහාන්, උමන්දා, සිරිපාල, පුලුවන් නම් එවන්න. මොනවද ඔට්ටු එන්නේ නැහැ. (නි)
මෛත්‍රිපාල සිරිසේන මහතා කියපු සමහර දේවල් වලට පසුව කිවුවේ " එහෙම දෙයක් කිවුවේ නැහැ" කියලයි. ඒ නිසා මේ කතාවටත් අවසානයේ කියන්නේ ඒකම වෙයිද දන්නෙ නැහැ. (නි)
එතුමා එනවා ,ඔබතුමා විශ්වාස නැහැ (අ)
මොනවා සාකච්ඡා කරයිද දන්නෙ නැහැ. (නි)
ජයලත් මහත්මයා කිව්වා වගේ මෙෙතිුපාල මහත්තයො ඊට ඉස්සෙල්ලා ජනතාවට කියන්න තමන්ගෙ සහෝදරයන් හාල් මාපියාව..ගල්..වැලි.මාපියාව කැලෑ මාපියාව..රජරට විනාස කරන ඵකට උත්තර බදින්න කියන්න..... ගරැ ජනාධිපති තුමනි අප ඔබ සමගයි. (අ)
යහපාලනය කතාකළ හෙළ උරුමයේ තුන්දෙනෙකුට වුණ දේ මතක්වුණා (නි)
අපේ ජනාධිපතිතුමා එක්ක කාටවත් හැරෙන්නවත් බැහැ. (නි)
මේ පාරත් වැරදුනොත් හැමෝටම කන්න වෙන්නේ බත් නෙමේ පස්. (නදී)
බලමු අභියෝගය බාරගනීද කියලා. මෛත්‍රී, ඔබතුමා නම් නියම නායකයෙක්. ඔබට ජය නියතයි. (නි)
මේ උඩ අදහස් දාලා තිබෙන සමහර අය වෙතයි. ගුත්තිල මුසිල කතාව මෙතනට අදාළ නැහැ. මහින්දත් මෛත්‍රීත් සමකාලීනයෝ. (නි)
සමන්ත.ඔබගේ අදහස හරියට හරි. (නි)
දැනට රටට කරලා තිබෙන සංවර්ධනය හොඳටම ප්‍රමාණවත්. (නි)
කාගෙන්ද දැන් මේ විවාදයට මෛත්‍රී මහත්තයා උපදෙස් ගන්නේ? (නි)
එන්නේ නැහැ.ඒක ඉර හඳ වගේ විශ්වාසයි. (නි)
මොනවා කියන්නද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)
ජනාධිපතිතුමා එන එකක් නැහැ (නි)
ජනපතිතුමනි, අභියෝගය බාරගන්න (නි)
ලංකාවේ බහුතරයකට ආසන්න පිරිසක් මෝඩයි. දේශපාලකයන්ට කෙලෙහි ගුණ සලකන්න ඡන්දෙ දෙන මෝඩයෝ. අමුතුවෙන් සලකන්න දෙයක් නෑ අවුරුදු දෙක තුනකින් පරම්පරා දෙක තුනකට හම්බු කරනවා. අපි කරන්න ඕන මතු පරපුර ගැන හිතල ඡන්දය පාවිච්චි කරන එක. ඒ නැතුව මේ අයගේ බොරුවලට අහුවෙලා තවත් රට විනාශයකට ඇද දාන එක නොවේ. (නදී)
අපි 9 වෙනිදටම බලමු (නි)
එයි කියලා තමයි බය ඇවිල්ලා මොනවා කියන්නද? (නදී)
මොනවද මේ කතා (නදී)
දැන්නම් වෙනසක් ඕන.(හේ)
මෙතන සමහරු දාලා තියන එවා දැක්කම හිනා යනවා. විවාදයකට අභියෝග කිරි හෝඩියේ වැඩක්ලු. එහෙනම් ඉතින් දේශපාලන වැඩසටහන් නවත්තනන් වෙනවා. අනික මේවා සංවර්ධිත රටවල නිතර සිද්ද වෙන දේවල්. ඔබාමත් මේ වගේ වාදවලට හිටියානේ. ඇමරිකාවේ විවාදය තිබ්බේ විශ්ව විද්‍යාලයක. ඔවුන් දරන මත විවාදයකදී ජනතාවට හොදින් ග්‍රහණය කරගන්න පුලුවන්. වේදිකා දෙකකට වෙලා වලං බිදිනවාට වඩා ඒක හොදයි. (නදී)